අවවාදයට වඩා ආදර්ශයේ වැදගත්කම (Importance of practice before preaching)


කෙනෙකුගේ වාචික උපදේශයට වඩා බෙහෙවින් ප්‍රථිපල ලැබෙන්නේ ආදර්ශයෙන්ය. කෙසේ නමුත් කිසිවෙකුගේ වටිනා උපදේශයන් ඉවත දැමීය නොහැකිය. අපි කල යුත්තේ පුද්ගලයා දෙස බැලීම නොව උපදේශයෙන් සිදුවන අවසාන ප්‍රතිපලය දෙසය. 

අපට ගතහැකි හොඳම ආදර්ශය නබිතුමා ගේ ජිවිතයේ ඇත.  ඔහුගේ ජීවිතය ඇවිදින කුරානයක් බඳු විය. ඔහු කියන දේ කෙරුවේය. කරන දේ කිව්වේය. ඔහු ආදර්ශවත් පියෙකු, ව්‍යාපාරිකයෙකු, අධ්‍යාත්මික නායකයෙකු, නීතිවේදියෙකු, සෙන්පතියෙකු, පාලකයෙකු ආදී වශයෙන් සිටියේය. එහෙත් වෙන ක්සිවෙකුගෙන් එවැනි ආදර්ශයක් දැකිය නොහැකිය. කෙසේවෙතත් අපගේ උපරිම උත්සාහය විය යුත්තේ හැකිතරම් ආදර්ශමත් වීමටය.

අද බොහෝ දෙනෙකුට සිදුවී ඇත්තේ හරි දේ දැන සිටියත් එය ක්‍රියාත්මක කිරීමේදී තමන්ගේ සහකාරියට හෝ හිතවතාගේ කීමට යටත් වීමටය. මෙයින් සිදුවන්නේ තමන්ගේ උපදෙස් වලින් වෙනත් අය ප්‍රයෝජන ගැනීම පමණි.

ලොව ඇති දහම් අතුරින් ඉස්ලාම් වෙනස් වන්නේ එම දහම දෙසු සාස්තෘවරයාව ඇති නැති අයට මෙන්ම උගත් නුගත් ඕනෑම කෙනෙකුට පහසුවෙන් අනුගමනය කිරීමට හැකි වීමය. ඉස්ලාම් හැරුණු විට වෙන කිසිම දහමක සාස්තෘ වරයාව ඔවුන්ගේ අනුගාමිකයින්ට 100% පිළිපැදිය නොහැකිය. 

නබිතුමාගේ සුන්නාවන් මුස්ලිම්වරුන්ට අනුගමනය කිරීම දෙවියන්ගේ නියෝගයකි. එසේ කිරීම කුසල් ක්‍රියාවක් වන අතර ඉන් ඈත්වන තරමට දහමින්ද ඈත් වන්නේය.

මුස්ලිම්වරුන්ගේ සමුහ ක්‍රියා අතරින් අන්‍යජාතිකයෙකුට පහසුවෙන් දැකිය හැක්කේ ඔවුන්ගේ මංගල්‍යයක්  සහ අව මංගල්‍යයන් ය. එබැවින් ඒගැන යමක් කීම උචිච යැයි සිතමි. මුස්ලිම්වරයෙකුගේ මරණයක් සිදු වූ විට එය හැකි ඉක්මනින් භූමිදානය කල යුතුය. එසේම සොහොන මත කිසිම ස්ථිර ගොඩනැගීමක් ඉදි කිරීමට අවසර නැත. ඒ හේතුවෙන් එකම ස්ථානයේ නැවතවරක්  වෙනත් භුමිදානයක් සිදුකල හැකිය. ඉස්ලාමිය මංගල්‍ය උත්සවයක් පවා ඉතා සරලය. ඒ සඳහා දැරිය යුතු වියදම් පවා ඕනෑම කෙනෙකුට දැරිය හැකිය. එබැවින් කෙනෙකු මිය ගිය විට එය පවුලේ අයට විශාල බරක් නොවනු ඇත. මෙය මුස්ලිම්වරුන්ට පමණක් නොව ඕනෑම කෙනෙකුට පිළිපැදිය හැකි සරල ක්‍රියා පටිපාටියකි. 

ඉස්ලාමිය මංගල්‍යය චාරිත්‍ර වාරිත්‍ර පවා ඉතා සරලය. ඉස්ලාම් දහමින් පෙන්වා දී ඇති පරිදි මනාලයා විසින් මනාලියට මහර් හෙවත් අනිවාර්‍ය දීමනාවක් ගෙවිය යුතුය. මංගල සාදය දිය යුත්තේ මනාලයාගේ වියදමිනි. නමුත් අද සිදුවන්න්නේ මිට හාත්පසින්ම වෙනස් දෙයකි. බොහෝ විට මේවා සිදුවන්නේ ගැහැණුන්ගේ උපදෙස් ගැනීම නිසාය. මනාලයා විසින් විශාල දෑවැද්දක් මනාලියගෙ පාර්ශවයෙන් ලබාගනී. එහෙත් එය ඉස්ලාම් දහමින් සපුරා තහනම්ය. එසේ විශාල දෑවැද්දක් ගැනීමෙන් පසු මනාලයා විසින් දිය යුතු වලිමා සාදයට අමතරව ඉස්ලාම් අහමින් පෙන්වා නුදුන් මංගල්‍ය සාදයන් ගනනාවක්ම සිදු කරති. එහෙත් විය යුත්තේ මේවාට සිදුකරන අනවශ්‍ය මුදල් නවතා කුඩා සාදයක් දී දෑවැද්ද නොගෙන සිටීමය. එසේ කලේ නම් එය අන් අයටත් ආදර්ශයක් වනු ඇත. එය ඉස්ලාම් පෙන්වා දී ඇති අන්දමට සිදු කරන්නේ නම් කිසිම මුස්ලිම් කාන්තාවකට විවාහ නොවී සිටීමට අවශ්‍ය වන්නේ නැත.

ඉස්ලාම් මංගල්‍යයකදී සංගීතය හෝ සංගීත කණ්ඩායම් හෝ මත්ද්‍රව්‍ය හෝ පිරිමි සහ ගැහැණු පාර්ශවයන් නිසි ආවරණයක් නොමැතිව මිශ්‍ර වීම තහනම්ය. මේ අනුව මනාලයාට පවා මනාලිය සිටින තැනට නිසි ආවරණයක් නොමැතිව යාමට නොහැකිය. එහෙත් යම් තැනක එසේ සිදුවන්නේ නම් එය නිවැරදි කල යුතුය.

ඇති හැකි අය කරන විශාල මංගල්‍ය උත්සව නැති බැරි අයත් කිරිමට යාමෙන් නයට පත් වන්නෝය. බොහෝ විට එසේ කිරීමට නම් ඉස්ලාම් දහමින් තහනම් කර ඇති පොලියට මුදල් ගැනීමට සිදුවනු ඇත. මෙයින් සිදුවන්නේ නබිතුමාගේ එක් සුන්නාවක් වෙනුවෙන් වෙනත් හරාම් ක්‍රියාවකට අත ගැසීමය. එබැවින් අපි ආදර්ශයට ගත යුත්තේ නබිතුමාගේ සුන්නාව මිස සමාජයේ සිදුවන දේවල් නොවන බව තේරුම් ගත යුතුය.




Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)