මුස්ලිම්වරුන් චර්මච්ඡේදනය සිදු කරන්නේ ඇයි? (Why do Muslims practice circumcision?)


චර්මච්ඡේදනය යනු මිනිස් ලිංගයේ පෙර සම ඉවත් කිරීමේ ක්‍රියාවලිය වේ. එහි ඉතිහාසය ක්‍රිස්තු පුර්ව හතරවන සියවස තරම් ඈත ඉතිහාසයට ගමන් කරන්නේය. ඒ අනුව එය ඉතා ඈත කාලයේ සිටම අරාබියාවේ දක්නට තිබුණු චාරිත්‍රයක් වේ. ඊජිප්තුවේ පැරණි සොහොන් කොත් ආශ්‍රිතව ලැබී ඇති සිතුවම් අනුව එය ක්‍රි.පු. 2400-2300 තරම් පැරණි චාරිත්‍රයකි. 

චර්මච්ඡේදන ක්‍රියාවලිය මුස්ලිම්වරුන් පමණක් නොව යුදෙව්වන්ද සිදු කරති. එසේම ජේසුස් වහන්සේට චර්මච්ඡේදනය සිදුකර තිබුණු බව බයිබලයේ සඳහන් වේ. එපමණක් නොව සෑම නබිවරයෙකුම චර්මච්ඡේදනය සිදු කොට තිබේ. එහි ප්‍රධාන අරමුණ පිරිසිදු කම රැක ගැනීමයි. 

මුස්ලිම්වරුන්ට චර්මච්ඡේදනය සිදු කිරීම නබිතුමා පෙන්වා දී ඇති ඉතා වැදගත් සුන්නාවකි. එනම් නබිතුමාගේ මග පෙන්වීමකි. මුස්ලිම්වරුන් ආගමික හේතුන් මත එය සිදු කරනු ලැබුවත් ඇතැම් මුස්ලිම් නොවන අයද එය සිදු කරති. ආගමික චාරිත්‍රයක් ලෙස මුස්ලිම්වරුන් චර්මච්ඡේදනය සිදු කලත් එහි බොහෝ සෞඛ්‍යමය ප්‍රතිලාභ දැකිය හැකිය. විශේෂයෙන්ම එමගින් බොහෝ ලිංග ආශ්‍රිත ලෙඩ රෝග වලක්වා ගත හැකි වන්නේය. එසේ තිබියදී ඇතැම් අය සිතන්නේ චර්මච්ඡේදනය නිසා ලිංගික චර්යාවන්ට බාදාවක් ඇති වන බවයි. එහෙත් එහි කිසිම සත්‍යතාවයක් නැත. අනෙක් අතට ඉන් ලිංගික ක්‍රියාවලිය සඳහා පහසුවක් ලැබේ.

චර්මච්ඡේදනය නිසා ලිංගයේ පෙර සම තුල එක්රැස් වන කුණු සහ විසබීජ පහසුවෙන්ම ඉවත්කර ගැනීමට හැකි වන්නේය. එහි ප්‍රතිපලයක් ලෙස HIV වෛරසය ව්‍යාප්ත වීම බොහෝ දුරට පාලනය වේ. තවද චර්මච්ඡේදනය නිසා කාන්තාවන්ගේ ගර්භාශ්‍රිත පිළිකා සැලකිය යුතු මට්ටමකින් අඩුවන බව සංඛ්‍යාලේකන වලින් පෙන්නුම් කරන්නේය.

HIV/AIDS (UNAIDS) පිලිබඳ ලෝක සෞක්‍යසංවිදානය එක්සත් ජාතීන්ගේ වැඩසටහන සමග එකතුවී නිකුත් කොට ඇති නිවේදනයකින් කියැවෙන්නේ HIV වැළැක්වීමට තිබෙන හොඳම ක්‍රමය පිරිමින්ට චර්මච්චේදනය කිරීම බවයි. ඒ හැරුණු විට කුඩා කාලයේදී ඇතිවිය හැකි මුත්‍රාශය සම්බන්ද ආසාදනයන් බොහොමයක් චර්මච්ඡේදනය නිසා වලක්වා ගත හැකි බව වෛද්‍යවරුන්ගේ මතය වේ.

ඉස්ලාම් දහම සෑම නීතියක්ම පනවා තිබෙන්නේ මිනිසාගේ ප්‍රයෝජනය සඳහාය. එබැවින් සෑම මුස්ලිම්වරයෙකුම පිරිමි දරුවන් සඳහා ඔවුන් ඉපදී 7 වන දිනයේදී චර්මච්ඡේදනය සිදු කරති. වර්තමානයේ ඇති නවීන වෛද්‍ය පහසුකම් සමග එය ඉතා සරල ක්‍රියාවලියක් ද වේ. 

By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path

Comments

  1. Lahiru ishan gunasekaraApril 12, 2018 at 8:59 AM

    ඔය තරම්ම සෞඛ්‍ය ප්‍රතිලාභ තියෙනවා නන් ඔබ විශ්වාස කරන මැවුම්කාර දෙවියන්ට තිබ්බනේ ඔය කොටස රහිතව මිනිස්සුන්ව නිර්මාණය කරන්න.පරමාණුවේ ඉදලා DNA සෛල පටක අවයව හැම දේම නිර්මාණය කරපු කෙනාට ඔය කොටස නැතුව මිනිස්සු මවන එක පොඩි දෙයක්නේ.දෙවියන් ඔය කොටස ශරීරයේ ඉතිරි කරලා තියෙන්නේ මොකක්හරි හේතුවක් නිසානේ.ඔය කොටස අයින් කරන එක දෙවියන්ට කරන අභියෝගයක්නේ.

    ReplyDelete
  2. මේක දෙවියන් ඔබට දී ඇති පරික්ෂාවකි. ඔබ එසේ කලොත් එහි ප්‍රතිපල ලැබිය හැකියි. ඔබ කැමති නැති නම් ඒ ගැන ප්‍රශ්න කිරිමෙනේ වැඩක් නැත.

    ReplyDelete
  3. Lahiru ishan gunasekaraApril 29, 2018 at 5:24 AM

    ශරීර අවයව කොටසක් කපා ඉවත් කර ජීවත් වීම තුළින් දෙවියන් පරීක්ෂාවට ලක්කරන්නේ කුමක්ද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)