කුරානයට එල්ල කරනු ලබන චෝදනා (Accusations against the Quran)


කුරානය යනු මිනිස් වර්ගයාට නිවැරදි මාර්ගය පෙන්වා දීම සඳහා අල්ලාහ් දෙවිඳුන්ගෙන් පහළ කරන ලද පණිවිඩයකි. එහෙත් එය දේව පණිවිඩයක් බව පිලි නොදන්නා පිරිසක් ද සිටින්නේය. ඒ අනුව ඔවුන් කුරානයට නොයෙකුත් චෝදනා එල්ල කරති. එසේ එල්ල කරනු ලබන සෑම චෝදනාවකටම ඉස්ලාමිය විද්වතුන් විසින් නිසි පිළිතුරු ලබා දී තිබේ. 

එසේ තිබියදී කුරානය දේව පන්විද්යක් බව පිලි නොගන්නා අයට ද කුරානයෙන් අභියෝග කොට තිබේ. ඒ අනුව ඔවුන්ට කල යුතුව තිබෙන්නේ කුරානයට සමාන කෘතියක් හෝ එහි ඇති පරිජ්ජේදයකට සමාන පරිජ්ජේදයක් සම්පාදනය කිරීමය. එහෙත් කුරානය පහළ වී සියවස් පහළොවක් පමණ ගෙවී ගොස් තිබුනත් කිසිවෙකු විසින් එම අභියෝගය මෙතෙක් ජය ගෙන නැත. කෙසේ වෙතත් කුරානය පහළ වුයේ අරාබි භාෂාව පිළබඳ ඉතා ඉහල දැනුමක් ඇති සමුහයකටය.

කුරානයට එරෙහිව එල්ල කරනු ලබන එක් චෝදනාවක් වන්නේ එය මුහම්මද් නබි තුමා විසින් සම්පාදනයකරන  ලද බවයි. ඔවුන් එවැනි චෝදනාවක් ඉදිරිපත් කලත් මුහම්මද් නබි තුමා කියවීමට හෝ ලිවීමට දැන සිටියේ නැත. එම නිසා එම චෝදනාව පදනම් විරහිත එකක් වන්නේය. දෙවියන් කුරානය පහළ කිරීමට තෝරාගෙන ඇත්තේ කියවීමට හෝ ලිවීමට නොදත් කෙනෙකු වීමෙන්ම පැහැදිලි වන්නේ එහි දේව වචනය හැර වෙන කිසිවක් ඇතුලත් නොවන බවයි.

කුරානයේ ඇති විශේෂත්වය වන්නේ එහි දහම සම්බන්ද කරුණු වලට අමතරව මිනිසා විසින් විසිවන සියවස තරම් මෑත කාලයේදී සොයාගන්න ලද විද්‍යාත්මක සත්‍යයන් ඇතුලත් වී තිබීමය. එසේම කුරානය පහළ වන විට කිසිවෙකු විසින් දැන නොසිටි ඉතිහාසය කුරානය තුල ඇතුලත් කොට තිබේ. එසේ තිබියදී ඒවා ගැන ඊට පෙර කිසිවෙකු විසින් දැන නොසිටි බවද අවධාරණය කොට තිබේ. එවැනි නිර්භීත ප්‍රකාශයක් කල හැකි වන්නේ එය දේව පණිවිඩයක් වීම නිසා ය.  

කුරානයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එහි බොහෝ විෂයයන්ට අයත් කරුණු අඩංගු වීමය. ඒ අනුව නීතිය, සමාජ විද්‍යාව, මානව අයිතිවාසිකම්, ව්‍යාපාර කලමනාකරණය, අභ්‍යාවකාශ විද්‍යාව, සාගර විද්‍යාව, නාරිවේදය ආදී මෙකි නොකී විෂයයන්ට අයත් කරුණු ඊට ඇතුලත් වේ. මේ නිසා කුරානය බඳු කෘතියක් සම්පාදනය කිරීමට නම් එම විෂයයන් පිලිබඳ වෙන වෙනම පර්යේෂණ සිදු කල මහාචාර්ය වරුන් ගණනාවක් සිටිය යුතුය.

කුරානය හත්වන සිය වසේදී පහළ කරනු ලැබුවත් එහි 20 වන සියවසේදී සොයා ගන්නා ලද බොහෝ කරුණු අන්තර් ගත කොට තිබේ. ඒ අතර විශ්වයේ ප්‍රසාරණය සහ අහස සහ පොළව එකට තිබී පසුව වෙන්වූ බව පෙන්වා දිය හැකිය. ඒ හැරුණු විට මිනිසාගේ කළල අවස්ථාවේ සිට සම්පුර්ණ දරුවෙකු දක්වා වූ සියලුම දේවල් ඉතා නිවැරදිව කුරානයේ සඳහන් කොට ඇත. මෙවැනි කරුණු නිසා කුරානය බදු කෘතියක් 7 වන සියවසේ ජිවත් වූ කෙනෙකුට කිසිසේත්ම සම්පාදනය කල නොහැකිය. ඉන් පෙනී යන්නේ කුරානය මුහම්මද් නබිතුමා විසින් සම්පාදනය කරන ලද්දක් බවට කරන චෝදනාව පදනම් විරහිත බවයි.

