මුස්ලිම්වරුන්ට කාති උසාවි අවශ්‍ය ඇයි? (Why do Muslims need Kathi courts?)

 


කාති උසාවියක් යනු මුස්ලිම්වරුන්ට පමණක් බලපාන ඇතැම් විශේෂ නඩු විසඳීම සඳහා ස්ථාපනය කොට ඇති ආයතනයකි.  මේ අකාරයටම අනෙක් ජාතීන්ට පමණක් බලපාන ඇතැම් නඩු විභාග කිරීම සඳහා විශේෂ උසාවි ස්ථාපනය කොට තිබේ. ඒ හැරුණු විට සියලුදෙනාටම පොදුවේ බලපාන නඩු විසඳීම සඳහා වෙනමම අධිකරණ පිහිටුවා තිබේ. ඒ අනුව ලංකාවේ අධිකරණ පද්දතිය සමන්විත වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණ, නාගරික අධිකරණ සහ ප්‍රාථමික යන අධිකරණවලින්ය. කෙසේ වෙතත් ලංකාවේ සාපරාධී නීතිය සම්බන්ද අධිකරණ බලය පැවරෙන්නේ මහේස්ත්‍රාත් උසාවියට සහ මහාධිකරණයට පමණි. 

ප්‍රධාන වශයෙන් ලංකාව තුල ක්‍රියාත්මක වන්නේ රෝමානු ලන්දේසි නිතිය, උඩරට නිතිය (උඩරට පමණක් බලපායි), තේසවලාම නිතිය (යාපනයට පමණක් බලපායි), ඉස්ලාම් ෂරියා නීතිය (මුස්ලිම්වරුන්ට පමණක් බලපායි), බෞද්ධ සහ හින්දු නීතිය (බෞද්ධයින්ට සහ හින්දුන්ගෙන් කොටසකට පමණක් බලපායි) යන නීති වේ. 

මුස්ලිම්වරුන්ගේ විවාහය දික්කසාදය දේපල බෙදීම වැනි දේවල් කුරානයේ ඇති නීති ප්‍රකාර සිදු කල යුතු වේ. මේ නිසා ඒවා ගැන කටයුතු කිරීමට ඈත අතීතයේ සිටම කාති උසාවියක් ස්ථාපනය කොට ඇත. විශේෂයෙන්ම එම උසාවිවලින් විභාග කරනු ලබන්නේ විවාහයය සහ දික්කසාද පිලිබඳ නඩු පමණි. එම උසාවි ක්‍රියාත්මක වුවද යම් කෙනෙකුට කාති උසාවියකින් දෙනු ලබන නඩු තීන්දු පිළිගත නොහැකි නම් ඔවුන්ට මහේස්ත්‍රාත් අධිකරණයකට යෑමට හැකිය. 

කාති උසාවියක යම් අකටයුතු කම් සිදු වේ නම් ඒවා නිවැරදි කර ගැනීම ජනතාවගේ වගකීමකි. ඒ වෙනුවට එම උසාවි අහෝසි කරන ලෙස ඉල්ලා සිටීම මුහුණේ ඇති වැරැද්දකට නහය කපා ගැනීම වැනි ක්‍රියාවකි. එම නිසා කිසිසේත්ම එවැනි මුග්ධ තීරණයකට එළඹිය යුතු නැත. 

අද දහම ගැන කිසිම දැනුමක් නොමැති වෙනත් ක්ෂේස්ත්‍ර වල රැකියා කල ඇතැම් අය කාති උසාවි වලට විරුද්ධ වන්නේ ඔවුන්ගේ පුද්ගලික හේතු කාරනා නිසා විය හැකිය. ඇත්ත වශයෙන්ම කාති උසාවි ගැන යම් තීරණයක් ගන්නේ නම් එය කල යුත්තේ මුස්ලිම්වරුන්ගේ විද්වත් මණ්ඩලයක් විසින් ය. එවැනි තීරණයක් ඉදිරිපත් කල යුත්තේ ද කාති උසාවිවල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම පිණිස පමණි. 

යම් විදියකින් කාති උසාවිවල කටයුතු කරන අයගේ ඇතැම් වැරදි තිබුනොත් ඒවා නිවැරදි කිරීම සඳහා කටයුතු කිරීම සමස්ත මුස්ලිම් ප්‍රජාවගේම වගකීමකි. කාති උසාවිවල පමණක් නොව ඕනෑම ආයතනයක අඩු පාඩු තිබිය හැකිය. එවැනි අවස්ථාවලදී කල යුත්තේ එම ආයතන වසා දැමීම නොව එහි ඇති වැරදි නිවැරදි කිරීම වේ. 

By Fasy Ajward.B.Sc(special)Hons,
Ex: Research officer at former Scientific and Industrial Research Institute.

https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twitter:-thetrue_path

Comments

Popular posts from this blog

පින් දහම් කරන සමහර අය නිරයට යන්නේ ඇයි? (Why do some people who do good deeds go to hell?)

හජ් වන්දනය සහ ඉබ්‍රාහිම් නබි තුමා (Hajj and Prophet Ibrahim)

විශ්වයේ පෝෂකයා වන අල්ලාහ් (Allah, the Sustainer of the Universe)