දෙවියන් පිලිබඳ නිර්වචනය කුමක්ද? (What is the definition of God?)
ලෝකයේ ඇති සියලුම ආගම්වල දෙවියන් ගැන සඳහන් කොට ඇත. එහෙත් කුරානය හැර වෙන කිසිම ආගමක දෙවියන් ගැන අර්ථ දක්වා නැත. මේ නිසා සුළු පිරිසක් හැරුණු විට බොහෝ අය සත්‍යය දෙවියන් වෙනුවට වෙනත් ආදේශ වලට නැමදුම් කරන්නේය. එහි ප්‍රතිපලයක් ලෙස ඇතැම් උදවිය මවකගේ කුසින් උපන් මිනිස් වෙසින් සිටින අයට නැමදුම් කරන්නේය. තවත් සමහරු තම අතින්ම නිර්මාණය කළ දේව රුප වලට නැමදුම් කරන්නේය. තවත් සමහරු පිළිම වලට නැමදුම් කරන්නේය. ඇතැමුන් සුර්යයාට නැමදුම් කරන්නේය. ඇතැමුන් විශාල වෘක්ෂයන්ට නැමදුම් කරන්නේය. මේ ආකාරයට තෝරාගත් සෑම දෙයක්ම දෙවියන් විය හැකිද?
ඕනෑම දෙයකට අර්ථ දැක්වීමක් තිබේ. දෙයක් නිවැරදිව හඳුනාගත හැක්කේ එම අර්ථ දැක්වීම අනුවය. උදාහරණයක් ලෙස පෑනකට පෑනක් යැයි කියනු ලබන්නේ ඊට අදාළ ලක්ෂණ එහි තිබුනොත් පමණි. මේ නිසා පොතක් දෙස බලා පැනක් යැයි නොකියන්නේත්, පෑනක් දෙස බලා පොතක් යැයි නොකියන්නේත් ඒවායේ ඇති වෙනස් වූ ලක්ෂණ නිසාය. එසේම, යම් කෙනෙකුට දෙවියන් යැයි ආමන්ත්‍රණය කිරීමට නම්, ඔහු තුළ දෙවියන්ගේ ලක්ෂණ තිබිය යුතුය. එසේ නොමැතිනම්, ඔබ ඔහුට කොපමණ වාරයක් දෙවියන් යැයි ආමන්ත්‍රණය කලද, ඔහු කිසි විටෙකත් දෙවිකෙනෙක් නොවනු ඇත.
මිනිසා මොන මොන දේවල් සඳහා නැමදුම් කලත් විශ්වය ගැන හැදැරීමේදී පෙනී යන්නේ මුළු විශ්වයම එකම දෙවි කෙනෙකුගේ මැවීමක් බවයි. ඊට හේතුව විශ්වය පුරා ක්‍රියාත්මක වන්නේ එකම භෞතික නීති පද්දතියක් නිසාය. ඒ අනුව විශ්වයේ කොතනකත් එකම ස්වරුපයේ පදාර්ථ දැකිය හැකිය. ඒවා සියල්ලම එකම රටාවකට සකස් වී ඇත. මෙවැනි කරුණු වලින් පෙනී යන්නේ මුළු විශ්වයම එකම දෙවිකෙනෙකුගේ නිර්මාණයක් බවයි. එබැවින්, කුමන නමක් භාවිතා කළත්, ඉන් නියෝජනය විය යුත්තේ එකම දෙවිකෙනෙක් ය.
අල් කුරානයේ, දෙවියන් පිලිබඳ අර්ත්දැක්වීම මෙසේ සිදු කොට ඇත. "පවසනු; අල්ලාහ් එක්කෙනෙකි. අල්ලාහ් කිසිවෙකුගේ අවශ්‍යතාවයන් නොමැත්තාය. ඔහු (කිසිවෙකුව) ප්‍රසුත කළේ නැත. ඔහු (කිසිවෙකුගෙන්) ප්‍රසුත වුයේද නැත. තවද, ඔහුට සමාන කිසිවෙකුද නැත" (කුරානය 112:1-4). මෙම අර්ථ දැක්වීම විශ්වයේ පැවැත්ම සමග ඉතා හොඳින් ගැලපෙන්නේය.
බොහෝ අය වඳින දෙවිවරු විශ්වය හෝ එහි ඇති කිසිම දෙයක් මවා නැත. එබැවින් කෙනෙක් නැමදිමට පෙර දෙවියන් කව්රුන්ද යන්න නිවැරදිව දැනගත යුතුය.
විශ්වය සහ එහි ඇති සියලුම දේවල් මවා පාලනය කරන්නාවූ සත්‍යය දෙවියන්ව හඳුනා නොගෙන කරන කුසල් ගඟට කැපු ඉනි වලට සමාන ය. මේ නිසා කෙනෙක් කුසල් කල යුත්තේ මිනිසාව මැවූ දෙවියන් ගැන දැනගැනීමෙන් පසුය. ඉන් පසු ඔහු පෙන්වා දී ඇති ආකාරයට කුසල් කලේ නම් ඒ සඳහා ප්‍රතිපල ලබා ගත හැකිය.
By Fasy Ajward.B.Sc (Physics Special) Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Twiter:- thetrue_path
Comments
Post a Comment