Posts

Showing posts from March, 2023

ඉස්ලාමිය උපවාසය (Islamic fasting)

Image
උපවාසය, ඉස්ලාම් දහමින් අනිවාර්ය කොට තිබෙන කරුණු පහෙන් එකකි. අල් කුරානයේ උපවාසය ගැන මෙසේ සඳහන් කොට තිබේ: "විශ්වාසකලවුනි! නුඹලා (අල්ලාහ්ට) බිය වී ක්‍රියා කරනු පිණිස නුඹලාට පෙර සිටියවුන් කෙරෙහි නියම කල ආකාරයටම නුඹලා කෙරෙහිද උපවාසය නියම කොට ඇත" (කුරානය 2:183). ඉන් පෙනී යන්නේ උපවාසය නබිතුමට පෙර ජීවත්වූ අය වෙනුවෙන්ද අනිවාර්ය කොට තිබුණු බවයි.  උපවාසය සඳහා කාල වෙලාවන් සහ දින වකවානු නියම කොට තිබේ. ඒ අනුව එය ඉටු කල හැක්කේ රමළාන් මාසයේදී පමණි. එහෙත් අනිවාර්ය නොවන වෛකල්පික උපවාසයන් වසරේ ඕනෑම කාලයකදී ඇතැම් කොන්දේසි වලට යටත්ව ඉටු කල හැකිය.  උපවාස කිරීම ආරම්භ වන්නේ රාමලාන් මාසයේ උදාවත් සමග ය. රමළාන් මාසය ආරම්භ වන්නේ පියෙවි ඇසින් නව සඳ දැකීමත් සමග ය. කෙසේ වෙතත් සෑම කෙනෙකුම නව සඳ දැකීම අනිවාර්ය නොවේ. ඉබ්නු අබ්බාස් රලි තුමා පවසන හදිසයකට අනුව විශ්වාසවන්තයින්ගෙන් එක්කෙනෙකු හෝ නව සඳ දැකීම සියලු දෙනාටම ප්‍රමාණවත් ය.  රමළාන් මාසයේ නව සඳ බැලීම සම්බන්දයෙන් විද්වතුන් වෙනස් මත දරති. ඒ අනුව ඇතැම් උදවිය පවසන්නේ ඒ ඒ භූගෝලීය කලාප තුල දකින නව සඳ අනුව එම කලාප වල වෙසෙන උදවිය උපවාසය ආරම්භ කල යුතු බවය...

පිරිසිදුකම පිලිබඳ ඉස්ලාමිය මග පෙන්වීම (Islamic guidance on cleanliness)

Image
ඉස්ලාම් ආගම අධ්‍යාත්මික මග පෙන්වීමට සමගාමිව ශාරීරික පාරිශුද්ධත්වය ගැන ද පෙන්වා දී තිබේ. මේ නිසා ශාරීරික පිරිසිදුතාවයෙන් තොරව සිදු කරනු ලබන කුසල් වලට පිළිගැනීමක් ලැබෙන්නේ නැත.  අල් කුරානය තුල හදවතේ පිරිසිදුතාවය සහ ශාරීරික පිරිසිදුතාවය ගැන වෙන වෙනම පවසා තිබේ. තවද පිරිසිදුකම ඉස්ලාමිය විශ්වාසයෙන් අඩක් බව නබිතුමා දැනුම් දෙන්නේය. මෙම කරුණ අබු මාලික් අල් අශාරි තුමා වාර්තා කරන බව සහිහ් මුස්ලිම් ග්‍රන්ථයේ දැක්වේ. අධ්‍යාත්මික පවිත්‍රතාවය යටතේ සෑම මුස්ලිම්වරයෙකුම තම හදවත පිරිසිදුව තබා ගත යුතුය. ඒ අනුව අනුන්ගේ දියුණුවට ඉරිසියා කිරීම, උඩඟු කම නිසා අනෙකා පහත් කොට සැලකීම වැනි දේවල් වලින් හැකි තරම් වැලකි සිටීමට මුස්ලිම්වරුන් කටයුතු කල යුතුය. උඩඟුකම අනු ප්‍රමාණයක් හෝ තිබුනේ නම් ස්වර්ගයට වරම් නොලබන බව නබිතුමා පවසා තිබේ. මේ හේතුවෙන් කෙනෙක් තවත් කෙනෙකුව පහත් කොට සැලකීම විශාල වරදකි. එය උඩඟු කම නිසා ඇතිවන්නකි. සාතන්ව ස්වර්ගයෙන් පිටමන් කිරීමට ප්‍රධන හේතුව ඔහුගේ උඩඟු කමයි. උඩඟු කම කෙනෙකුගේ රැකියාව නිසා ද පවුල් බලය නිසා ද අධ්‍යාපන සුදුසුමක් නිසා ද බලපුරුවන්කාරකම් නිසා ද ඇති විය හැකිය.  මේ නිසා කුමන...

අල් කුර්ආනය සහ තාරකා භෞතික විද්‍යාව (The Quran and Astrophysics)

Image
විශ්වය සහ එහි ඇති සියළුම දේවල් දෙවියන්ගේ (අල්ලාහ්ගේ) මැවීම් වේ. එමනිසා, විශ්වය ගැන හදාරන තරමට, දෙවියන් කෙරෙහි ඇති විශ්වාසය පුළුල් කළ හැකිය. මේ හේතුව නිසා, කුරාණයෙන් විශ්වය පිළිබඳ දැනුම මිනිසාට ලබා දී ඇත. විශ්වය ගැන හැදෑරීම් කරනු ලබන්නේ තාරකා භෞතික විද්‍යාව යන විෂය තුලින් ය. එහෙත් එවැනි විෂයක් කුරානය පහළ වන සමයේදී දියුණු කොට තිබුනේ නැත. එසේ තිබියදී සියවස් 15 කට පමණ පසු මිනිසා අභ්‍යවකාශය පිළිබඳව සොයාගන්නා ලද දේවල් කුරානයෙන් ඉතා නිවැරදිව ඉදිරිපත් කොට තිබීම සුවිශේෂී කරුණකි.  කුරානය පහළ වන යුගයේදී අභ්‍යාවකාශය සම්බන්දයෙන් බොහෝ වැරදි මත මිනිසුන් අතර තිබුනේය. එදා ජීවත්වූ මිනිසුන් විශ්වාස කලේ පෘතුවිය පැතලි තැටියක හැඩය ගන්නා බවයි. එහෙත් කුරානය මගින් එම වැරදි මතය නිවැරදි කොට ඇත. තවද කුරානය පහළ වීමට පෙර මිනිසුන් විශ්වාස කලේ පෘථිවිය කේන්ද්‍ර කරගත් සෞරග්‍රහ මණ්ඩලයක් ගැන ය. එවන් යුගයක සුර්යයා ඇතුළු අනෙක් ග්‍රහ වස්තුන්ගේ ගමන් පථය ගැන කුරානය ඉතා නිවැරදිව පවසා ඇත.  "සුර්යයා තමාට නියමිත ස්ථානය කරා දිවෙමින් සිටී" (කුරානය 36:38) . එපමණක් නොව  කුරානය තුල මෙසේද සඳහන් වේ: "සුර්යයා චන්ද්‍රයාට ස...