ජාතිවාදය සහ ආගමික උමතුව (Racism and religious fanaticism)


ආසියානු රටවල ජාතිවාදය සහ ආගමික උන්මත්තකත්වය ඔවුන්ගේ දේශපාලනික උවමනාවන් වෙනුවෙන් යොදා ගනිති. එහෙත් ඇමරිකාව වැනි රටවල වර්ණවාදය ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ අනුව ඇතැම් දේශපාලකයින් වෙනුවෙන් සමහර පුජක තුමන්ලා වඳ බ්‍රා සහ වඳ කොත්තු ඔවුන්ගේ ව්‍යාපෘති වෙනුවෙන් යොදා ගත්තේය. මෙම උමතුව නිසා බොහෝ අහිංසක උදවිය පිඩාවට පත් විය.

රටක් දියුණු කල හැක්කේ ජාතික සමගිය ඇති කිරීමෙන් ය. එහෙත් දෙවියන්ගේ සැලැස්ම අනුව මිනිසුන් නොයෙකුත් වර්නවලින්ද ජාතින් වශයෙන්ද මවා තිබේ. අල් කුරානය මගින් එම කරුණ මෙසේ විස්තර කොට ඇත. 

"මිනිසුනි! නියතවශයෙන්ම අපි නුඹලාව පිරිමියෙකුගෙන් සහ ගැහැනියෙකුගෙන් මවා, නුඹලා එකිනෙකාව හඳුනාගැනීම පිණිස නුඹලාව ජාතීන් ලෙසද, ගෝත්‍ර ලෙසද පත් කළෙමු. නුඹලා අතරින් වඩාත් බිය බැති කෙනා අල්ලාහ් හමුවෙහි වඩාත් ගෞරවයට පාත්‍ර කෙනාය" (කුරානය 49:13).  

ඉස්ලාම් දහම පෙන්වා දෙන පරිදි කෙනෙක් ඔහුගේ සමේ වර්ණය අනුව උසස්වන්නේ හෝ පහත්වන්නේ නැත. සියල්ලන්ම දෙවියන් ඉදිරියේ එක සමානය. නබි තුමා ඔහුගේ අවසාන අරෆා දේශනයේදී මෙසේ පවසා ඇත.

"ඔබගේ ජීවිතය සහ වස්තුව එකිනෙකා අතර පුණ්‍ය දේවල් වන අතර ඒවාට අනතුරු නොකළ යුතු ය. ඒවා මෙම පුණ්‍ය සුල් හජ් මාසය සහ පුණ්‍ය අරෆා දිනයට සමානය. තවද ඔබව, ඔබගේ අධිපති දෙවියන් ඉදිරියට කැඳවනු ඇත. එම දිනයේදී ඔබගේ සෑම ක්‍රියාවක් ගැනම  ඔහු ඔබගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය". නබිතුමා මෙසේද පැවසුවේය. "අරාබි ජාතිකයා අරාබි නොවන්නාට වඩා උසස් වන්නේ නැත. එසේම අරාබි නොවන්නා අරාබි ජාතිකයාට වඩා උසස් වන්නේද නැත. සියල්ලෝම ආදම්ගේ දරුවෝ ය"

කෙසේ වෙතත් ඇතැම් උදවිය තම පෞද්ගලික ඕනෑ එපාකම් අනුව ජාතිවාදයෙන් සහ ආගමික උමතුවෙන් පෙලෙන්නේය. එහෙත් මිනිසා විසින් සෑම ආගමකටම ගරු කල යුතුය. කිසිම ආගමකින් තවත් ආගමක් පහත් කොට සැලකීමට උගන්වන්නේ නැත. එසේ තිබියදී ඇතැම් ආගමික පුජකයින් විසින් දහමේ ඉගැන්වීම් ඔවුන්ගේ උවමනාවන් ඉටු කල හැකි ආකාරයට හරවා ගන්නේය. එම තත්වය නිවැරදි කල හැක්කේ දෙමව්පියන්ට සහ නිවැරදි මාර්ගයේ ගමන් කරන පුජක තුමන්ලාට ය.

බොහෝ අයට ඉස්ලාම් දහම ගැන හරි අවබෝදයක් ලැබී නැත. ඇතැම් ජාතිවාදීන් එය ප්‍රයෝජනයට ගෙන මුස්ලිම්වරුන්ගේ කෑම බිම ගැනත්, ඇඳුම් පැළඳුම් ගැනත් අවලාද නගමින් ජාතිවාදය ඇවිස්සීමට එය උපයෝගී කර ගන්නේය. ඇතැම් අය මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම සහ හලාල් අහාරය අන්තවාදී කෝණයකින් පෙන්වා දීමට උත්සාහ දරන්නේය. එහෙත් ඒවා මිනිස් ජිවිතයේ යහ පැවැත්ම වෙනුවෙන් ඇති කරන ලද දේවල් ය.

ඇතැම් ජන මාධ්‍ය උවමනාවෙන්ම ඉස්ලාම් භීතිකාවක් නිර්මාණය කිරීම සඳහා තනි පුද්ගලයෙකු විසින් සිදු කල ක්‍රියාවක් පවා සමස්ත මුස්ලිම් ජනතාවගේ ක්‍රියාවක් ලෙස හුවා දැක්වීම සඳහා අසත්‍ය පුවත් පල කරති. සහරාන්ගේ බෝම්ම සිද්ධිය මේ සඳහා උදාහරණයට ගත හැකිය. එවැනි පුවත් පළකිරීම නිසා මුස්ලිම් ජනතාවට සිදු වූ මානසික පීඩනය සුළු පටු නොවේ. එම පුවත් නිසා අහිංසක ජනතාවගේ කඩ සාපප්පු, කර්මාන්ත ශාලා ආදිය ගිනි බත් විය. ගෙවල් දොරවල් විනාශ විය. ජිවිත හානි විය. 

මෙවැනි දේවල් වැළැක්වීමට නම් අසත්‍ය ප්‍රචාරයන්ට අසු නොවී සිටීමට වග බලා ගත යුතුය. එසේම ආගමික උමතුවෙන් ක්‍රියා නොකොට සිහි බුද්ධියෙන් ක්‍රියා කල යුතුය.

By Fasy Ajward.B.Sc(Physics Special)Hons, Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.


Comments

Popular posts from this blog

මිනිස් ජීවිතය කෙළවර වන්නේ කොතැනින්ද? (Where does human life end?)

දෙවියන් පිලිබඳ නිර්වචනය කුමක්ද? (What is the definition of God?)

අල්ලාහ් කවුද? (Who is Allah?)