අල් කුර්ආනය කාව්‍ය හෝ ගද්‍ය ග්‍රන්ථයක් නොවේ. එහෙත් එය විශිෂ්ට භාෂා විලාසයකින් ලියා තිබෙන ග්‍රන්ථයකි. එසේම කුරානය ලියැවී ඇත්තේ මුහම්මද් නබිතුමා එදිනෙදා කතා කරන භාෂා විලාසයෙන් නොවේ. මෙයින් පෙන්නුම් කරන්නේ කුරානය මුහම්මද් නබි තුමා විසින් සම්පාදනය කරන ලද්දක් විය නොහැකි බවයි

කුරානයට එල්ල කරනු ලබන තවත් චෝදනාවක් වන්නේ එහි ඇති කොටස් බයිබලයෙන් උපුටාගෙන ඇති බවයි. එම චෝදනාව සත්ත්‍යයක් නම් බයිබලයේ දැකිය හැකි අවිද්‍යාත්මක කරුණු කුරානය තුල දැකිය නොහැකි වන්නේ ඇයි දැයි ප්‍රශ්න කල යුතුව තිබේ. කෙසේ වෙතත් කුරානය තුල කිසිම අවිද්‍යාත්මක සංසිද්ධියක් ඇතුලත් වී නොමැත. 

ඇතැම් අය චෝදනා කරන අන්දමට නබිතුමා බයිබලයෙන් උපුටාගෙන කුරානය නිර්මාණය කිරීමට නම් එම කාලයේදී බයිබලය අරාබි බසට පරිවර්තයන කොට තිබිය යුතුය. යම් විදියකින් එවැනි පරිවර්තනයක් සිදු කොට තිබුනත් නබිතුමා කියැවීමට හෝ ලිවීමට දැන සිටියේ නැත.  එපමනක් නොව නබිතුමා අරාබි භාෂාව හැර වෙන කිසිම භාෂාවක් දැන සිටියේද නැත. කෙසේ වෙතත් බයිබලයේ සහ කුරානයේ ඇතැම් සමානකම් දැකිය හැකි ය. ඊට හේතුව එම පණිවිඩ දෙකම එකම මුලාශ්‍රයකින් පැමිණ තිබීමය.. 

ඇතැම් අය කුරානය තුල අවිද්‍යාත්මක කරුණු ඇතුලත් බවට චෝදනා කරමින් සුල් කර්නයින් විසින් සුර්යයා බැස යන අවස්ථාවේදී දකින ලද දසුනක් පෙන්වා දෙන්නේය. මින් පෙනී යන්නේ සුළු දෙයක් පවා තේරුම් ගැනීමට ඔවුන් අසමත් බවයි. ඇත්ත වශයෙන්ම සුර්යයා අචල වස්තුවක් යැයි පිළිගෙන තිබුණු අවදියක එය ඊට නියමිත ගමන් මාර්ගයක සැරිසරන බව මුලින්ම ලෝකයා හමුවේ පවසා සිටියේ කුරානය මගින්ය. 

ඇතැම් විවේචකයින් පවසන්නේ කුරනයට අනුව පෘථිවිය පැතලි තැටියක් බවයි. එහෙත් කුරානයේ එවැනි දෙයක් සඳහන් කොට නැත. කුරානය පැතලි තැටියක් බව පැවසීම සඳහා ඉදිරිපත් කර තිබෙන වැකියේ සඳහන් වන  'දහාහා' යන අරාබි වචනයේ තේරුම බිත්තරයේ හැඩය බව ශබ්දකෝෂ වල දැකිය හැකිය. එසේ තිබියදී ඊට වෙනස් අර්ථයන් දෙන්නේ කෙසේද?

කුරානයට එල්ල කරනු ලබන තවත් චෝදනාවක් වන්නේ එහි යුද්ධයට සම්බන්ද වැකි අඩංගු කොට තිබීම ය. එය වැරැද්දක් ලෙස දකින්නේ නම් සතුරු ආක්‍රමනයක දී ගත යුතු පියවර කුමක් දැයි ඔවුන් පෙන්වා දිය යුතුය. එසේම කුරානයට කරන තවත් චෝදනාවක් වන්නේ කුරානය තුල "කාෆිර්වරුන් දුටු තැන ඝාතනය කරනු" යනුවෙන් සඳහන් කොට තිබීම ය. එම චෝදනාව එල්ල කරන අය දැනගත යුතුව තිබෙන්නේ එම නියෝගය ලබා දී තිබෙන්නේ යුද්ධයක් පවතින අවස්ථාවලදී ක්‍රියා කිරීම සඳහා පමණක් බවයි. සාමාන්‍ය ජන ජීවිතයේදී එම නියෝග කිසිසේත්ම අදාළ වන්නේ නැත. 

By Fasy Ajward.B.Sc(PhysicsSpecial)Hons.Jpura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

කුරානයට අනුව ලෞකික ජීවිතයේ යතාර්ථය කුමක්ද? (What is the reality of worldly life according to the Quran?)

ඉස්ලාමීය ව්‍යාපාරික ආචාර ධර්ම (Islamic Business Ethics)