අපි දෙවියන්ට (අල්ලාහ්ට) නැමදිය යුත්තේ ඇයි? (Why should we worship God (Allah)?)
මිනිසාගේ බිහිවීම සම්බන්දයෙන් ප්‍රධාන මතයන් දෙකක් තිබේ. මිනිසා දෙවියන්ගේ මැවීමක් යන්න ඉන් එක් මතයකි. පරිනාමය නිසා මිනිසා බිහිවූ බව අනෙක් මතය වේ. කෙසේ වෙතත් මෙහි සඳහන් දෙවන මතය සනාත කිරීම සඳහා ප්‍රමාණවත් පොසිල හමු නොවීම නිසා එම මතය ප්‍රතික්ෂේප වෙමින් පවතී. තවද නවීන විද්‍යාත්මක සොයාගැනීම් හමුවේ පරිනාම වාදය විශාල පසුබෑමකට ලක්වී ඇත. එහෙත් ලෝක ජනග්‍රහණයෙන් අඩකට වඩා මෙහි සඳහන් මුල් මතය පිලි ගන්නේය. එහෙත් දෙවියන්ව නිවැරදිව තේරුම්ගෙන නමදින්නේ ඉතා සුළු පිරිසකි. ඉහත සඳහන් මත දෙකම බැහැර කොට මිනිසා ඉබේ බිහිවුයේ යැයි පවසන පිරිසක්ද ඇත. ඔවුන් සොබාදහම අනුව මිනිසා බිහිවුයේ යැයි පැවසුවත් එය පිළිගත නොහැක්කේ සොබාදහම හුදෙක් අර්ථ දැක්වීමක් පමණක් නිසාය. කෙසේ වෙතත් මිනිසා දෙවියන්ගේ මැවීමක් බව පිළිගැනීමටද සාක්ෂි අවශ්‍යය. එම සාක්ෂි සෑම නබිවරයෙකු විසින්ම ඉදිරිපත් කොට තිබේ. නබිවරයෙකු යනු දහම දෙසීම සඳහා මිනිසුන් අතරින්ම තෝරා පත්කරන ලද නියෝජිත වරයෙකි. ඔවුන් සියලු දෙනාම තම නබිත්වය තහවුරු කිරීම සඳහා ප්‍රතිහාරයන් පා තිබේ. උදාහරණයක් වශයෙන් ජේසු තුමා මළවුන් නැගිට්ටේව්වේය. එය දෙවියන්ගේ උදව්වෙන්ම මිස වෙන කිසිවෙකුට කල හැකි ...
Comments
Post a Comment