කුරානය මිනිස් නිර්මාණයක් නොවන්නේ ඇයි? (Why is the Quran not a human creation?)
අල් කුරානය මිනිස් නිර්මාණයක් නොවීමට බොහෝ හේතු කාරනා තිබේ. ඒවා ගැන සලකා බැලීමේදී කුරානය මිනිස් නිර්මාණයක් නොවන බව තහවුරු කල හැකිය. කුරානය පහළ වුයේ සාහිත්‍ය කලාවේ උච්චතම ස්ථානයට ළඟා වූ සමාජයකට ය. එහෙත් ඔවුනට කුරානය වැනි ග්‍රන්ථයක් හෝ ඊට අභියෝග කළ හැකි පරිජ්ජේදයක් හෝ අවම තරමින් එහි ඇති තනි වාක්‍යයකට සමාන කල හැකි වාක්‍යයක් හෝ නිර්මාණය කිරීමට හැකි වී නැත. මේ නිසා කුරානය දේව පණිවිඩයක් බව පිලි නොගන්නා අයට කුරානය මෙන් ග්‍රන්ථයක් හෝ එහි ඇති පරිජ්ජේදයකට සමාන පරිජ්ජේදයක් ගෙන එන ලෙස සිදු කොට ඇති අභියෝගය තවමත් එසේම පවතී.
කුරානයේ අන්තර්ගතය ගැන සලකා බැලීමේදී එහි නූතන ලෝකයට අදාළ බොහෝ දේවල් අඩංගු වේ. ඒ අනුව අභ්‍යවකාශ විද්‍යාව, භූ විද්‍යාව, සාගර විද්‍යාව සහ නාරිවේදය වැනි විෂයයන් පිළිබඳ තොරතුරු එහි ඇතුලත්වී තිබේ. එම කරුණු අඩංගු කිරීමට නම් ඒ සෑම ශේස්ත්‍රයක් පිලිබඳ ආචාර්ය උපදී හැදෑරු අය සිටිය යුතුය. එහෙත් කුරානයට එම කරුණු ඇතුලත් වී තිබෙන්නේ විද්‍යාව නොදියුණු යුගයක දීය.
විශ්වය ප්‍රසාරණය වන බව සොයාගනු ලැබුවේ නවීන උපකරණ ආදාරයෙන් 20 වන සියවස තරම් මෑත කාලයේදීය. එසේ තිබියදී විද්‍යාව නොදියුණු 7 වන සිය වසේදී එම කරුණු කුරානයෙන් හෙළිදරව් කිරීමට හැකි වන්නේ එය දේව පණිවිඩයක් නිසාය.
සරල අත්කාචයක් වත් නොමැති යුගයකදී මිනිස් කලලයේ විකසනය පිලිබඳ සෑම පියවරක්ම ඉතාමත්ම නිවැරදිව කුරානයේ සඳහන් කොට තිබේ. එවැනි දෙයක් කල හැකි වන්නේ එය දෙවියන් විසින් පහළ කරන ලද පණිවිඩයක් නිසාය. කුරානයේ අඩංගු එම වදන් අධ්‍යයනය කල මහාචාර්ය කිත් එල් මුවර් ප්‍රකාශ කරන්නේ එවැනි දේවල් කුරානයට ඇතුලත් කිරීමට නම් එය දේව පණිවිඩයක් විය යුතු බවයි.
කුරානය පහළ වීමට පෙර සුර්යයා අචල වස්තුවක් ලෙස සලකනු ලැබිය. එහෙත් එම වැරදි මතය නිවැරදි කරමින් සිර්යයා ඊට නියමිත ගමන් මාර්ගයක සැරිසරන බව කුරානයේ සඳහන් කොට තිබේ. කුරානය දේව පණිවිඩයක් නොවන්නට එවැනි දෙයක් කිසිසේත්ම ප්‍රකාශ කිරීමට හැකි වන්නේ නැත.
පෘථිවියට යකඩ ලෝහය පිට සක්වලින් පැමිණි බව කුරානය සඳහන් කොට ඇත. එය සනාත කරමින් විද්ඥාඥයින් පවසන්නේ අපගේ සුර්යාගේ උෂ්ණත්වය යකඩ ලෝහය නිපදවීමට තරම් ප්‍රමාණවත් නොවන බැවින් එය සුපර් නොවා තරුවක් පුපුරා යාමේ ප්‍රතිපලයක් ලෙස පෘථිවියට ලැබී තිබිය යුතු බවයි. මෙවැනි අතිශයින්ම වැදගත් විද්‍යාත්මක ප්‍රකාශයක් ඉදිරිපත් කල හැකි වන්නේ කුරානය දේව පණිවිඩයක් නිසාය.
අල් කුරානය පිටු 600 කින් සමන්විත වාඛ්‍ය 6666 ක ග්‍රන්ථයකි. එවැනි ග්‍රන්ථයක් අකුරන් නෑර සම්පුර්ණයෙන්ම කටපාඩම් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එසේ තිබියදී අල් කුරානය මුලුමනිම්ම කටපාඩම් කල හාෆිස්වරුන් මිලියනයකට වඩා ලොව පුරා විසිර සිටින්නේය. එය කුරානයටම පමණක් විශේෂ වූ කරුණකි.
කුරානය පහළවී දැනට සිය වස් 15ක් පමණ ගෙවී ගොස් ඇතත් කිසිම සංස්කරණයකට ලක් වී නැත. එසේම එය පහළ වූ අරාබි බසින් අද වනතුරුත් ආරක්ෂා වී තිබේ. එහෙත් කුරානය හැර වෙනත් කිසිම ග්‍රන්ථයක් එසේ ආරක්ෂා කොට නැත.
By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Comments
Post a Comment