ඉස්ලාම් පණිවුඩය (The Message Of Islam)


ඉස්ලාම්හි සරල තේරුම අල්ලාහ්ගේ අණට සම්පුර්ණයෙන්ම යටත් වීම සහ කීකරු වීමයි. ඒ අනුව මුස්ලිම්වරයෙකුගේ සෑම ක්‍රියාවක්ම අල්ලාහ්ගේ අණට යතත් විය යුතුය. ඉස්ලාම් දහම ආදම් නබි තුමාගෙන් ආරම්භ වන අතර මුහම්මද් නබි තුමාගෙන් අවසාන වන්නේය. මෙම දහම ප්‍රචාරය කිරීම සඳහා නබිවරුන් හෙවත් අල්ලාහ්ගේ විශේෂ දුතයින් සිය දහසකට වඩා මෙලොවට පැමිණ තිබේ. ඔවුන්ගෙන් සතර දෙනෙකුට ආගම් පුස්තක ලබා දී ඇති අතර ඇතැම් නබිවරුන්ට අනපනත් ලබා දී තිබේ. එලෙස පැමිණ අවසාන දහම් පුස්තකය වන්නේ අල් කුරානය යි. අල් කුරානය මුහම්මද් නබි තුමාගෙන් පසු ජිවත් වන මුළු මිනිස් වර්ගයා වෙනුවෙන් පහළ කරන ලද්දකි. අල් කුරානයේ විවරණය ලෙස සැලකෙන්නේ මුහම්මද් නබිතුමාගේ ඉගැන්වීම් ය. 

ඉස්ලාම් දහම තුල උස්පහත් බේද, කුල බේද හෝ වර්ණ බේද දැකිය නොහැකිය. ඒ අනුව සියලුම මුස්ලිම්වරුන් අල්ලාහ් ඉදිරියේ එක සමානය. මේ නිසා මස්ජිදය තුල සෑම මුස්ලිම්වරයෙකුම උරෙන් උර ගැටී එකට සලාතය ඉටු කරන්නේය. 

ඉස්ලාම් දහම සාම්ප්‍රධායික ප්‍රබන්ද මත පදනම් වන්නේ නැත. ඒ අනුව ඉස්ලාම් දහමේ සඳහන් සෑම කරුණක්ම විද්‍යාත්මක පදනමක් මත පිහිටා තිබේ. ඉස්ලාමයේ මුලික හරය වන දේව විශ්වාසය ද විද්‍යාත්මක පදනමක පිහිටා තිබේ. මෙම දේව විශ්වාසයෙන් තොරව භෞතික ලෝකයේ ඇති කිසිම දෙයක් සම්පුර්ණ වශයෙන් විස්තර කල නොහැකිය. උදාහරණයක් ලෙස විශ්වයේ බිහිවීම ගැන සඳහන් කිරීමේදී එහි ආරම්භය විස්තර කල හැක්කේ දේව විශ්වාසය තුලින් පමණි. එසේ නොකොට සිදු කරනු ලබන කුමන මතයක වුවත්  යම් හිඩසක් ඉතිරි වන්නේය. එම හිඩැස පිරවිය හැක්කේ දේව විශ්වාසයෙන් පමණි.

කුරානය මගින් වෙන කිසිම දහමකට වඩා හොඳින් මෙලොව ජීවිතය සහ මරණයෙන් පසු ජීවිතය විස්තර කොට තිබේ. තවද ඉස්ලාම් දහමේ ඇති සෑම ආගමික කටයුත්තක්ම සෑම කෙනෙකුටම එකසේ ඉටු කල හැකිය. 

ලෝකයේ ඇති සෑම දහමක්ම ලෞකික සහ ධාර්මික වශෙයන් වෙන් කොට තිබුනත් ඉස්ලාම් දහම අනුව එවැන්නක් දැකිය නොහැකිය. මේ නිසා කෙනෙක් නින්දෙන් අවදිවූ වෙලේ සිට නැවත නින්දට යන තෙක් වූ සියළුම දේවල් දහම සමග ගැට ගැසී ඇත. උදාහරණයක් ලෙස විවාහය, වෙළඳාම, අධාපනය යන සියල්ලම දහමේ කොටස් වේ. 

ඉස්ලාම් මිට පෙර පහළ වූ දහම් පණිවිඩ ප්‍රතික්ෂේප කරන්නේ නැත. ඒ අනුව කිතුනු සහ යුදෙව් ආගම් අල්ලාහ් දෙවියන්ගෙන් පහළ වූ ඒවා බව මුස්ලිම්වරයෙකු විසින් පිලි ගන්නේය. කෙසේ වෙතත් කුරානය පහළ වීමෙන් පසු දෙවියන් පිළිගන්නා එකම දහම් මග අල් කුරානය වේ. ඇයිද යත් එමගින් ඉස්ලාම් ආගම සම්පුර්ණ කොට තිබේ. 

ඉස්ලාම් දහමේ අනිවාර්ය කරුණු පහක් තිබේ. එනම් (1) අල්ලාහ් හැර වෙනත් දෙවිකෙන්ක් නැති බව විශ්වාස කිරීම සහ එය මුවින් ප්‍රකාශ කිරීම. (2) දිනපතා පස්වතාවක් සලාතය ඉටු කිරීම (3) සෑම වසරක් පාසාම ධනවතුන් විසින් ඔවුන්ගේ වත්කම් වලට zසකාත් ගෙවීම (4) රමළාන් මාසය පුරා උපවාස කිරීම (5) සුදුසුකම් සපුරාලන සියලුම් දෙනා තම ජිවිත කාලය තුලදී හජ් වන්දනය ඉටු කිරීම වේ.

ඉස්ලාම් දහම අනුව නැවත නැවත මේ ලෝකයේ උපදින්නේ නැත. ඒ අනුව ලෝකය අවසාන වීමෙන් පසු අල්ලාහ් නියම කල දිනයකදී සියලුම ආත්මයන් නැවත නැගිටුවා විනිශ්චය කරනු ලැබේ. එම විනිශ්චයෙන් පසු පින් කල අය ස්වර්ගයටත් පව් කල අය නිරයටත් දැමීමට නියමිතය. ස්වර්ගයේ ජීවිතයටත් නිරයේ ජීවිතයටත් කෙළවරක් නැත. එය සදාකාලික වේ.ස්වර්ගයේ සිටින කිසිවෙකු වයසට යන්නේද නැත. ඔවුන් සදාකල් යව්වනයේම සිටිනු ඇත. 

By Fasy Ajward.B.Sc (PhysicsSp) Hons.Japura.
Ex: Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.







Comments

Popular posts from this blog

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම් (The Rights of Woman in Islam)

අල් කුරානය අල්ලාහ්ගෙන් පැමිණි පණිවිඩයක් වන්නේ ඇයි? (Why is the Quran a message from Allah?)