දෙවියන්ගේ දඬුවම් ප්‍රමාද කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? (What are the benefits of delaying God's punishments?)




ඇත්ත වශයෙන්ම දෙවියන් මහා කරුනිකයාය. මේ නිසා මිනිසා අහස උසට වැරදි කලත් ඔහුගේ මරණය දක්වාම සමාවෙ දොරටු විවෘතව තබා ඇත. එසේ නොකොට මිනිසුන් කරන වැරදි සඳහා ක්‍ෂණිකව දඬුවම් කළේ නම් මිහිපිට කීදෙනෙක් ඉතිරි වී සිටිනු ඇත්ද? එම කරුණ මෙම කුර්ආන් වැකිය තුලින් දැක ගත හැකිය. "අල්ලාහ් මිනිසුන්ගේ අපරාධ හේතුවෙන් (එම මොහොතේදීම) දඬුවම් කළහොත් (පොළව මත) එහා මෙහා වන කිසිම ප්‍රානියෙකුව ඉතිරි කරන්නේ නැත, එහෙත් ඔවුන්ට නියමිත කාල සීමාවක් දක්වා කල් දී තිබේ, නියමිත කාලය පැමිණි කල ඔවුන්ට එක් හෝරාවක් ඉදිරියට හෝ ආපස්සට යෑමට ලැබෙන්නේ නැත" (කුරානය 16:61).

දේව දඬුවම් ප්‍රමාද වීම ඇතැම් අය දකින්නේ වැරදි කිරීමට ලැබී තිබෙන බලපත්‍රයක් හැටියටය. තවත් පිරිසක් එය සිතන්නේ ඔවුන් කරන වැරදි දෙවියන් නොදකින බවයි. මේ හේතුවෙන් ඔවුන් මරණය දක්වාම වැරදිවලට පසුතැවිලි වන්නේ නැත. එහෙත් දෙවියන් දඬුවම් කරන අවස්ථාව පැමිණි කල ඔවුන් කල වරදේ තරම තේරුම් ගන්නවා ඇත. 

"වැරදි කරුවන් කරන දේවල් ගැන අල්ලාහ් නොදැන සිටිනවා යැයි නොසිතන්න, එහෙත් ඔහු භීතියෙන් තිගැස්සී ඇස් උඩ යන එම දිනය දක්වා ඔවුන්ට අවකාශ ලබා දී තිබේ" (කුරානය 14:42). 

ඇතැම් උදවිය තරුණ වියේදී සෑම වරදක්ම සිදු කොට මහලු වියට පත්වූ පසු දැහැමි ජිවිතයක් ගත කිරීමට සිතා සිටින්නේය. එහෙත් මරණය කොයි මොහොතේ සිදු වෙයි දැයි කාට නම් කිව හැකිද? ඇත්ත වශයෙන්ම කෙනෙක් ඔහුගේ මරණය දක්වාම බලා සිටීම සාතන්ගේ උගුලකි. 

මිනිසා කරන වැරදි වලට දඬුවම් ප්‍රමාද වීම සැලකිය යුත්තේ ආශීර්වාදයක් ලෙසය. මේ හේතුවෙන් කුමන වරදක් කලත් ඒවා නිවැරදි කරගෙන ස්වර්ගය අත්කර ගැනීම සඳහා බලාපොරොත්තු තැබීය හැකිය. කෙසේ වෙතත් අවසාන මොහොත දක්වාම කිසිවක් නොකර බලා සිටීම මුග්ධ කමකි. 

"නුඹගේ අධිපති දෙවියන් අධික ලෙස ක්‍ෂමාකරන්නාය; කරුනාවන්තයාය. ඔහු, ඔවුන් උපයාගත් දේවල් සඳහා දඬුවම් කරන්නේ නම් නියත වශයෙන්ම ඔවුනට වේදනාව ඉක්මන් කරත හැකිය. එහෙත් ඒ සඳහා ඔවුන්ට යැයි ප්‍රතිඥා දෙනු ලැබූ වෙලාවක් නියම කොට ඇත. ඉන් ඔබ්බට ඔවුන් සඳහා ගැලවුමක් නැත" (කුරානය 18:58).

බොහෝ අය විසින් කරනු ලබන වැරැද්දක් වන්නේ තමන්ව මැවූ දෙවියන්ව විශ්වාස නොකිරීමයි. ඔවුන්ට ස්වර්ගය තහනම් වේ. අනෙක් අතට දෙවියන්ව විශ්වාස කරමින් සිටියදී ඔහුට අතරමැදියන් තැබීමද විශාල වරදකි. මෙවැනි අය තම ජිවිත කාලය තුලදී පසුතැවිලි නොවුයේ නම් ඔවුන්ටද ස්වර්ගය සදාකල් තහනම් වේ.

මිනිසාට ලැබී ඇත්තේ එක් ජිවිත කාලයක් පමණි. ඉන් ප්‍රයෝජන ගැනීමට නම් දෙවියන් පහළ කල නිවැරදි දහම තෝරාගත යුතුය. එසේ නොකොට තම අභිමතය පරිදි ආගමක් ඇදහීමෙන් ස්වර්ගය ලැබෙන්නේ නැත. එසේ තිබියදී බොහෝ අය කරන්නේ සොයා බැලීමකින් තොරව තම පරම්පරාවෙන් උරුම වන ආගමක් ඇදහීමයි. 

ඇත්ත වශයෙන්ම නිවැරදි දහමක් එය පහළ වූ භාෂාවෙන්ම තිබිය යුතුය. එහෙත් අද තිබෙන බොහෝ ආගම් ඒවා පහළ වූ භාෂාවෙන් වෙනත් භාෂාවන් වලට පරිවර්තනය කොට තිබේ. එවැනි ආගම්වල පරිවර්තකයාගේ අදහස් ඇතුලත් වීම කිසිසේත්ම වැළැක්විය නොහැකිය. එපමනක් නොව බොහෝ ආගම්වල අවිද්‍යාත්මක කරුණු ඇතලත්ව තිබේ. ඉන් පෙනී යන්නේ එම ආගම් මිනිසා විසින් වෙනස් කර ඇති බවයි. 

අල් කුරානය ලොවට පහළ වූ අවසාන දහම් පණිවිඩය වේ. එය නබිතුමාට පහළ වූ අකාරයටම අදටත් ආරක්ෂා කොට ඇත. එහි ඇති කිසිම විද්‍යාත්මක තොරතුරක් මේ දක්වා අභියෝගයට ලක්වී නොමැත. එම ග්‍රන්ථය මුළු මහත් මිනිස් වර්ගයාටම යහ මග පෙන්වන්නේය. 

By Fasy Ajward.B.Sc(PhysicsSp)Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

අල්ලාහ් කවුද? (Who is Allah?)

අලුත් අවුරුදු සැමරීම ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? (What does Islam say about celebrating New Years?)

ඉස්ලාම් දහම තුල ඉවසීම වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ඇයි? (Why is patience highly valued in Islam?)