ඉස්ලාමයේ පස්වන කුලුන හජ් (Hajj, The fifth pillar of Islam)



ඉස්ලාම් දහමින් අනිවාර්ය කොට තිබෙන කරුණු අතරින් පස්වැන්න හජ් වේ. සුදුසුකම් සපුරාලන සෑම මුස්ලිම්වරයෙකු විසින්ම අනිවාර්යයෙන්ම එය ඉටු කළ යුතුය. ඒ සඳහා වන කුර්ආන් නියෝගය මෙසේය: "එහි වන්දනා කිරීම සඳහා වියදම් කිරීමට හැකියාව ඇත්තන්ට අල්ලාහ් වෙනුවෙන් එම නැවතුම් පල හජ් කිරීම අනිවාර්ය කෙරේ" (කුරානය 3:97). නිසි ලෙස හජ් වන්දනය ඉටු කල තැනැත්තාගේ සියළු පව් සමා කරනු ලැබේ. කෙසේ වෙතත් එක් වතාවකට වඩා වැඩියෙන් හජ් ඉටු කිරීම වෛකල්පික ක්‍රියාවක් වේ. 

හජ් වන්දනය සඳහා කාලය සහ ස්ථානය නියම කොට තිබේ. ඒ අනුව එය මක්කාවේදී වසරකට වරක් පමණක් සිදු කල හැකිය. “හජ් (වන්දනය) ඊට නියමිත මාස වලදී පමණි. එබැවින් එම (කාලය තුලදී) හජ් ඉටුකරන තැනැත්තා සංසර්ගයේ යෙදීමද, පව් කිරීමද, අනවශ්‍ය ලෙස තර්ක කිරීමද නොකළ යුතුය. නුඹලා කුමන යහපත් දෙයක් කළත් අල්ලාහ් එය හොඳින් දනියි. තවද ගමනට අවශ්‍ය දේවල් සුදානම් කර ගනු. එහෙත් නියත වශයෙන්ම ඔබ සුදානම් කරන දේවල් අතරින් හොඳම  දෙය ‘තක්වා’ (හෙවත් දෙවියන් කෙරෙහි ඇති භක්තිය) වේ. අවබෝධය ඇත්තවුන් මා හට බිය වනු” (කුරානය 2:197).

හජ් වන්දනයෙනය තුලින් සිහි කරන්නේ ඉබ්‍රාහිම් නබි තුමා අල්ලාහ් වෙනුවෙන් සිදු කල කැප කිරීම් වේ. ඒ අනුව කව්බාව ත්වාෆ් කිරීම, සෆා සහ මර්වා යන කඳු ගැට දෙක අතර දිවීම, මිනාහි නතරවී සිටීම සහ එහි සලාතය ඉටු කිරීම, අරෆාහි රැඳී සිටීම, ඉබ්‍රාහිම් නබි තුමා සාතන්ට ගල් ගැසූ තැන්වලදී එය සංකේතවත් කිරීම සඳහා ගල් ගැසීම, උළුහියා ඉටු කිරීම සහ අවසාන තවාෆුල් විදා ඉටු කිරීම හජ් වන්දනයේ ප්‍රධාන කරුණු වේ. 

හජ් ඉටු කරන තැනැත්තා ඉහ්රාම් වස්ත්‍රය ඇඳීය යුතුය. එනම් පිරිමින් නොමැසු සුදු රෙදි කඩ දෙකකින් තම ශරීරය වසා ගත යුතුය. ගැහැනුන් ඔවුන්ට නියමිත ඉහ්රාම් වස්ත්‍රය පැළඳිය යුතුය. එය හජ්වන්දයේ අනිවාර්ය කටයුත්තකි. 

හජ් ඉටුකිරීම සඳහා සුදුසුකම් සපුරා තිබියදීත් එය පැහැර හැරීම බලවත් වරදකි. කාන්තාවන්ට හජ් වන්දනය ඉටුකිරීම සඳහා එම ගමන යාම සඳහා මහ්රම් කෙනෙක් සිටිය යුතු බව බොහෝ ඉස්ලාමිය විද්වතුන්ගේ මතය වේ. හජ් ඉටු කිරීමට නොහැකිව මිය ගිය කෙනෙකු වෙනුවෙන් ජිවතුන් අතර සිටින වෙනත් කෙනෙකුට එය ඉටු කල හැකිය.

හජ් ඉටු කිරීම සඳහා වාර්ෂිකව සෑම රටකින්ම පාගේ මිලියන තුනක් පමණ ජනයා මක්කාව බලා යන්නේය. එමගින් ලෝක මුස්ලිම්වරුන්ගේ එකමුතුභාවය සංකේතවත් කෙරේ.

By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path


Comments

Popular posts from this blog

මිනිස් ජීවිතය කෙළවර වන්නේ කොතැනින්ද? (Where does human life end?)

දෙවියන් පිලිබඳ නිර්වචනය කුමක්ද? (What is the definition of God?)

අල්ලාහ් කවුද? (Who is Allah?)