අල් කුරානය අල්ලාහ්ගෙන් පැමිණි පණිවිඩයක් වන්නේ ඇයි? (Why is the Quran a message from Allah?)
අල් කුරානය පහළ වුයේ විද්‍යාව නොදියුණු යුගයකදීය. එහෙත් හත්වන සියවසේ පහළ වූ අල් කුරානයෙන් විසිවන සියවසේදී සොයාගන්නා ලද බොහෝ දේවල් ඉතා නිවැරදිව ඉදිරිපත් කොට තිබේ. උදාහරණයක් වශයෙන් විශ්වයේ ප්‍රසාරණය, මිනිස් කලලයේ විකසනය, සුර්යයා ගමන් කරන බව, කඳු මගින් පෘථිවියේ සමතුලිතතාව ඇතිකරන බව සඳහන් කොට තිබීම පෙන්වා දිය හැකිය.
අල් කුරානය පහළ වන යුගයේදී පැරණි ඉතිහාසය ලේඛන ගත කොට තිබුනේ නැත. එහෙත් කුරානය පහළ වීමට වසර දහස් ගණන් පැරණි ඉතිහාසය එහි ඉතා නිවැරදිව සඳහන් කොට තිබේ. උදාහරණයක් ලෙස සියවස් ගණනාවකට පෙර පැවති ඉරම් නගරය ගැන කුරානයේ පල කොට ඇත. එහෙත් එම නගරය පිලිබඳ කරුණු අනාවරණය වුයේ නවීන භූවිද්‍යා කැනීම් වලින් ය. එසේම පරාවෝගේ මුර්ත දේහය ගැන කුරානයේ සඳහන් කොට තිබුනත් එය සොයාගනු ලැබුවේ කුරානය පහළ වී වසර ගණනාවක් ගෙවී ගිය පසුවය.
අල් කුරානයෙන් බොහෝ පුරෝකථනයන් ඉතා නිවැරදිව සිදු කොට තිබේ. උදාහරණයක් ලෙස රෝමයේ පරාජය සහ ඉතා කෙටි කාලයක් තුල එය නැවත ජය ගැනීම ගැන එහි සඳහන් වේ. තවද අබු ලහබ් ඉස්ලාම් දහම වැළඳ නොගන්නා බව කුරණයෙන් අනාවරණය කොට තිබේ. එම අනාවරණයෙන් පසු වසර දහයකට වඩා අබු ලහබ් ජිවතුන් අතර සිටියත් ඔහු ඉස්ලාම් දහම වැළඳ ගත්තේ නැත. මෙම කරුණු වලින් පෙනී යන්නේ කුරානය අල්ලාහ් විසින් නබිතුමාට යවන ලද පණිවිඩයක් බවයි.
අල් කුරානයේ බොහෝ විෂයයන්ට අයත් කරුණු අන්තර් ගත වේ. ඒ අනුව තනි පුද්ගලයෙකුට එවැනි ග්‍රන්ථයක් කිසිසේත්ම ලිවිමට හැකි වන්නේ නැත. තවද වැකි 6000 කට වඩා ඇති කුරානයේ කිසිම පරස්පරතාවයන් නොතිබීම විශේෂත්වයකි. මිනිසා විසින් එය සම්පාදනය කොට තිබුනේ නම් එහි ඇති නවීන විද්‍යාවෙන් සොයාගෙන ඇති දේවල් වල පරස්පරතාවයන් සහ වැරදි ඇතිවීම කිසිසේත්ම වැළැක්විය නොහැකි ය. එසේ තිබියදී අල් කුරානයේ කිසිම වැරැද්දක් හෝ සැකයට තුඩු දෙන කරුණු නොමැති බව එමගින්ම අවධාරණය කොට තිබේ.
අල් කුරානය තරම් විශාල ග්‍රන්ථයක් කිසිවෙකු විසින් අකුරක් හෝ නොවරදවා කටපාඩම් කොට නැත. එසේ තිබියදී අල් කුරානය සම්පුර්ණයෙන්ම කටපාඩම් කල හාෆිස්වරුන් මිලියනයකට වඩා ලොව පුරා සිටින්නේය. එය කුරානයේ විශේෂත්වයකි.
බොහෝ විද්‍යාඥයින් කුරානයේ ඇති කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු නිගමනයට පැමිණෙන්නේ එය කිසිසේත්ම මුහම්මද් නබි තුමා විසින් සම්පාදනය කරන ලද කෘතියක් නොවන බවයි. ඇත්ත වශයෙන්ම එය පහළ වන්නේ මිනිසාට යහ මග පෙන්වීම සඳහාය. ඒ අනුව මිනිසාගේ මරණයෙන් මතු ජීවිතය ජය ගත හැකි වන්නේ කුරානයේ මග පෙන්වීම තුලින් ය.
By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Japura,Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path
Comments
Post a Comment