ආත්මය පිළිබඳ ඉස්ලාමීය විශ්වාසය (Islamic belief in the soul)
ආත්මය නොහොත් ජිවය විද්‍යාත්මක උපකරණවලට හසු කර ගත නොහැකි ය. එබැවින් විද්‍යාව කොතරම් දියුණුවී ඇතත් ජිවය පිළිබඳව විඥාඥයින්ට ඇත්තේ අල්ප දැනුමකි. කෙසේ වෙතත් කෙනෙකුගේ මරණය සිදු වූ වහාම ශරීරයේ බර අඩු වන බව සොයාගෙන තිබේ. අල් කුරානයට අනුව අදම්තුමාව මැවීමෙන් පසු ඔහුගේ ශරීරය තුලට ආත්මය ඇතුලත් කොට තිබේ. ඉන් පසු ඔහුගේ ක්‍රියාකර කම් ආරම්භ විය. ආත්මය පිළිබඳව නබිතුමාගෙන් අසන ලද පැනයකට පිළිතුරු වශයෙන් මෙම කුර්ආන් වැකිය පහළ විය. "ඔවුන් ප්‍රාණය ගැන නුඹගෙන් විමසති. ප්‍රාණය මාගේ සමිඳුන්ගේ (رب) අණ පරිදිම ඇතැයි ද (එය ගැන) සුළු දැනුමක් පමණක් ඔබලාට දෙනු ලැබ ඇතැයි ද පවසනු" (කුරානය 17:85). මේ හේතුවෙන් මිනිසාට ආත්මය පිලිබඳව දෙවියන් දැනුම් දෙන ලද දේට වඩා වැඩි දෙයක් දන්නේ නැත. අල් කුරානයට අනුව ආත්මයට "රුහ්" යැයි කියනු ලැබේ. එය මෙලොවට අයත් නොවේ. ඒ අනුව කෙනෙකුගේ මරණයත් සමග එය නැවතත් දෙවියන් වෙත රැගෙන යාමට නියමිතය. අල් කුරානයේ සඳහන් වන ආකාරයට මරණය සහ ජිවය මවා තිබෙන්නේ මිනිසාව පරික්ෂා කොට බැලීම සඳහාය. එම කරුණ කුරානයේ මෙලෙස සඳහන් වේ. "ඔහු මරණය සහ ජිවය මවන ලද්දේ නුඹලා අතරින් යහපත් ක්‍රියාවන...