අල් කුර්ආනය සහ තාරකා භෞතික විද්‍යාව (The Quran and Astrophysics)
විශ්වය ගැන හැදෑරීම් කරනු ලබන්නේ තාරකා භෞතික විද්‍යාව යන විෂය තුලින් ය. එහෙත් එවැනි විෂයක් කුරානය පහළ වන සමයේදී දියුණු කොට තිබුනේ නැත. එසේ තිබියදී සියවස් 15 කට පමණ පසු මිනිසා අභ්‍යවකාශය පිළිබඳව සොයාගන්නා ලද දේවල් කුරානයෙන් ඉතා නිවැරදිව ඉදිරිපත් කොට තිබීම සුවිශේෂී කරුණකි.
අතීතයේදී විශ්වය සදාතනික එකක් බව විශ්වාස කළහ. එහෙත් හබල් දුරේක්ෂය මගින් විශ්වය ප්‍රසාරණය වන බව සොයාගන්නා ලදී. මෙම ප්‍රතිපලයම කිසිම නවීන උපකරණයක් නොමැති 7 වන සියවසේ පහළ වූ කුරානයෙන් මෙසේ විස්තර කොට ඇත."අපි අහස ශක්තියෙන් අධිකවුවක් ලෙස ගොඩනැගුවෙමු, තවද නියතවශයෙන්ම අපි එය ක්‍රමයෙන් ව්‍යාප්ත කරන්නෙමු" (කුරානය 51:47). මෙවැනි ඉතා නිවැරදි ප්‍රකාශයක් කල හැකි වන්නේ කුරානය දෙවියන් විසින් පහළ කරන ලද පණිවිඩයක් නිසාය.
විශ්වය ප්‍රසාරණය වන බව නිරීක්ෂණය කිරීමෙන් පසු මහා පිපිරුම් වාදය ඉදිරිපත් කරනු ලැබිය. එම වාදයට අනුව විශ්වය ආරම්භ වන්නේ එක් ලක්ෂයක කේන්ද්‍ර ගත වී තිබුණු ශක්තිය පිපිරී යාමේ ප්‍රතිපලයක් ලෙස යැයි නිගමනය විය. මෙම නිගමනය කිසිම විද්‍යා උපකරනයක් නොමැති 7වන සිය වසේදී අල් කුරානයෙන් මෙසේ විස්තර කොට ඇත. "නියතව අහස් හා පොළොව සම්බන්ධ වී තිබුණි, අපිම එම දෙකම වෙන් කළෙමු....." (කුරානය 21:30).
මෙම කරුණු වලට අමතරව විශ්වය විනාශ වන අකාරය ගැනත් කුරානය පවසා තිබේ. "තාරකාවන්ගේ දීප්තිය නැතිවූ කල, අහස පුපුරා ගිය කල, කඳු කුඩුපට්ටම් වී යන කල..." (කුරානය 77:8-10). මෙවැනි දෙයක් සිදු විය හැකි බව විද්‍යාඥයින් ද අනුමාන කරන්නේය. එය "The Big Crunch" ලෙස නම් කොට තිබේ.
පෘථිවියේ අවසානය කුරානයේ ඇති 81 වන පරිජ්ජෙදය තුලින් ඉතා අලංකාරව විස්තර කොට තිබේ. එහි දැක්වෙන පරිදි ලෝකය අවසානය කරා ලඟා වන විට සූර්යයා විසින් ආලෝකය නිකුත් කිරීම නතර කරන්නේය. එම කරුණ إِذَا ٱلشَّمۡسُ كُوِّرَتۡ යන වැකියෙන් පැහැදිලි කොට ඇත. කුරානය පිලිබඳ විශාරද දැනුමක් ඇති ඉබ්නු අබ්බාස් රලි තුමා එම වැකිය මෙසේ විස්තර කරන්නේය. "එම අවස්ථාව වන විට සුර්යයාගෙන් ආලෝකය නිකුත් කරන්නේ නැත". එය කතාදා රලි තුමා විසින්ද තහවුරු කොට තිබේ. මෙම වැකියේ "කුව්විරත්" යන වචනයෙන් අදහස් කරන්නේ සුර්යයයා එය තුලම ගිලී යන බවයි. වෙනත් අකාරයකින් කිවහොත් සුර්යයයා සංකෝචනය වන බවයි. සුර්යයා සංකෝචනය වන විට එහි ඝනත්වය වැඩි වන අතර එහි ගුරුත්වාකර්ෂණය අධික ලෙස ඉහළ යන්නේය. එවිට සුර්යයාගෙන් පිටවන ආලෝකය එය තුලටම ඇදගන්නේය. දැනටමත් එවැනි තාරකා විශ්වය තුල දැකිය හැකිය. මෙම අවස්ථාවේදී සුර්යයා විසින් චන්ද්‍රයාව ගිල ගන්නේය. නබිතුමා විසින් විස්තර කරන ලද එම හදිසය අබු හුරෛරා රලි තුමා සඳහන් කොට තිබේ. එම හදිසය සහිහ් බුහාරි ග්‍රන්ථයේ දැකිය හැකිය.
මෙම කරුණු වලින් පෙනී යන්නේ අල් කුරානය විද්‍යාවට වඩා ඉදිරියෙන් සිටින බවයි. ඒ අනුව කුරානය කිසිසේත්ම මිනිසා විසින් රචනා කරන ලද්දක් විය නොහැක. මෙම කරුණු වලින් පෙනී යන්නේ කුරානයෙන් පුරෝකථනය කොට ඇති, මරණයෙන් පසු සිදු වීමට නියමිත දේවල් ඒ අකාරයෙන්ම සිදු වනු ඇති බවයි.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path

Comments
Post a Comment