උඩඟුකම ගැන ඉස්ලාමීය අනතුරු ඇඟවීම (Islamic warning about pride)


උඩඟු කමට අරාබි බසින් 'කිබ්ර්' යැයි කියනු ලැබේ. නබිතුමාගේ වදනකට අනුව උඩඟු කම අනු ප්‍රමාණයක් හෝ ඇති තැනැත්තා ස්වර්ගයට යන්නේ නැත. එය මිනිසාව අල්ලාහ්ගෙන් ඈත් කර තැබීමට ප්‍රධාන හේතුවකි. මුල් වරට උඩඟු කම පෙන්නුම් කලේ සාතන් ය. තවද අහංකාරය සම්බන්දයෙන් කුරානයේ මෙසේද දැකිය හැකිය. "ඔහු (අල්ලාහ්) අහංකාරය පෙන්වන්නන්ව ප්‍රිය නොකරන්නේය" (කුරානය 16:23).

උඩඟු කම යනු කෙනෙක් තවත් කෙනෙකුව පහත් කොට සැලකීමයි. කෙසේ වෙතත් ලස්සන ඇඳුමක් ඇඳීම හෝ වටිනා සපත්තු ජෝඩුවක් දැමීම උඩඟු කම නොවේ. සහාබි වරයෙක් නබිතුමාගෙන් ඇසු පැනයකට පිළිතුරු වශයෙන් එතුමා පවසා තිබෙන්නේ කෙනෙක් වටිනා ඇඳුමක් හෝ වටිනා සපත්තු ජෝඩුවක් දැමීම උඩඟු කම නොවන බවයි. කෙසේ වෙතත් එමගින් ඔහු අනෙකාට වඩා උසස් යැයි සිතීම උඩඟු කම වේ. මෙය සාතන්ගේ ක්‍රියාවෙන් දැකිය හැකිය. එය කුරානයේ මෙලෙස විස්තර කොට ඇත. "මා අණ කල කල්හි නුඹ සුජුද් නොකර සිටීමට හේතුව කුමක්දැ"යි (අල්ලාහ් ඉබ්ලිස්ගෙන්) ඇසු කල්හි, ඉබ්ලිස්: 'මා ඔහුට වඩා උසස් වන්නෙමි, නුඹ මාව ගින්නෙන් මවා ඇති අතර ඔහුව කිරි මැටියෙන් මවා ඇතැ'යි පැවසුවේය" (කුරානය 7:12). සාතන්ගේ මෙම උඩඟු කම නිසා ඔහුව ස්වර්ගයෙන් නෙරපනු ලැබුවේය. 

රජකම් කලත් ඔහු උඩඟු කමෙන් පෙළෙන්නේ නම් ඔහුගේ විනාශය නියතය. උදාහරණයක් වශයෙන් ඊජිප්තුව පාලනය කල පාරාවෝ ගේ කතාවෙන් එය දැකිය හැකිය. ඔහු සිය උඩඟු කම නිසා මුසා නබි තුමාගේ ආරාධනාව පිළිගත්තේ නැත. එහි ප්‍රතිපලයක් ලෙස දෙවියන්ගේ දඬුවමට ලක් විය. පාරාවෝ පමණක් නොව ඇතැම් අය ඔවුන්ගේ වෘත්තීය නිසා ද තවත් සමහරු රාජ්‍ය බලය නිසාද උඩඟු වෙති. ඒවා ඔවුන්ගේ විනාශයට හේතුවක් බව මතක තබා ගත යුතුය. 

අහංකාරකමේ බොහෝ ප්‍රබේද ඇත. එහි උච්චතම අවස්ථාවක් වන්නේ කෙනෙක් සත්‍යය දැක දැකත් ඊට පිටු පෑමයි. ඒ අන් කිසිවක් නිසා නොව සත්‍යය පිළිගැනිම ඔවුන්ට මදි පුංචිකම නිසාය. එබැවින් ඔවුන්ට අත්වන්නේද සාතන්ට අත්වූ ඉරණමම බව මහක තබා ගත යුතුය. 

By Fasy Ajward. B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

ඉස්ලාම් දහම තුල අධ්‍යාපනයට ඇති වැදගත්කම (The importance of education in Islam)

දෙවියන් මිනිසාට ලබා දී ඇති දායාදයන් ගැන ඔබ සිතා බැලුවාද? (Have you thought about the gifts God has given to man?)

ඉස්ලාමයේ දෙවන කුළුණ වන සලාතය (Salat, the second pillar of Islam)