ජාතිවාදය සහ ආගමික උමතුව (Racism and religious fanaticism)
ආසියානු රටවල ජාතිවාදය සහ ආගමික උන්මත්තකත්වය ඔවුන්ගේ දේශපාලනික උවමනාවන් වෙනුවෙන් යොදා ගනිති. එහෙත් ඇමරිකාව වැනි රටවල වර්ණවාදය ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ අනුව ඇතැම් දේශපාලකයින් වෙනුවෙන් සමහර පුජක තුමන්ලා වඳ බ්‍රා සහ වඳ කොත්තු ඔවුන්ගේ ව්‍යාපෘති වෙනුවෙන් යොදා ගත්තේය. මෙම උමතුව නිසා බොහෝ අහිංසක උදවිය පිඩාවට පත් විය. රටක් දියුණු කල හැක්කේ ජාතික සමගිය ඇති කිරීමෙන් ය. එහෙත් දෙවියන්ගේ සැලැස්ම අනුව මිනිසුන් නොයෙකුත් වර්නවලින්ද ජාතින් වශයෙන්ද මවා තිබේ. අල් කුරානය මගින් එම කරුණ මෙසේ විස්තර කොට ඇත. "මිනිසුනි! නියතවශයෙන්ම අපි නුඹලාව පිරිමියෙකුගෙන් සහ ගැහැනියෙකුගෙන් මවා, නුඹලා එකිනෙකාව හඳුනාගැනීම පිණිස නුඹලාව ජාතීන් ලෙසද, ගෝත්‍ර ලෙසද පත් කළෙමු. නුඹලා අතරින් වඩාත් බිය බැති කෙනා අල්ලාහ් හමුවෙහි වඩාත් ගෞරවයට පාත්‍ර කෙනාය" (කුරානය 49:13). ඉස්ලාම් දහම පෙන්වා දෙන පරිදි කෙනෙක් ඔහුගේ සමේ වර්ණය අනුව උසස්වන්නේ හෝ පහත්වන්නේ නැත. සියල්ලන්ම දෙවියන් ඉදිරියේ එක සමානය. නබි තුමා ඔහුගේ අවසාන අරෆා දේශනයේදී මෙසේ පවසා ඇත. "ඔබගේ ජීවිතය සහ වස්තුව එකිනෙකා අතර පුණ්‍ය දේවල් වන අතර...