ඉස්ලාමීය ව්‍යාපාරික ආචාර ධර්ම (Islamic Business Ethics)
ඉස්ලාම් දහම තුල වෙළඳාම ආගමික චාරිත්‍රයක් ලෙස සලකනු ලැබේ. මේ හේතුවෙන් ව්‍යාපාරික ආචාර ධර්ම ඉස්ලාම් දහමේ මූලධර්මත් සමග ඍජුවම බැඳී පවතී. මුස්ලිවරයෙකු වෙළඳාම් කිරීමේදී කුරානයෙන් සහ හදිස්වලින් පෙන්වා දෙන රාමුව තුල සිදු කල යුතුය. සාධාරණ අන්දමින් වෙළඳාම් කරන තැනැත්තාට කුසල් ලැබෙන අතර අසාධාරණ ලෙස හම්බ කරන තැනැත්තාට අකුසල් ලැබෙන්නේය. මේ නිසා ව්‍යාපාරිකයෙකු සෑම විටම අවංකභාවය, සාධාරණත්වය සහ සමාජ වගකීම් රැක ගත යුතුය. මද්යන් වැසියන් හට ශුඅ'යිබ් නබි තුමා මෙසේ පැවසූ බව කුරානයේ සඳහන් වේ. "මාගේ ජනයිනි! කිරුම් මිනුම් කටයුතු සාධාරණව ඉටු කරනු. මිනිසුන්ට (දිය යුතු) ඔවුන්ගේ වස්තුව අඩු නොකරනු. භූමියේ අපරාධ කරමින් සැරිසැරීම් නොකරනු" (කුරානය 11:85). අල් කුරානයෙන් පොලිය තහනම් කොට වෙළඳාම අනුමත කොට තිබේ. ඒ සම්බන්දයෙන් කුරානය මෙසේ දන්වා සිටි: "වෙළඳාම පොලිය මෙන්ම වන්නේයැයි ඔවුන් පැවසුහ. එහෙත් අල්ලාහ් පොලිය තහනම් කොට වෙළඳාම අනුමත කොට ඇත" (කුරානය 2:275). මුස්ලිම්වරයෙකු වෙළඳාම් කිරීමේදී හෝ වෙනයම් අවස්ථාවකදී හෝ පොලියට සම්බන්ද වීමෙන් සම්පුර්ණයෙන්ම වැලකී සිටිය යුතුය. තවද මුස්ලිම්වරුන්ට ෂ...