නබිතුමා ඔහුගේ උපන් දිනය සැමරුවාද? (Did the Prophet celebrate his birthday?)


ඉස්ලාම් ආගමේ ඇති විශේෂත්වය වන්නේ එහි ඇති සියලුම දේවල් අල්ලාහ්ගේ නියෝගයන්ට යටත්ව සිදු කිරීම ය. ඒ අනුව මුහම්මද් නබි තුමා පවා දේශනා කලේ අල්ලාහ්ගේ නියෝගයන් පමණි. මේ හේතුවෙන් කිසිම කෙනෙකුට එම දහම තුලට අලුතින් කොටස් එකතු කිරීමට හෝ එහි ඇති කොටස් වෙනස් කිරීමට නොහැකිය. ඒ සඳහා මෙම කුර්ආන් වැකිය ගෙන හැර දැක්විය හැකිය. "අද දින මම නුඹලා වෙනුවෙන් නුඹලාට  නුඹලාගේ ආගම සම්පුර්ණ කලෙමි. තවද නුඹලාගේ ජිවන රටාව වශයෙන් ඉස්ලාමය සතුටින් තෝරා දුනිමි" (කුරානය 5:3). මේ හැරුණු විට නබිතුමාද මෙසේ පවසා තිබේ. "කව්රුන් හෝ මේ දහම තුලට අලුතින් යමක් එක්කළේ නම් එය දහමේ අංගයක් නොවන විට එය ප්‍රතික්ෂේප කල යුතුය" (බුහාරි 2550, මුස්ලිම් 1718) නබිතුමා මෙසේද පවසා තිබේ. "දහමට අලුතින් එක්කරන සියලුම ඇදහිලි නොමග ගිය දේවල් ය. නොමග ගිය සියලුම දේවල් නිරයට වේ"  මෙම කරුණු වලින් පෙනී යන්නේ මුලිම්වරයෙකු සෑම විටම නබිතුමා සහ ඔහුගේ අනුගාමිකයින් පෙන්වා දුන් දහමට වඩා දෙයක් දහමේ නාමයෙන් නොකළ යුතු බවයි. 

සෑම මුස්ලිම්වරයෙකුම තම ජිවිතයට වඩා නබිතුමා කෙරෙහි සෙනෙහස දැක්වීම නොරහසකි. එහෙත් එය කල යුත්තේ ඉස්ලාම් දහම පෙන්වා ඇති සීමාවන් තුල ය. මේ නිසා නබිතුමා හෝ ඔහුගේ සහාබා වරුන් නොකළ මිලාදුන් නබි උපන් දින සාදයක් පවත්වා නබිතුමා කෙරෙහි සෙනෙහස දැක්වීම වරදකි. 

නබිතුමා වෙනුවෙන් වසරක් පාසා උපත් දින සැමරීම දහමේ අංගයක් වුයේ නම් එය නබිතුමාදගේ රුවන් වැකියකින් පෙන්වා දෙනු ඇත. එහෙත් කිසිම හදිස් ග්‍රන්තයක එවැනි දෙයක් සඳහන් වන්නේ නැත. එපමණක් නොව නබිතුමා විසින් වර්ණනා කරන ලද මුල් කාල වකවානුවේ ජිවත් වූ කලීෆා වරුන් ද එවැනි  උපන්දින සැමරුමක් කල බව සඳහන් වන්නේ නැත. ශ්‍රේෂ්ඨ ඉමාම් වරුන් වන අබුහනිෆා, මාලික්, ෂාෆි සහ හම්බලි (ඔවුන් සියලු දෙනා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) යන ඉමාම්වරුන් විසින්ද නබි තුමාගේ උපන් දින සැමරීමකට අනුබල දී නැත. මේ හැරුණු විට නවීන ලෝකයේ සිටින කිසිම විද්වතෙක් නබිතුමාගේ උපන්දිනය සැමරීම අනුමත කරන්නේ නැත.

යම් විදියකින් උපන්දින සැමරීම අල්ලාහ්ගේ නියෝගයක් වුයේ නම් එය ජනතාවට හෙළි කිරීම නබිතුමාගේ වගකීමක් සහ යුතුකමක් ද වේ. එපමණක් නොව දෙවියන්ගේ නියෝගයක් ජනතාවට වසම් කිරීම නබිත්වයට කරන ද්‍රෝහී කමක් ය. එසේ තිබියදී නබි තුමා ජිවත්ව සිටියදී තමන් වෙනුවෙන් හෝ තම භාර්‍යාවන් වෙනුවෙන් හෝ තම සහාබා වරුන් වෙනුවෙන් හෝ උපන්දින සැමරීම්ක් නොකළේය. මෙම කරුණු වලින් පෙන්නුම් කරන්නේ උපන්දින සැමරීම දහමේ අංගයක් නොවන බවයි. 

