දෙවියන්ගේ දඬුවම් ප්‍රමාද කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? (What are the benefits of delaying God's punishments?)
ඇත්ත වශයෙන්ම දෙවියන් මහා කරුනිකයාය. මේ නිසා මිනිසා අහස උසට වැරදි කලත් ඔහුගේ මරණය දක්වාම සමාවෙ දොරටු විවෘතව තබා ඇත. එසේ නොකොට මිනිසුන් කරන වැරදි සඳහා ක්‍ෂණිකව දඬුවම් කළේ නම් මිහිපිට කීදෙනෙක් ඉතිරි වී සිටිනු ඇත්ද? එම කරුණ මෙම කුර්ආන් වැකිය තුලින් දැක ගත හැකිය. "අල්ලාහ් මිනිසුන්ගේ අපරාධ හේතුවෙන් (එම මොහොතේදීම) දඬුවම් කළහොත් (පොළව මත) එහා මෙහා වන කිසිම ප්‍රානියෙකුව ඉතිරි කරන්නේ නැත, එහෙත් ඔවුන්ට නියමිත කාල සීමාවක් දක්වා කල් දී තිබේ, නියමිත කාලය පැමිණි කල ඔවුන්ට එක් හෝරාවක් ඉදිරියට හෝ ආපස්සට යෑමට ලැබෙන්නේ නැත" (කුරානය 16:61). දේව දඬුවම් ප්‍රමාද වීම ඇතැම් අය දකින්නේ වැරදි කිරීමට ලැබී තිබෙන බලපත්‍රයක් හැටියටය. තවත් පිරිසක් එය සිතන්නේ ඔවුන් කරන වැරදි දෙවියන් නොදකින බවයි. මේ හේතුවෙන් ඔවුන් මරණය දක්වාම වැරදිවලට පසුතැවිලි වන්නේ නැත. එහෙත් දෙවියන් දඬුවම් කරන අවස්ථාව පැමිණි කල ඔවුන් කල වරදේ තරම තේරුම් ගන්නවා ඇත. "වැරදි කරුවන් කරන දේවල් ගැන අල්ලාහ් නොදැන සිටිනවා යැයි නොසිතන්න, එහෙත් ඔහු භීතියෙන් තිගැස්සී ඇස් උඩ යන එම දිනය දක්වා ඔවුන්ට අවකාශ ලබා දී තිබේ" (කුරානය 14:42)....