Posts

මුස්ලිම්වරයෙකුට වෙනත් ආගමිකයෙක් සමග විවාහය විය හැකිද? (Can a Muslim marry a different religious person?)

මුස්ලිම්වරයෙකු යනු දෙවියන්ගේ අණට සම්පුරණයෙන් යටත්වූ කෙනෙකි. එබැවින් ඔහු කරන සෑම ක්‍රියාවක්ම දෙවියන්ගේ නියෝග තුල තිබිය යුතුය. අල් කුරානයෙන් විශ්වාසවන්තයින්ට නියෝග කොට ඇත්තේ ඉස්ලාම් දහම තුලට සම්පුරන්යෙන් පිවිසෙන ලෙසය. ඒ අනුව මුස්ලිම්වරයෙකුගේ සෑම ක්‍රියාවක්ම දහමට එකඟ විය යුතුය. ඒවා උල්ලංගනය කරන තැනැත්තා පුර්ණ මුස්ලිම්වරයෙකු වන්නේ නැත.  ඉහත දැක්වෙන කරුණු සැලකිල්ලට ගැනීමේදී මුස්ලිම්වරයෙකුට විවාහ විය හැක්කේ තවත් මුස්ලිම්වරයෙකු සමග හෝ දෙවියන්ට සමානයන් නොතබන කිතුනුවෙකු හෝ යුදෙව්වෙකු සමග පමණි. එසේ කිරීමෙන් දෙවියන්ට සමානයන් තැබීමේ ගැටළුව නිරාකරණය කළ හැකි වන්නේය. දෙවියන්ට සමානයන් තැබීමෙන් මුස්ලිම්වරයෙකු ඉස්ලාම් දහමින් බැහැර වන්නේය. "අද දවසෙහි නුඹලාට පිරිසිදු දෑ අනුමත කර ඇත. පුස්තකය දෙනු ලැබුවන්ගේ ආහාරය නුඹලාට අනුමත කර ඇත. තවද, නුඹලාගේ ආහාරයද ඔවුන්ට අනුමත කර ඇත. විශ්වාස කළ පතිවත රකින ස්ත්‍රීන්ද නුඹලාට පෙර පුස්තකය දෙනු ලැබූවන්ගෙන් වූ පතිවත රකින ස්ත්‍රීන්ද (නුඹලා) පතිවත ආරක්ෂා කරමින් ලිංගික අපචාරයෙහි නොයෙදෙමින්ද, අනියම් බිරියන් ලෙස නොතබාගැනිමෙන්ද ඔවුන්ට නියමිත මහරය (විවාහ දීමනාව) දෙම...

මුස්ලිම් පල්ලියක් අනෙකුත් ආගමික ස්ථාන වලට වඩා වෙනස් වන්නේ ඇයි? (Why is a mosque different from other places of worship?)

Image
මුස්ලිම්වරුන්ගේ දේවස්ථානයට අරාබි බසින් මස්ජිදය යැයි කියනු ලැබේ.  මස්ජිදයක තිබෙන  විශේෂත්වය නම් එහි කිසිවෙකුගේ පිළිම හෝ දේව රූප හෝ නොමැති වීම ය. ඒ අනුව මස්ජිදය අල්ලාහ්ට පමණක් නැමදීම සඳහා වන ස්ථානයකි. මුස්ලිම්වුන් දෛනිකව  මස්ජිදය වෙත ගොස්  සලාතය ඉටු කිරීම අනිවාර්ය වේ. මේ හැරුණු විට සිකුරාදා දිනයේදී නගරයේ වෙසෙන සියලුම දෙනා ප්‍රධාන ජුම්මා මස්ජිදය වෙත ගොස් ජුම්මා සලාතය සහ දේශනයට සවන් දෙනු ලැබේ.  මස්ජිදයෙදී  සියලුම දෙනාට එක සමාන තැනක් හිමිවේ. ඒ අනුව  මස්ජිදය තුල වර්ණ බේද හෝ කුල මල බේද හෝ නැත. ඕනෑම කෙනෙකුට තමන් කැමති තනක සිට ගත හැකිය. මේ හේතුවෙන් කෙනෙකුට ඉමාම් වරයාට ඉතා අසන්න ස්ථානයක් වුවද ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේය. ප්‍රබු වරයෙකු වුවද ප්‍රමාද වී සාමුහික සලාතය වෙත පැමිණියේ නම් ඔහු සිට ගත යුත්තේ අවසාන පෙලියේය. සලාතය මෙහෙය වීම සඳහා සුදුසුකම් ඇතොත් කම්කරුවෙකුටද වුවද එය සිදු කල හැකිය. එය ඉස්ලාම් දහමේ ඇති විශේෂත්වයකි.  මස්ජිදය තුල සිදු කරනු ලබන සාමුහික සලාතයේදී සියලුම දෙනා කරට කර සිට ගැනීම මුස්ලිම්වරුන්ගේ සමගිය සංකේතවත් කිරීමකි.  මුස්ලිම්වරු...