ඇතැමුන් පවසන්නේ නබිතුමා සඳුඳා දින උපවාස කලේ ඔහුගේ උපන්දින සැමරීම වෙනුවෙන් බවයි. එය සත්‍යයක් නම් ඔහුගේ අනුගාමිකයන් කල යුත්තේ නබි තුමාව අනුගමනය කරමින් සඳුදා දින උපවාස කිරීමය. එය වෙනස් කිරීම නබිතුමාට කරන අගව්රවයකි.  

නබිතුමා කෙරෙහි සෙනෙහස දැක්වීම සඳහා කල යුත්තේ ඔහුගේ සෑම සුන්නාවක්ම පිළිපැදීම ය. ඒ සම්බන්දයෙන් අල් කුරානය මෙසේ පවසා ඇත: “පවසනු: ඔබ අල්ලාහ් කෙරෙහි සෙනෙහස දක්වන්නේ නම්, මාගේ (නබිතුමාගේ) මාර්‍ගය පිලිපදිනු, එවිට අල්ලාහ් ඔබව ප්‍රිය කරන අතර ඔබගේ පව් සමාකරනු ඇත. අල්ලාහ් මහත්සේ සමාකරන්නාද මහත් කාරුනිකයාද වන්නේය” (Q3:31)

නබිතුමාගේ උපන්දින සැමරීම සම්බන්දයෙන් අතුරු ප්‍රශ්නයක්ද පැන නගින්නේය. එනම් කිසිවෙකු විසින් නබිතුමා උපන් දිනය හරි හැටි දන්නේ නැත. එසේ තිබියදී බොහෝ අය උපකල්පනය කරන්නේ එය රබියුල් අව්වල් මස 12 වන දිනයේදී සිදුවූ බවයි. එහෙත් මේ සම්බන්දයෙන් වෙනත් දින ගනාවක්ද යෝජනාවී ඇත.

නබිතුමා වෙනුවෙන් උපන්දින සැමරීම ආරම්භ වන්නේ නබිතුමාගේ වියෝවෙන් වසර පන්සියයක් පමණ ගෙවී ගිය පසුවය. එනම හිජ්රි හතර වන සිය වසේදීය. ඒ අනුව නබිතුමා වෙනුවෙන් පවත්වනු ලැබූ මුල්ම උපන්දින සැමරුම සිදු වුයේ ඊජිප්තුවේ අග නගරය වන ඉර්බිල්හි දිය. එය  අල්-මාලික් අල්-මුලෆ්ෆර් අබු සඊද් (al-Malik al-Muzaffar Abu Sa‘eed) යන තැනැත්තා විසින් සිදුකරන ලදී. එවකට කලීෆා වශයෙන් සිටියේ ෂියා නිකායට අයත් ෆාතිමිඩ් වරයෙකු වන ෂෙයික් අල්-මහ්ෆුස් ය.

කෙසේ වෙතත් කලක් යන විට එම අලුත් ඇදහිල්ල අල්-අෆ්දාල් නමැති හමුදා පාලකයා විසින් නතර කරන ලදී. ඉන්පසු අල්-අමීර් බි-අහ්කාම් අල්ලාහ් විසින් හිජ්රි 524 දී නැවත වරක් එම මිලාද් උත්සවය ආරම්භ කළේය. කෙසේ වෙතත් අද අපට මේ සම්බන්දයෙන් සොයා බැලීමට ඕනෑතරම් පහසුකම් තිබේ. එබැවින් අපගේ යුතුකම වන්නේ හරි හැටි දහම ගැන සොයා බලා ඒ අනුව ජිවත් වීමය. 

By Fasy Ajward. B.Sc(PhysicsSpecial)Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path









Comments

Popular posts from this blog

සමලිංගිකත්වය පිළිබඳ ඉස්ලාමීය දැක්ම (Islamic view of homosexuality)

ඉස්ලාම්, ආදම් තුමා පටන් මුහම්මද්(ﷺ) තුමා දක්වා (Islam, from Adam to Muhammad (ﷺ))

කුරානය දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩයක් වන්නේ ඇයි? (Why is the Quran a message from God?)