ආහාර සඳහා සතුන් මැරීම පාපයක් ද? (Is killing animals for food a sin?)

දෙවියන් මැවූ ලෝකය පුදුමාකාරය. එහි ඇති සෑම දෙයක්ම යම් කිසි රටාවකට සිදු වේ. ඒ අනුව ජීවීන්ගේ පැවැත්මට අත්‍යාවශ්‍ය සංඝටකයක් වන ඔක්සිජන් වායුව නියමිත ප්‍රමාණයෙන් පවත්වා ගැනීම සඳහා ලොව පුරා නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වේ. එසේම ජීවීන්ගේ පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය අහාර දාමයන් ඉතා හොඳින් සිදුවෙමින් තිබේ. මේ නිසා කිසිම ජීවියෙක් මිහිතලයෙන් තුරන් වීමේ අවදානමකට ලක්වී නැත. ලෝකයේ අහාර සමතුලිතතාව ඇතිවී තිබෙන්නේ ශාක ඊට අවශ්‍ය ආකාර නිපදවා ගැනීමෙන්ද අහාර දාමයන් ක්‍රියාත්මක වීමෙන්ද වේ. මෙය ලෝකය පවතින තුරු ක්‍රියාත්මක වන සර්ව නියමයකි. මිනිසා සර්ව බක්ෂක ජීවියෙකු බැවින් මිනිසාට උල් දත් මෙන්ම පැතලි දත් පිහිටා තිබේ. එබැවින් මිනිසාට සහජයෙන්ම මාංශ හෝ ශාක ආහාරයට ගැනීමට හැකිය. මේ හේතුවෙන් දෙවියන් පහළ කරන ලද කිසිම ආගමකින් මාංශ අනුභව කිරීම තහනම් කොට නැත. මේ හේතුවෙන් මාංශ අනුභව කිරීම පවක් නොවේ. මාංශ අනුභව කිරීම පවක් ලෙස සලකන්නේ නම් එය ස්වභාවික නීතිවලට පටහැනි ය. එවැනි තත්වයක් තිබුනේ නම් ගස්කොලන් නොමැති කාන්තාර වල වෙසෙන ජනතාවට මෙන්ම ගස් කොළන් නැති සීත රටවල්වල වෙසෙන මිනිසුන්ට අහාරය පිණිස විශාල වෙහෙසක...