Posts

ඉස්ලාමයට අනුව දරුවන් සඳහා දෙමාපියන්ගේ වගකීම් ( Parental responsibilities for children according to Islam)

Image
ඉස්ලාම් දහම අනුව දරුවන්ව නිවැරදි මාර්ගයට යොමු කිරීම ධාර්මික කටයුත්තකි. එය ආරම්භ කල යුත්තේ දෙමව්පියන් විසින්ම ය. මුල් අවදියේදී දරුවන් අධ්‍යාපනය ලබන්නේ වැඩිහිටියන්ගේ ක්‍රියාකාරකම් දෙස බැලීමෙන් බව විද්වතුන්ගේ මතය වේ. ළදරු කාලයේදී දෙමව්පියන් කරන සෑම දෙයකින්ම දරුවන් යමක් උකහා ගන්නේය. අල් කුරානයෙන් දෙමව්පියන් හට මෙසේ නියෝග කොට තිබේ. "ඔබගේ පව්ලේ උදවියට සලාතය අණ කරනු. ඔබද එය ඉවසීමෙන් රැක ගනු. ඔබගෙන් අපි අහාර නොඉල්ලන්නෙමු. අපිම ඔබට අහාර ලබා දෙන්නෙමු. හොඳ අවසානය බිය බැතිකම ඇති අයටම වේ" (කුරානය 20:132). මේ නිසා දෙමව්පියන්ගේ ප්‍රධාන වගකීමක් වන්නේ ළමයින්ට ඉස්ලාම් දහමේ ඇති විශ්වාසය සම්බන්ද කරුණු මෙන්ම ඉස්ලාමයේ අනිවාර්ය කරුණු කෙරෙහි යොමු කිරීම වේ. එසේම දෙමව්පියන්ද ඒවායේ ස්ථිරව සිටිය යුතුය.  ළමුන්ට නිසි මග පෙන්වීමේ අවශ්‍යතාවය මෙම කුර්ආන් වැකියෙන් අවධාරණය කොට ඇත. "විශ්වාසවන්තයිනි! නුඹද නුඹගේ පව්ලේ උදවියද නිරයෙන් බේරා ගනු. එහි ඉන්දන මිනිසුන්ද ගල්ද වේ" (කුරානය66:6). ළමුන් නොමග යාමට දෙමව්පියන් හේතුවක් වන්නේ නම් මෙම කුර්ආන් වැකිය හොඳින් මතකයට ගත යුතුය. මේ නිසා තම දුවා දරුවන්ට ආදරය...

zසුල් හජ් මාසයේ මුල් දින දහය (The first ten days of Dhu’l-Hijjah)

Image
මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාගේ අනුගාමිකයින්ට කුසල් කිරීමට විශේෂ වූ දිනයන් අල්ලාහ් විසින් නියම කොට ඇත. එහෙත් ඒවා අනිර්වාර්ය කර නැත. මෙම දිනයන් වන්නේ උපවාස සමයේ ලෛලතුල් කදර් රාත්‍රිය, zසුල් හජ් මාසයේ මුල් දින දහය, අරෆා දිනය සහ ආෂුරා දහවන දිනය වේ. මෙම දිනයන්හිදී කරනු ලබන කුසල් වලට සාමාන්‍ය දිනවලදී කරනු ලබන කුසල්වලට වඩා අතිශයින් විශාල ආනිසංස හිමි වන්නේය. මේ නිසා සෑම මුස්ලිම්වරයෙකුම එම අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සෑම උත්සාහයක්ම ගැනීම වැදගත් වේ.  ඉබ්නු අබ්බාස් (රලි) තුමා නබිතුමා ගේ හදිසයක් මෙසේ විස්තර කොට තිබේ. අල්ලාහ්ට zසුල් හජ් මාසයේ මෙම දින දහය තුලදී කරනු ලබන පින් දහම් තරම් කැමති දෙයක් තවත් නැතැ'යි නබිතුමා පවසා තිබේ. එවිට සහාබාවරු, “අල්ලාහ් වෙනුවෙන් කරනු ලබන ජිහාද් වලටත් වඩා දැයි” විමසා තිබේ. එවිට නබිතුම, “අල්ලාහ් වෙනුවෙන් කරනු ලබන ජිහාද් වලටත් වඩා යැයි පැවසූ ඔහු කෙනෙක් තමන්ගේ ජීවිතය සහ සියළු වස්තුව අල්ලාහ් වෙනුවෙන් පරිත්‍යාග කොට හිස් අතින් පැමිණෙන තැනැත්තා හැරුණු විට යැයි” දැනුම් දී ඇත (බුහාරි 2/457). අල්ලාහ් යම් දෙයක් මත දිව්රන්නේ නම් එහි සැබෑ වටිනාකමක් ති...

Punishments Versus Tests - Nouman Ali Khan - Quran Weekly

Image

ඡන්දය ප්‍රකාශ කිරීම පිලිබඳ මුස්ලිම් විද්වතුන්ගේ මතය (Islamic scholar's view about voting)

Image
ඡන්දය ප්‍රකාශ කිරීම අතිශයින් වැදගත් කරුණකි. එහෙත් බොහෝ අය මෙම මාතෘකාව කෙරෙහි නිසි අවධානයක් යොමුකර ඇති බවක් පෙනෙන්නට නැත. කෙසේ හෝ සාධාරණය ඉටුකරන ජනතා හිතවාදී හොර බොරු නැති පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම ජනතාවගේ අපේක්ෂාවකි.  ඉස්ලාම් නොවන රාජ්‍යයක් තුල ජිවත්වන මුස්ලිම්වරුන් පිළිපැදිය යුතු කරුණු පිළිබඳව ඉස්ලාමිය විද්වතුන්ගේ මතයන් කුමක්දැයි සලකා බලමු. ප්‍රජාතන්ත්‍රවාදය මිනිසා විසින් ඇතිකළ එකකි. එනම් මිනිසා විසින් ඇතිකළ නීති මගින් මිනිසා පාලනය කරන ක්‍රමයකි. එහෙත් නීති පැනවීම අල්ලාහ් ගේ ක්‍රියාවක් බැවින් මෙම බලය මිනිසාට පැවරිය නොහැකි බව ඇතැම් විද්වතුන්ගේ මතය වේ. ( Mawsoo’at al-Adyaan wa’l-Madhaahib al-Mu’aasirah ( 2/1066 , 1067). ඒ අනුව බලන කල මෙම පාලන ක්‍රමය දෙවියන්ට සමානයන් තැබීමක් එනම් ෂිර්ක් ක්‍රියාවක් වන්නේය. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්ම පැහැදිලිව තේරුම් ගත් කෙනෙකු ඡන්දය ඉල්ලීම හෝ වෙනත් කෙනෙකු වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් ඔහු මේ ක්‍රමය අනුමත කල අයෙකු වන්නේය.  එසේ වුවද යම්කිසිවෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු ඔහු ...

Questions & Answers Session 29-05-2015 ~ Mufti Ismail Menk & Sheikh Dr. ...

Image

Al Quran a Miracle of Miracles by Ahmed Deedat (Video)

Image

ZAKIR-NAIK-IN-SINHALA-Part-14-QA.mpg

Image