කුරානයට අනුව යකඩ පෘථිවියට පැමිණියේ කෙසේද? (How did iron come to earth according to the Quran?)



අල්-කුරානයේ තාරකා භෞතික විද්‍යාව සම්බන්ද කරුණු රාශියක් ඇතුලත් වේ. පෘථිවියට යකඩ ලෝහය ලැබුණු අකාරයත් ඉන් එකකි. කුරානයේ සඳහන් වන ආකාරයට අපගේ සෞරග්‍රහ මණ්ඩලයට යකඩ ලෝහය ලැබී ඇත්තේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඇති තරුවක් පිපිරී යාම නිසා විය යුතුය. මෙම වගන්තිය අනුව එය අනුමාන කල හැකිය. “තවද, අපි යකඩයද පහළ කෙළෙමු. එහි ඉමහත් බලයක්ද මිනිසුන්ට නොයෙක් ප්‍රයෝජනද ඇත්තේය” (Q 57:25). මෙම වැකිය තුල යකඩ ලෝහය "මැව්වෙමු" යැයි සඳහන් කිරීම වෙනුවට "පහළ කෙළෙමු" යැයි විශේෂයෙන් සඳහන් කිරීම නිසා අපට එම නිගමනය වෙත පැමිණිය හැකිය. එහි විශේෂත්වයක් නොතිබුනේ නම් අනෙක් දේවල් මෙන් "අපි මව්වෙමු" යැයි සඳහන් කිරීමට තිබුනේය. 

විද්‍යාඥයින් සඳහන් කරන අන්දමට යකඩ ලෝහය නිපදවිය හැකි තරම් උෂ්ණත්වයක් සුර්යා තුල පවතින්නේ නැත. සුර්යාගේ බාහිර් උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000 පමණ වන අත‍ර එහි අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 20 ක් පමණ වන්නේය. මෙතරම් පහළ උෂ්ණත්වයකදී හීලියම් වායුව කාබන් සහ ඔක්සිජන් බවටත් අනතුරුව යකඩ බවටත් පරිවර්තනය කල නොහැකි ය. යකඩ ලෝහය නිෂ්පාදනය කිරීමට උවමනා කරන සංකීර්ණ පරමාණුක ප්‍රතික්‍රියාවන් ඇතිවීම සඳහා සෙල්සියස් අංශක මිලියන සියයය ඉක්මවා තිබිය යුතුය. එබැවින් යකඩ ලෝහය නිපදවිය හැකි සංකීර්ණ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සිදුවිය හැක්කේ දැවැන්ත තාරකා තුල දී පමණි. විශාල තරුවල නිෂ්පාදනය වන යකඩ ඒවාට දරාගැනීමට නොහැකි තරම් ඝනත්වයට පත් වූ පසු ඒවා පිපිරී යෑමෙන් එහි ඇති යකඩ අභාවකාශයට උල්කාපාත වරුසාවක් ලෙස එකතු වන අතර ඉන් අපගේ පෘථිවියටත් යකඩ ලෝහය ලැබී ඇති බව විද්‍යාඥයින්ගේ මතය වේ. මෙය කදිමට එම කුරආන් වැකියේ ඇති කරුණ සමග එකඟ වන්නේය. 

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)