කුරානයේ ඇති විශේෂත්වය කුමක්ද? (What is special about the Quran?)
අල් කුරානය ලොව තිබෙන අන් කිසිම ග්‍රන්ථයකට වඩා හාත්පසින්ම වෙනස්ය. එහෙත් කුරානය ගැන නොදන්නා බොහෝ අය සිතන්නේ එය මුහම්මද් නබි තුමා විසින් රචනා කරන ලද්දක් බවයි. එහෙත් මුහම්මද් නබි තුමාට ලිවීමට හෝ කියවීමට දැන සිටියේ නැත. කුරානයේ ඇති භාෂා විලාශය මුහම්මද් නබි තුමා එදිනෙදා කතා කරන භාෂා විලාශය නොවේ. තවද කුරානයේ අන්තර්ගතව ඇති බොහෝ කරුණු එය පහළ වූ හත්වන සිය වසේදී කිසිවෙකු විසින් දැන සිටියේ නැත. ඒ හැරුණු විට කුරානයේ ඇති ඇතැම් විද්‍යාත්මක හෙළිදරව් කිරීම් සොයාගෙන තිබෙන්නේ කුරානය පහළ වීමෙන් සියවස් දාහතරක් පමණ ගෙවී ගිය පසුවය. ඉන් පෙනී යන්නේ කිසිසේත්ම කුරානය බඳු කෘතියක් හත්වන සියවසේ ජිවත් වූ කෙනෙකු විසින් ලිවිය නොහැකි බවයි. කුරානයේ ඇති වාග් චතුරත්වය අතිවිශිෂ්ටය. ඒ අනුව එය ලොව ඇති උසස්ම සාහිත්‍ය ග්‍රන්ථය ලෙස සැලකේ. තවද එදා මෙදා ජිවත් වූ කිසිවෙකුටත් කුරානය වැනි කෘතියක් හෝ එහි ඇති පරිජ්ජේදයකට සමාන පරිජ්ජේදයක් හෝ ලිවීමට මෙතෙක් හැකියාව ලැබී නැත. කුරානයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එය සම්පුර්ණයෙන්ම කටපාඩම් කල හැකි වීමයි. ඒ අනුව කුරානය සම්පුර්ණයෙන්ම කටපාඩම් කල හාෆි...