මියන්මාරයේ සිදුවන ඛේදවාචකය (Tragedy in Myanmar)




මියන්මාරය නමින් බෞද්ධ  රටකි. එහෙත්  එහි  සිටින චීවර  ධාරීන් තුල දැකිය හැකි බෞද්ධ කමක් නම් නැත. කොටින්ම එම පුජකයින්ට මිනිස්කම ගෑවී හෝ නොමැත. ඔවුන් බුදු දහමේ මුලික සංකල්පය පයට පාගාගෙන ඇති බව ලෝකයාටම පෙන්නුම්  කර හමාරය. එම ම්ලේච්ච ක්‍රියාව දැක දැකත් එය වැළැක්වීමට ක්‍රියා නොකරන අයත් එම වරදේ හවුල් කරුවන්ය. මොවුන් බුදු දහම ලොවින් අතුගා දැමීමට සැරසේනවාදැයි මට සැකයක් තිබේ. එසේ නොවේ නම් බුදුදහමට පටහැනි දේවල් කරන අයව වහාම නිතිය හමුවට පමුණුවිය යුතුය. 

රටක ප්‍රධාන ආගම කුමක් වුවත් සෑම ජනතාවටම එක සේ  සැලකීම වගකිවයුතු රජයක වගකීමකි. එය මියන්මාරයෙන් ප්‍රදර්ශනය වන්නේ නැත. රජය වැරදි කරන්නේ නම් ඔවුන් නිසි මගට මෙහෙයවීම පුජකයින්ගේ ප්‍රධාන කාර්ය භාරය විය යුතුය. එහෙත් මියන්මාරයේ දැකීමට ලැබුනේ ඊට හාත්පසින්ම වෙනස් සිද්ධියකි. එහි හමුදාව නීතිය ආරක්ෂා කරනු වෙනුවට වැරදි කරුවන් ආරක්ෂා කරති.  මේ හේතුවෙන් කුපිත වූ ජනතාව මර්දනය කිරීමට නොහැකි වී ඇත. 

මිනිසෙකු ඝාතනය කිරීම විශාල වරදක් බව සියලු ආගම්වල පමණක් නොව අදේවවාදීන් පවා පිළිගන්නා සත්‍යයකි. එසේ තිබියදී අමු අමුවේ මිනිසුන් පුළුස්සා ම්ලේච්ච අන්දමින් කෑලිවලට කපා කොටා මිනිසාට අගව්රව කිරීම ඔවුන් අදහන දහම කුමක්දැයි ලොවටම කියා පාන්නේය. මෙහි විශේෂත්වය වන්නේ පුජකයින් විසින් එහි මුලිකත්වය ගැනීමය. සබැවින්ම එවැනි මුර්ගයින් විසින් ජනතාවට පෙන්වන දැහැමි මග කුමක්දැයි මට නම් තේරුම්ගත නොහැකිය. බුදු දහමේ ඇති අවිහිංසාවට කුමක් සිදු වී ඇත්දැයි ප්‍රශ්න කල යුතුව ඇත. 

කව්රුන් හෝ කිසියම් රටක උපන්නේ නම් ඔහුට එම රටේ ජිවත් වීමේ අයිතිය තිබිය යුතුය. එහෙත් රෝහින්යා ජනතාවට අවම තරමින් එම අයිතියවත් නොදෙන අසත් පුරුෂයින් එම රට පාලනය කරති. එම පාලකයින්ට මග පෙන්විය යුතු පුජකයින් ඊට නොදෙවෙනිය. එසේ කරන කිසිවෙකු මෙලොව සදාකල් ජිවත් වීමට සිතුවත් එය කල නොහැකිය. මේ තාවකාලික ජීවිතය වෙනුවෙන් මෙවැනි විශාල වැරදි කර බේරී සිටියත් ඒ වෙනුවෙන් ඔවුන්ට දඬුවම් විඳීමට සිදු වන්නේය. එය කව්රු නොපිළිගත්තත් සෑම ප්‍රධාන ආගමකින්ම පිළිගත් සත්‍යයකි. එතෙක් මේ බොරු ලෝකයේ වීරයින් මෙන් සිටිය හැක්කේ ටික කලකි. කෙසේ වෙතත් ඔවුන්ට කවදා හෝ දෙවියන්ගේ තීන්දුව ලැබෙනු ඇත. 

මෙම අපරාදය කල අය ලොකු හපන්කමක් කලා යැයි සිතාගෙන ඇත. එහෙත් සත්‍ය නම් එය නොවේ. ඔවුන් ඝාතනය කල මුස්ලිම්වරුන් දෙවියන් කෙරෙහි අචල විශ්වාසයෙන් මිය ගියේ නම් ඔවුන්ට ස්වර්ගය නියතය. එබැවින් මෙලොවදී කොය් ආකාරයට මිය ගියත් එලොවාදී ස්වර්ගයේ සතුටින් ජිවත් විය හැකිය. එහෙත් මේ ම්ලේච්ච මිනිස් ඝාතකයින්ට කවදා හෝ දෙවියන් හමුවේ පෙනී සිටීමට සිදු වනු ඇත. 

අපට කල හැක්කේ රෝහින්යා මුස්ලිම් ජනතාව වෙනුවෙන් හැකි සෑම විටම දෙවියන්ගේ උදව් පැතීමය. 

Comments

Popular posts from this blog

කුරානයට එල්ල කරනු ලබන චෝදනා (Accusations against the Quran)

ලෝක අවසානය පිළිබඳ පෙර නිමිති (Omens for the end of the world)

කුරානයට අනුව ලෞකික ජීවිතයේ යතාර්ථය කුමක්ද? (What is the reality of worldly life according to the Quran?)