විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)
කිසිම දෙයක් ඉබේ ඇති වන්නේ නැත. අල්පෙනෙත්තක් සෑදීමට පවා යම් කිසිවෙකු මැදිහත් විය යුතුය. එසේ තිබියදී විශ්වය ඉබේ නිර්මාණය විය හැකිද?
විශ්වයේ ප්‍රසාරණය ගැන සැලකීමේදී ඊට ආරම්භයක් තිබිය යුතු බව විද්‍යාඥයින් විසින් නිගමනය කොට තිබේ. එසේ නම් ඊට නිර්මාණ කරුවෙක්ද සිටිය යුතුය. කෙසේ වෙතත් මෙම නිර්මාණකරු දෙවියන් බව පිළිගැනීමට බොහෝ අය මැලි වන්නේය. විශ්වය දෙවියන්ගේ මැවීමක් බව පිලි නොගන්නා විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කරන සෑම තාර්කික විසඳුමකම යම් කිසි අඩුවක් දැකිය හැකිය. මේ හේතුවෙන් මිනිසා විසින් දැනට ඉදිරිපත් කර ඇති කිසිම මත වාදවාදයකින් විශ්වය ඇතිවූ අකාරය අංග සම්පුර්ණව විස්තර කිරීමට හැකිවී නැත.
දෙවියන් පිලිබඳ විශ්වාසයෙන් තොරව විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් ඉදිරිපත් කොට ඇති ප්‍රධාන මතයක් වන්නේ මහා පිපිරුම් වාදයයි. කෙසේ වෙතත් එම වාදය තුලින් මහා පිපිරුම ඇති කිරීම සඳහා පසුබිම සකස් කලේ කව්රුන් දැයි විස්තර කොට නැත. එපමණක් නොව එම පිපිරුමෙන් පසු සැලසුම් සහගත විශ්වයක් ඇති වූයේ කෙසේද යන්න ගැටලුවකි.
විශ්වයේ බිහිවීම පමණක් නොව ඒ තුල බොහෝ ස්වභාවික නීති ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි මෙතෙක් සොයාගෙන නැහැ. තවද විශ්වය තුල ජිවය ඇතිවු අකාරය හෝ ඒ අතරින් මිනිසාට සුවිශේෂී තැනක් හිමි වන්නේ කෙසේදැයි විද්‍යාඥයින් විසින් කරුණු ඉදිරිපත් කොට නැත.
අල් කුරානයට අනුව විශ්වය සහ එහි ඇති සියලුම දේවල් මවා පාලනය කරන්නේ අල්ලාහ්ය. තවද පොළොවේ ඇති සියලුම දේවල් මවා තිබෙන්නේ මිනිසා වෙනුවෙනි. මිනිසාව මවා තිබෙන්නේ අල්ලාහ් හට නැමදීම සඳහාය. අල් කුරානයේ සත්‍යතාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය කරුණු ඒ තුලම අන්තර්ගත කොට තිබේ. විශේෂයෙන්ම හයවන සියවසේ පහළ වූ කුරානය තුල විසිවන සියවසේදී සොයාගන්නා ලද දේවල් ඉතා නිවැරදිව සඳහන් කොට තිබීමෙන් එය සනාථ කල හැකිය. උදාහරණයක් වශයෙන් විශ්වයේ ප්‍රසාරණය ගැන සොයා ගනු ලැබුවේ විසිවන සිය වසේදීය. එහෙත් කිසිම විද්‍යාත්මක උපකරණයක් නොමැතිව ඒ ගැන අල් කුරානයේ ඉතා නිවැරදිව සඳහන් කොට තිබේ. තවද අන්වීක්ෂයක් හෝ සරල කාචයක් හෝ නොමැති යුගයකදී මිනිස් කළලයේ විකසනය ගැන කුරානය තුල ඉතා නිවැරදිව සඳහන් වේ. මෙම හැරුණු වලට අමතරව නවීන විද්‍යාවෙන් සොයා ගැනුණු තවත් බොහෝ විද්‍යාත්මක කරුණු කුරානය තුල දැක ගත හැකිය. මෙම කරුණු වලින් පෙනී යන්නේ අල් කුරානය සඳහන් වන අන්දමට විශ්වයත් අල්ලාහ්ගේ මැවීමක් බවයි.
https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
ට්විටර්:- thetrue_path
Comments
Post a Comment