මැවුම්වාදයට එරෙහිව භෞතිකවාදය (Creationism Vs Materialism)

Image
බොහෝ විට විශ්වයේ බිහිවීම විස්තර කිරීමේදී මැවුම්වාදය සහ භෞතිකවාදය උපයෝගී කර ගන්නේය. කෙසේ වෙතත් භෞතිකවාදය උපයෝගී කර ගනිමින් විශ්වයේ උපත විස්තර කිරීමේදී ගැටළු කාරී තැන් ඇති වේ. ඊට හේතුව මිනිස් බුද්ධියේ ඇති සිමාවන් සහ පංචෙන්ද්‍රිය වලින් ලබා ගන්නා දැනුමෙහි ඇති දෝෂයන් ය. අනෙක් අතට මැවුම්වාදය දේව පණිවිඩ මත රඳා පවතින බැවින් ඒවා මිනිසා විසින් වෙනස් කලේ නම් මිස දෝෂ ඇති විය නොහැක. භෞතික වාදය අනුව විශ්වය බිහි වන්නේ මහා පිපිරුමකින් ය. එහෙත් එම පිපිරුම ඇති වීම සඳහා අවශ්‍යකරන ශක්තිය සහ බලය ඇති වුයේ කෙසේ දැයි විස්තර කරන්නේ නැත. තවද එම පිපිරීමෙන් පසු විශ්වය පුරා පවතින භෞතික නීති ඇති වූ අකාරය හෝ රසායනික සංයෝගයන් ඇති වූ අකාරය ඔවුන් විස්තර කොට නැත. තවද මුල්ම ජිවය ඇතිවූයේ කෙසේදැයි පැහැදිලි කොට නැත.  බොහෝ අවස්ථාවලදී භෞතික වාදීන් කරන්නේ නොදන්නා දෙයක් විස්තර කිරීම සඳහා වාදයන් ඉදිරිපත් කිරීම පමණි. එහෙත් එම වාදයන් විද්‍යානුකුලව ඔප්පු කල නොහැක. එසේ තිබියදී සුප්‍රසිද්ධ ඇමරිකානු විද්‍යාඥයෙකු වන ස්ටෙෆාන් හෝකින් මහතා මැවුම් වාදයට අනුකුල පිළිතුරක් ඔහුගේ එක් කෘතියක සඳහන් කොට තිබේ. එහි දැක්වෙන්නේ විශ්ව...

Imam Al Ghazali Advice on Time Management - #SpiritualPsychologist

Image

Former Christian Preacher Speaks About Islam • ✿⊱╮ •►

Image

Allah Is Known Through Reasons (HarunYahya.com)

Image

මුස්ලිම්වරුන් චර්මච්ඡේදනය සිදු කරන්නේ ඇයි? (Why do Muslims practice circumcision?)

Image
චර්මච්ඡේදනය යනු මිනිස් ලිංගයේ පෙර සම ඉවත් කිරීමේ ක්‍රියාවලිය වේ. එහි ඉතිහාසය ක්‍රිස්තු පුර්ව හතරවන සියවස තරම් ඈත ඉතිහාසයට ගමන් කරන්නේය. ඒ අනුව එය ඉතා ඈත කාලයේ සිටම අරාබියාවේ දක්නට තිබුණු චාරිත්‍රයක් වේ. ඊජිප්තුවේ පැරණි සොහොන් කොත් ආශ්‍රිතව ලැබී ඇති සිතුවම් අනුව එය ක්‍රි.පු. 2400-2300 තරම් පැරණි චාරිත්‍රයකි.  චර්මච්ඡේදන ක්‍රියාවලිය මුස්ලිම්වරුන් පමණක් නොව යුදෙව්වන්ද සිදු කරති. එසේම ජේසුස් වහන්සේට චර්මච්ඡේදනය සිදුකර තිබුණු බව බයිබලයේ සඳහන් වේ. එපමණක් නොව සෑම නබිවරයෙකුම චර්මච්ඡේදනය සිදු කොට තිබේ. එහි ප්‍රධාන අරමුණ පිරිසිදු කම රැක ගැනීමයි.  මුස්ලිම්වරුන්ට චර්මච්ඡේදනය සිදු කිරීම නබිතුමා පෙන්වා දී ඇති ඉතා වැදගත් සුන්නාවකි. එනම් නබිතුමාගේ මග පෙන්වීමකි. මුස්ලිම්වරුන් ආගමික හේතුන් මත එය සිදු කරනු ලැබුවත් ඇතැම් මුස්ලිම් නොවන අයද එය සිදු කරති. ආගමික චාරිත්‍රයක් ලෙස මුස්ලිම්වරුන් චර්මච්ඡේදනය සිදු කලත් එහි බොහෝ සෞඛ්‍යමය ප්‍රතිලාභ දැකිය හැකිය. විශේෂයෙන්ම එමගින් බොහෝ ලිංග ආශ්‍රිත ලෙඩ රෝග වලක්වා ගත හැකි වන්නේය. එසේ තිබියදී ඇතැම් අය සිතන්නේ චර්මච්ඡේදනය නිසා ලිංගික චර්යාවන්ට බාදාවක් ඇති ...