ඉස්ලාමයට පෙර සහ පසු කාන්තාවගේ තත්වය (Status of woman before and after Islam)


අල් කුරානය පහළ වීමට පෙර අරාබියේ පැවති සම්ප්‍රදායික ගෝත්‍රික නීතිය යටතේ කාන්තාවන්ට නීත්‍යානුකූල තත්වයක් තිබුනේ නැත. ඒ අනුව පියවරුන් විසින් තමන්ගේම ගැහැණු දරුවන්ව වහල් කමට විකුණනු ලැබීය. තවද කාන්තාවන්ට දේපළ උරුමය හෝ අනුප්‍රාප්තික අයිතිවාසිකම් කිසිවක් තිබුනේ නැත. මෙම තත්වය අරාබියාවේ පමණක් නොව  ලෝකයේ බොහෝ රටවල්වල කාන්තාවන්ට අත්විඳීමට සිදු වූ ඉරණමකි. ඒ හැරුණු විට අරාබියාවේ පැවති සිරිත අනුව ගැහැණු දරුවන්ව පණපිටින් වළලනු ලැබීය. එවන් යුගයක නබිතුමා අරාබියාවේ උපත ලැබුවේය. මුහම්මද් නබි තුමාගෙන් පසු මෙම තත්වය සම්පුර්ණයෙන්ම උඩු යටිකුරු කරන ලදී. ඒ අනුව ඉස්ලාම් දහම පහළ වීමෙන් පසු කාන්තාවන්ටද මිනිසුන් මෙන් ගෞරවාන්විතව ජිවත් වීමේ අයිතිය ලැබුනේය. 

නබිතුමාගේ පම්ප්‍රාප්තියෙන් පසු කුරානයෙන් කාන්තාවනට දේපල අයිතිය ලබා දුන්නේය. ඉන් නොනැවතී ඔවුන්ට ප්‍රවේණිය උරුමයද නියම කරන ලදී. තවද දෑවැද්ද වෙනුවට මනාලයා විසින් මනාලියට ලබා දිය යුතු මහර් දීමනාව අනිවාර්ය කෙරින. මේ හැරුණු විට කුර්ආන් වැකියකින් විවාහ වන අවස්ථාවේදී කාන්තාවගේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කෙරුණේය. එසේම සාධාරණ හේතුන් ඇතොත් ඔවුන්ට දික්කසාද වීමටත් ඉල්ලුම් කිරීමේ අයිතිය කුරානය මගින් ලබා දී  තිබේ. 

කුරානය පහළ වීමට පෙර අරාබිකරයේ  පමණක් නොව ලෝකයේ විවිධ රටවල්වල කාන්තාවන් බොහෝ අසාධාරණයන්ට ලක්වී තිබේ. ඒ අනුව චීනයේ යුරෝපයේ සහ ඇමරිකාවේ ජීවත්වූ කාන්තාවන්ට දෙපළ අයිතිය තිබුනේ නැත. චීනයේ තිබුණු නීතියට අනුව කාන්තාවක් පිරිමි දරුවෙකු ප්‍රසුත කලේ නැති නම් හෝ ස්වාමියාගේ දෙමව්පියන්ට කීකරු නොවුයේ නම් හෝ සොරකමක් කලේ නම් හෝ කටකාරියක් වුයේ නම් හෝ ඇයව දික්කසාද කිරීමේ අතිතිය ස්වාමි පුරුෂයාට ලබා දී තිබුනේය. එසේම කාන්තාවන්ට ව්‍යාපාර කිරීමට හෝ  දේපල අයිතිකර ගැනීමට හෝ අවසර ලබා දී තිබුනේ නැත (Smith, Bonnie G (2008). The Oxford Encyclopedia of Women in World History: 4 Volume Set. London,UK: Oxford University Press. pp. 426–27). 

එක්සත් රාජදානියේ සහ ඇමරිකාවේ ද කාන්තවන් සඳහා දේපල අයිතිය තිබුනේ නැත. එම නීති වෙනස් කරනු ලැබුවේ ඉතා මෑත කාලයේදීය. මෙම සංශෝදනයන් කිරීමට කලින් කාන්තාවන් විවාහ වූ පසු ඔවුන්ට අයිති දේපල පාලනය කරනු ලැබුවේ ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් විසිනි. ඒ අනුව දහනව වන සියවසේදී කාන්තාවන් ඔවුන්ගේ දේපල අයිතිය වෙනුවෙන් නඩු මගට බැස තිබේ ("Married Women's Property Acts (United States [1839]) – Britannica Online Encyclopedia". Britannica.com. Retrieved 30 August 2011). මේ අනුව බලන කල කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් මුලින්ම පෙනී සිට ඇත්තේ නබිතුමාය. එහෙත් ඒවා ගැන නොදන්නා බොහෝ අය සිතන්නේ ඉස්ලාම් දහමින් කාන්තාවන්ව හිංසනයට ලක් කරන බවයි.

නවීන ලෝකයේ පවා කාන්තාවන්ව වෙළඳ භාණ්ඩයක් ලෙස සලකා කටයුතු කරනු දැකිය හැකිය. ඒ අනුව ඔවුන්ම ලිංගික වෙළඳාමේ විකිණීම සිදු කෙරෙන්නේය. කාන්තාවන්ට සම්බන්ද නොවන දෙයක් පවා විකිණීම සඳහා වෙළඳ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඔවුන්ගේ අඩ නිරුවත් රූපයන් යොදා ගැනේ. එහෙත් ඉස්ලාම් දහම ඊට ඉඩ ලබා දෙන්නේ නැත. 

අද බොහෝ අයගේ විවේචනයට ලක් වන්නේ මුස්ලිම් කාන්තාවගේ ඇඳුමයි. එහෙත් ඉන් ලැබෙන ආරක්ෂාව ගැන බොහෝ අය දැනගෙන නැත. කාන්තා හිංසනයක් ගැන සැලකීමේදී මුස්ලිම් කාන්තාවන් ආරක්ෂා වී තිබෙන්නේ එම ඇඳුම් ක්‍රමය නිසාය. මේ නිසා ඉස්ලාම් දහම කාන්තාවන් වෙනුවෙන් ලබා දී තිබෙන අයිතිවාසිකම් අපි අගය කල යුතුව තිබේ. 


By Fasy Ajward B.Sc(Sp.Phy)Hons,Japura,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.
Twiter:- thetrue_path


Comments

  1. ඉස්ලාම් ධර්මය තුළ කාන්තාවට සම්පූර්ණ ශරීරය වැසෙන ලෙස ශරීර අවයව ඉස්මතු නොවන ලෙස ඇදුම් ඇදීමට උපදෙස් ලබා දී ඇත්තේ ඇයි?

    ReplyDelete
  2. ඔවුන්ගේ ආරක්ෂාවට මෙන්ම සමාමයේ අරක්ෂවරයි. අද බොහෝ කාන්තා හිංසනයන්ට හේතුව ඔවුන්ගේ අඩනිරුවත් ඇඳුම බව විද්වතුන්ගේ මතයයි. ඈත අතීතයේ පවා අපගේ මව්වරුන් ගමනක් යන විට වහනය වටේ සාරියකින් ආවරණය කළා. අද එම තත්වය වෙනස් වෙලා තමන්ගේ ඇඳුමෙන්ම තමන්ගේ ශරීරය අවරණය කරන තත්වයක් උදා වෙලා. එකෙන් සමාජයට හොඳක් මිස නරකක් වෙන්නේ නෑ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)