ඉස්ලාම් දහමින් සුර පැළඳීම සහ මන්තර ගුරුකම් තහනම් කරන්නේ ඇයි? (Why does Islam forbid amulets and witchcraft?)


ඉස්ලාම් දහම අනුව ඕනෑම අවශ්‍යතාවයකදී පිහිට පැතිය යුත්තේ අල්ලාහ්ගෙන් ය. එසේ තිබියදී පිහිට සොයා ඇදුරන් ගේ උදව් පැතීම විශාල පාපයකි. එවැනි දේවල් කිරීමේදී කාෆිර් ජින් වරුන්ගේ උදව් පැතිය යුතුව තිබේ. එහි මුල් පියවර වශයෙන් ජින්වරුන්ට අවනත විය යුතුය. එහි ප්‍රතිපලයක් ලෙස ඔහු ඉස්ලාම් දහමින් ඉවත් වේ. මේ හේතුව නිසා ඉස්ලාම් දහමින් සුර පැළඳීම සහ මන්ත්‍ර ගුරුකම් කිරීම තහනම් කොට තිබේ.

උක්බා බින් ආමීර් රලි තුමා වාර්තා කරන වග නම්: එක් අවස්ථාවකදී මිනිසුන් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නබිතුමා වෙත පැමිණ තිබේ. එවිට ඔවුන්ගෙන් එක් අයෙකු හැර අනෙක් නවදෙනාටම නබිතුමා විසින් අතට අත දී පිළි ගෙන තිබේ. මෙම සිදුවීම කෙරෙහි අවධානය යොමු කල සහාබවරු එසේ කිරීමට හේතුව කුමක්දැයි නබි තුමාගෙන් විමසා ඇත. ඊට පිළිතුරු දුන් නබි තුමා පවසා ඇත්තේ එම තැනැත්තා සුරයක් පැළඳ සිටින බවයි. මේ බව දැනගත් එම තැනැත්තා වහාම එම සුරය ගලවා විසි කොට ඇත. ඉන් පසු නබිතුමා ඔහුට අතට අත දී පිලි ගෙන තිබේ. ඉන් පසු නබිතුමා සහාබවරුන් අමතා, "සුර පැළඳ සිටින ඕනෑම කෙනෙක් දෙවියන්ට සමානයන් ඇති කරන්නේ යැයි" පවසා ඇත. (අහ්මඩ් 16969). (මෙම හදිසය සහිහ් බව ෂෙයික් අල්බානි පවසන්නේය). 

අල් කුරානයේ ඇස්වහ කටවහ ඇතුළු හූනියම් වලින් ආරක්ෂා වීම සඳහා පරිජ්ජේදයන් දෙකක් පහළ කොට තිබේ. මුස්ලිම්වරුන්ට හූනියම් වලින් ආරක්ෂා වීම සඳහා එම සුරාවන් භාවිතා කල හැකිය. නබිතුමා දෛනිකව එම සුරාවන් පරායණය කොට තම අත්ලේ පිඹ මුළු ශරීරයේම තවරාගෙන තිබේ. මෙම ක්‍රියාව උදේ හවස තුන්වරක් බැගින් සිදු කල යුතුය.

ඇතැම් මුස්ලිම්වරු සුර පලන්දින්නෝය. එහෙත් බහුතර ඉස්ලාමීය විද්වතුන්ගේ මතය අනුව එය වරදකි. ඔවුන් පවසන අන්දමට කුර්ආන් පාටයන් ලියා කරේ එල්ලීම හෝ ඉනේ ගැට ගැසීම හෝ නිවසේ එල්ලා තැබීම තහනම් ය. එසේ තිබියදී ඇතැම් උදවිය තඹ තහඩු මත කොටු ඇඳ අර්ථය වටහා ගත නොහැකි අකුරු ලියා බෝතල් කුප්පිවල අසුරා නිවසේ හතර වටේ එල්ලා තබන්නේය. එවැනි දේවල් කිරීමෙන් එම අය අල්ලාහ්ගේ ආරක්ෂාවෙන් බැහැර වෙති.

අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි) තුමා නබිතුමාගේ හදිසයක් මෙසේ වාර්තා කොට ඇත: "අල්ලාහ්ගේ නබි තුමා කරුණු දහයක් කෙරෙහි අප්‍රසාදය පල කළේය. ඒවා නම්, කහ වර්ණ ගැන්වීම, පැසුණු හිසකෙස් කළු කිරීම, පිරිමින් තම වස්ත්‍රය බිම ඇතිල්ලෙන තරමට දිගට ඇඳීම, පිරිමින් රන් මුදු පැළඳීම, දාදු කැට ක්‍රීඩාව, කාන්තාවක් මහ්රම් නොවන අය ඉදිරියේ තමන්ව අලංකාර කර ගැනීම, කුරානයේ අවසාන ජේදයන් දෙක හැර වෙනත් දේවල් වලින් මැතිරිම, සුර පැළඳීම" (අල්-නාසායි 50880, අබු ඩාවුඩ් 4222). කෙසේ වෙතත් මෙම හදිසය දුර්වල එකක් බව පැවසා තිබේ. 

එක් අවස්තාවක සහාබාවරුන් පිරිසක් නාගයෙක් දෂ්ඨ කිරීම නිසා සිහි සුන්ව සිටි මුස්ලිම් නොවන කෙනෙකුට සුරා ෆාතිහාව පරයනය කොට කිහිප වතාවක් පිඹීමෙන් සුවය ලබා ගෙන තිබේ. ඒ සඳහා ඔවුන්ට එම තැනැත්තා තෑගී වශයෙන් එළුවන් රන්චුවක්ද දී තිබේ. මෙම සිද්ධිය නබිතුමා හට පැවසූ විට එතුමා එය අනුමත කොට තිබේ. ඉන් පැහැදිලි වන්නේ අල් කුරානයේ ඇති සුරාවන් මගින් ප්‍රතිකාර කළ හැකි බවයි.

By Fasy Ajward.B.Sc(Sp.Phy) Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

කුරානයට එල්ල කරනු ලබන චෝදනා (Accusations against the Quran)

ලෝක අවසානය පිළිබඳ පෙර නිමිති (Omens for the end of the world)

කුරානයට අනුව ලෞකික ජීවිතයේ යතාර්ථය කුමක්ද? (What is the reality of worldly life according to the Quran?)