ආහාර සඳහා සතුන් මැරීම පාපයක් ද? (Is killing animals for food a sin?)


දෙවියන් මැවූ ලෝකය පුදුමාකාරය. එහි ඇති සෑම දෙයක්ම යම් කිසි රටාවකට සිදු වේ. ඒ අනුව ජීවීන්ගේ පැවැත්මට අත්‍යාවශ්‍ය සංඝටකයක් වන ඔක්සිජන් වායුව නියමිත ප්‍රමාණයෙන් පවත්වා ගැනීම සඳහා ලොව පුරා නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වේ. එසේම ජීවීන්ගේ පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය අහාර දාමයන් ඉතා හොඳින් සිදුවෙමින් තිබේ. මේ නිසා කිසිම ජීවියෙක් මිහිතලයෙන් තුරන් වීමේ අවදානමකට ලක්වී නැත. 

ලෝකයේ අහාර සමතුලිතතාව ඇතිවී තිබෙන්නේ ශාක ඊට අවශ්‍ය ආකාර නිපදවා ගැනීමෙන්ද අහාර දාමයන් ක්‍රියාත්මක වීමෙන්ද වේ. මෙය ලෝකය පවතින තුරු ක්‍රියාත්මක වන සර්ව නියමයකි. 

මිනිසා සර්ව බක්ෂක ජීවියෙකු බැවින් මිනිසාට උල් දත් මෙන්ම පැතලි දත් පිහිටා තිබේ. එබැවින් මිනිසාට සහජයෙන්ම මාංශ හෝ ශාක ආහාරයට ගැනීමට හැකිය. මේ හේතුවෙන් දෙවියන් පහළ කරන ලද කිසිම ආගමකින් මාංශ අනුභව කිරීම තහනම් කොට නැත. මේ හේතුවෙන් මාංශ අනුභව කිරීම පවක් නොවේ. 

මාංශ අනුභව කිරීම පවක් ලෙස සලකන්නේ නම් එය ස්වභාවික නීතිවලට පටහැනි ය. එවැනි තත්වයක් තිබුනේ නම් ගස්කොලන් නොමැති කාන්තාර වල වෙසෙන ජනතාවට මෙන්ම ගස් කොළන් නැති සීත රටවල්වල වෙසෙන මිනිසුන්ට අහාරය පිණිස විශාල වෙහෙසක් ගැනීමට සිදු වනු ඇත. 

ජීවත්වීමේ අයිතිය ගැන සිතා යම් ආගමකින් මාංශ අනුභව කිරීම තහනම් කරන්නේ නම් ලෙඩකට ප්‍රතිජීවක  ඖෂද ගැනීමත් තහනම් වේ. තවද කෘෂි නාශක බෙහත් භාවිතා කිරීමත් මැලේරියා මදුරුවන් මෙන්ම බරවා මදුරුවන් විනාශ කිරීමත් තහනම් වේ. මේ නිසා දෙවියන් පහළ කරන ලද ප්‍රධාන ආගම්වල අහාරය පිණිස හෝ වෙනත් අත්‍යාවශ්‍ය හේතුන් මත සතුන් මැරීම තහනම් නොවේ.

ආහාරය පිණිස සතුන් මැරීම තහනම් කලේ නම් නිරෝගී ජිවිතයක් පවත්වා ගැනීම සඳහා මිනිස් සිරුරට අත්‍යාවශ්‍ය ඇමිනෝ අම්ල සියල්ලම ලබා ගැනීමට නොහැකි වේ. ඇයිද යත් මිනිස් සිරුරට අවශ්‍යකරන සියලුම ඇමයිනෝ අම්ල මිනිස් සිරුර තුල නිෂ්පාදනය නොවන නිසාය. මේ හේතුවෙන් ශරීරයේ නිෂ්පාදනය නොවන ඇමයිනෝ අම්ල මාංශ ආහාර අනුභව කිරීමෙන් ලබා ගැනීමට සිදු වේ. 

මිනිසාගේ ආහාර අවශ්‍යතාවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ලබා ගන්නේ සත්ව ආහාර මගිනි. මේ නිසා සත්ව ආහාර නිෂ්පාදනය ලෝකෙය් ප්‍රධාන කර්මාන්තයක් බවට පත්ව තිබේ. විසි එක් වන සියවසේ දී පමණක් වසරකට සතුන් බිලියන 100 ක් (100,000,000,000) ඝාතනය කොට ඇත. ඒ අතර ගවයින් බිලියන එකක් සහ බැටළුවන්, ඌරන් සහ කුකුලන් බිලියන 50 අඩංගු වේ (Williams and DeMello 2007 p. 14). 

මේ හැරුණු විට අහාර අවශ්‍යතා වලින් විශාල ප්‍රමානයක් සපයා ගන්නේ මුහුදෙනි. ගෝලීය මාළු නිෂ්පාදනය 1999/2001 වසරවල දී ටොන් මිලියන 229 වූ අතර වසර 2050 වන විට එය ටොන් මිලියන 460 ක් දක්වා වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කොට ඇත. (Livestock Long Shadow report, Food and Agriculture Organization (FAO) 2006). 

ඉහත කරුණු ගැන සලකා බලන කල අහාරය පිණිස සතුන් මැරීම පවක් වන්නේ නම් මිනිසාට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදු වනු ඇත. 

By Fasy Ajward.B.Sc (PhysicsSp) Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path


Comments

Popular posts from this blog

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම් (The Rights of Woman in Islam)

අල් කුරානය අල්ලාහ්ගෙන් පැමිණි පණිවිඩයක් වන්නේ ඇයි? (Why is the Quran a message from Allah?)