ඉස්ලාමයට අනුව හදවතේ කාර්යභාරය (The role of the heart according to Islam)


මිනිසා කරනු ලබන සෑම කාර්යයක් සඳහාම මිනිස් මොළය ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කරන්නේය. එහෙත් මෑත කාලයේදී සිදු කරන ලද පර්යේෂණ වල ප්‍රතිපල අනුව මොලයේ ක්‍රියාකාරිත්වයට හදවතේ බලපෑමක් ඇති බව සොයාගෙන තිබේ. 

ශරීරයේ සෑම කාර්යයක්ම සිදුවන්නේ මොළයෙන් යවන පණිවිඩ අනුව ය. ඒ අනුව මිනිස් සිරුරේ සෑම අවයවයක්ම ක්‍රියා කරන්නේ එම සංඥාවලට අනුකූලවය. කෙසේ වෙතත් ඇතැම් තීන්දු තීරණ ගැනීමේදී හදවතින් විශාල කාර්ය භාරයක් සිදු කෙරෙන බව පෙනී යන්නේය. මේ නිසා කුරානය, හදවත සම්බන්දයෙන් මෙසේ පවසා ඇත. "ඔවුන් කරමින් සිටි දේ ඔවුන්ගේ හදවත් මත මල බැඳීමක් ලෙස පතිත විය". මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාද හදවත සම්බන්දයෙන් මෙවැනි ප්‍රකාශනය සිදු කොට තිබේ. “අපගේ ශරීරයේ මස් කැබැල්ලක් ඇත. එය හොඳ තත්වයේ පවතින්නේ නම් මුළු ශරීරයම යහපත් වේ. එය දූෂිත වන්නේ නම් මුළු ශරීරයම දූෂිත වේ. දැනගනු, එය හදවතයි" 

මිනිසාගේ ක්‍රියා කලාපය නිසා හදවත් දැඩි වන බව ඉස්ලාමය පෙන්වා දෙන්නේය. එසේ වූ කල, ඇස් තිබුනත් හරිදේ දැකිය නොහැක. කන් තිබුනත් සත්‍යය වැටහෙන්නේ නැත. හදවත තිබුනත් නිවැරදි දේ තේරුම් ගැනීමට හැකි වන්නේ නැත. එවැනි අය ගැන කුරානය මෙසේ පවසා ඇත. "ඔවුන්ට සිත් ඇත්තේය. (එහෙත්) එමගින් ඔවුන් වටහා නොගන්නෝය. තවද, ඔවුනට ඇස් ඇත්තේය (එහෙත්) එමගින් ඔවුන් නොබලන්නෝය. ඔවුන්ට කන් ඇත්තේය (එහෙත්) එමගින් ඔවුන් සවන් නොදෙන්නෝය" (කුරානය 7:179). තවත් සමහර හදවත් ගල් පර්වත වලට සමාන කොට ඇත. “ඉන් පසුවද ඔබගේ හදවත් දැඩිවිය. එය ගල් පර්වත මෙන් හෝ නැතහොත් ඊටත් වඩා දැඩි විය. (මන්දයත්) සමහර පර්වතවලින් උල්පත් ඇති වී සැමදා ජලය වැහෙන්නේය. තවත් සමහර පර්වත පැලී දෙබෑ වී එයින් ජල දහරා වැහෙන්නේය. ඉන් සමහරක් අල්ලාහ්ට බියෙන් පහලට ඇද හැලෙන්නේය. අල්ලාහ් ඔබ කරන දැය නොදන්නේ නොවේ” (කුරානය 2:74).

කෙනෙකුගේ උඩඟු කම නිසාද අකුසල් ක්‍රියාවන් නිසාද හදවත් අන්ද වන බව පවසා ඇත. ඔවුන්ගේ හදවත් වලට අල්ලාහ්, මුද්‍රා තබන්නේය. “(අල්ලාහ්ගෙන්) තමන්ට පැමිණි කිසිම සාදකයක් නොමැතිව අල්ලාහ්ගේ ආයාවන් (වදන්)  ගැන (නිකරුනේ) තර්ක කිරීම අල්ලාහ් වෙතද විස්වාස කළ අය වෙතද ඉතාමත් පිළිකුල් සහගතය. එසේම ආඩම්බරය හා උඩඟුකම ඇති සෑම කෙනෙකුගේම හෘදයන්හි අල්ලාහ් මුද්‍රා තබන්නේය” (කුරානය 40:35).

ඉස්ලාමිය ලෝකයේ ප්‍රසිද්ද විද්වතෙකු වන ඉමාම් ගzස්සාලි පවසන්නේ මිනිසාගේ වැදගත්ම හරය සිත (Qalb-Self) බවයි. ඔහු පවසන ආකාරයට මිනිස් සිත අධ්‍යාත්මික (spiritual) වස්තුවක් වන අතර එය ශරීරය තුල භෞතික සහ අධ්‍යාත්මික ක්‍රියාවන් මෙහෙය වනු ලබයි. ඉමාම් ගzස්සාලි තුමා පවසන ආකාරයට සිතට භෞතික හදවතත් සමග සම්බන්දතාවයක් පවතින්නේය.

නබිතුමා පවසා ඇති හදිසයකට අනුව පව් කරන කෙනෙකුගේ අධ්‍යාත්මක හදවත අඳුරු වන්නේය. එහෙත් තමන් කළ වැරදි ගැන සිතා පසුතැවිලි වුයේ නම් එම තත්වයෙන් මිදිය හැකිය. හදවත අන්ද වූ කෙනෙකුට දෙන අවවාද වලින් ප්‍රයෝජනයක් අත්වන්නේ නැත. ඔවුන්ගේ අවසානය නිරය වේ.

By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Jpura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twitter:- thetrue_path


Comments

Popular posts from this blog

මිනිස් ජීවිතය කෙළවර වන්නේ කොතැනින්ද? (Where does human life end?)

දෙවියන් පිලිබඳ නිර්වචනය කුමක්ද? (What is the definition of God?)

අල්ලාහ් කවුද? (Who is Allah?)