Posts
ඉස්ලාමයේ පස්වන කුලුන හජ් (Hajj, The fifth pillar of Islam)
- Get link
- X
- Other Apps

ඉස්ලාම් දහමින් අනිවාර්ය කොට තිබෙන කරුණු අතරින් පස්වැන්න හජ් වේ. සුදුසුකම් සපුරාලන සෑම මුස්ලිම්වරයෙකු විසින්ම අනිවාර්යයෙන්ම එය ඉටු කළ යුතුය. ඒ සඳහා වන කුර්ආන් නියෝගය මෙසේය: "එහි වන්දනා කිරීම සඳහා වියදම් කිරීමට හැකියාව ඇත්තන්ට අල්ලාහ් වෙනුවෙන් එම නැවතුම් පල හජ් කිරීම අනිවාර්ය කෙරේ" (කුරානය 3:97). නිසි ලෙස හජ් වන්දනය ඉටු කල තැනැත්තාගේ සියළු පව් සමා කරනු ලැබේ. කෙසේ වෙතත් එක් වතාවකට වඩා වැඩියෙන් හජ් ඉටු කිරීම වෛකල්පික ක්‍රියාවක් වේ. හජ් වන්දනය සඳහා කාලය සහ ස්ථානය නියම කොට තිබේ. ඒ අනුව එය මක්කාවේදී වසරකට වරක් පමණක් සිදු කල හැකිය. “හජ් (වන්දනය) ඊට නියමිත මාස වලදී පමණි. එබැවින් එම (කාලය තුලදී) හජ් ඉටුකරන තැනැත්තා සංසර්ගයේ යෙදීමද, පව් කිරීමද, අනවශ්‍ය ලෙස තර්ක කිරීමද නොකළ යුතුය. නුඹලා කුමන යහපත් දෙයක් කළත් අල්ලාහ් එය හොඳින් දනියි. තවද ගමනට අවශ්‍ය දේවල් සුදානම් කර ගනු. එහෙත් නියත වශයෙන්ම ඔබ සුදානම් කරන දේවල් අතරින් හොඳම දෙය ‘තක්වා’ (හෙවත් දෙවියන් කෙරෙහි ඇති භක්තිය) වේ. අවබෝධය ඇත්තවුන් මා හට බිය වනු” (කුරානය 2:197). හජ් වන්දනයෙනය තුලින් සිහි කරන්නේ ඉබ්‍රාහිම් න...
Exposing Fake healers vs. Real Quran Ruqyah for paranormal activity Jinn...
- Get link
- X
- Other Apps
This is a Guaranteed Way to Jannah - Abdur Raheem McCarthy
- Get link
- X
- Other Apps
මුස්ලිම්වරයෙකුට වෙනත් ආගමිකයෙක් සමග විවාහය විය හැකිද? (Can a Muslim marry a different religious person?)
- Get link
- X
- Other Apps
මුස්ලිම්වරයෙකු යනු දෙවියන්ගේ අණට සම්පුරණයෙන් යටත්වූ කෙනෙකි. එබැවින් ඔහු කරන සෑම ක්‍රියාවක්ම දෙවියන්ගේ නියෝග තුල තිබිය යුතුය. අල් කුරානයෙන් විශ්වාසවන්තයින්ට නියෝග කොට ඇත්තේ ඉස්ලාම් දහම තුලට සම්පුරන්යෙන් පිවිසෙන ලෙසය. ඒ අනුව මුස්ලිම්වරයෙකුගේ සෑම ක්‍රියාවක්ම දහමට එකඟ විය යුතුය. ඒවා උල්ලංගනය කරන තැනැත්තා පුර්ණ මුස්ලිම්වරයෙකු වන්නේ නැත. ඉහත දැක්වෙන කරුණු සැලකිල්ලට ගැනීමේදී මුස්ලිම්වරයෙකුට විවාහ විය හැක්කේ තවත් මුස්ලිම්වරයෙකු සමග හෝ දෙවියන්ට සමානයන් නොතබන කිතුනුවෙකු හෝ යුදෙව්වෙකු සමග පමණි. එසේ කිරීමෙන් දෙවියන්ට සමානයන් තැබීමේ ගැටළුව නිරාකරණය කළ හැකි වන්නේය. දෙවියන්ට සමානයන් තැබීමෙන් මුස්ලිම්වරයෙකු ඉස්ලාම් දහමින් බැහැර වන්නේය. "අද දවසෙහි නුඹලාට පිරිසිදු දෑ අනුමත කර ඇත. පුස්තකය දෙනු ලැබුවන්ගේ ආහාරය නුඹලාට අනුමත කර ඇත. තවද, නුඹලාගේ ආහාරයද ඔවුන්ට අනුමත කර ඇත. විශ්වාස කළ පතිවත රකින ස්ත්‍රීන්ද නුඹලාට පෙර පුස්තකය දෙනු ලැබූවන්ගෙන් වූ පතිවත රකින ස්ත්‍රීන්ද (නුඹලා) පතිවත ආරක්ෂා කරමින් ලිංගික අපචාරයෙහි නොයෙදෙමින්ද, අනියම් බිරියන් ලෙස නොතබාගැනිමෙන්ද ඔවුන්ට නියමිත මහරය (විවාහ දීමනාව) දෙම...
මුස්ලිම් පල්ලියක් අනෙකුත් ආගමික ස්ථාන වලට වඩා වෙනස් වන්නේ ඇයි? (Why is a mosque different from other places of worship?)
- Get link
- X
- Other Apps

මුස්ලිම්වරුන්ගේ දේවස්ථානයට අරාබි බසින් මස්ජිදය යැයි කියනු ලැබේ. මස්ජිදයක තිබෙන විශේෂත්වය නම් එහි කිසිවෙකුගේ පිළිම හෝ දේව රූප හෝ නොමැති වීම ය. ඒ අනුව මස්ජිදය අල්ලාහ්ට පමණක් නැමදීම සඳහා වන ස්ථානයකි. මුස්ලිම්වුන් දෛනිකව මස්ජිදය වෙත ගොස් සලාතය ඉටු කිරීම අනිවාර්ය වේ. මේ හැරුණු විට සිකුරාදා දිනයේදී නගරයේ වෙසෙන සියලුම දෙනා ප්‍රධාන ජුම්මා මස්ජිදය වෙත ගොස් ජුම්මා සලාතය සහ දේශනයට සවන් දෙනු ලැබේ. මස්ජිදයෙදී සියලුම දෙනාට එක සමාන තැනක් හිමිවේ. ඒ අනුව මස්ජිදය තුල වර්ණ බේද හෝ කුල මල බේද හෝ නැත. ඕනෑම කෙනෙකුට තමන් කැමති තනක සිට ගත හැකිය. මේ හේතුවෙන් කෙනෙකුට ඉමාම් වරයාට ඉතා අසන්න ස්ථානයක් වුවද ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේය. ප්‍රබු වරයෙකු වුවද ප්‍රමාද වී සාමුහික සලාතය වෙත පැමිණියේ නම් ඔහු සිට ගත යුත්තේ අවසාන පෙලියේය. සලාතය මෙහෙය වීම සඳහා සුදුසුකම් ඇතොත් කම්කරුවෙකුටද වුවද එය සිදු කල හැකිය. එය ඉස්ලාම් දහමේ ඇති විශේෂත්වයකි. මස්ජිදය තුල සිදු කරනු ලබන සාමුහික සලාතයේදී සියලුම දෙනා කරට කර සිට ගැනීම මුස්ලිම්වරුන්ගේ සමගිය සංකේතවත් කිරීමකි. මුස්ලිම්වරු...