කාල කළමනාකරණයේ වැදගත්කම (Importance of time management)



දෙවියන් කාලය මැවුදා සිට එය ගලා ගෙන යන්නේය. ඉන් සුළු කොටස බැගින් සෑම ජිවියෙකුටම ලබා දී තිබේ. එම කාලයේදී මිනිසා ක්‍රියා කරන අකාරය අනුව ඔහුගේ මතු ජීවිතය තීරණය වනු ඇත. කාලය ගැන හොඳ අවබෝදයක් ඇති එක්තරා පදික වෙළෙන්දෙක් අයිස් කැට විකිණීමේදී, "ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න, කාලය විකිනීමට තිබේ" යැයි කීවේය. ඉන් ඔහු අදහස් කළේ අයිස් කැට දිය වන අකාරයටම ජීවිතයත් ගෙවී යන බවයි. 

මෙලොව උපදින සෑම කෙනෙක්ම මිය යන්නේය. එසේ තිබියදී යම් කෙනෙක් තමන්ට ලැබී ඇති කෙටි කාලය විනාශ කළහොත් කාලය විසින් ඔහුව විනාශ කරනු ඇත. 

මරණින් මතු ජිවිතයේ ජය හෝ පරාජය තීරණය කරනු ලබන්නේ මිනිසා මෙලොව දී කරනු ලබන පින් හෝ පව් අනුවය. එහෙත් බොහෝ අය මරණින් මතු ජිවිතයක් ඇතැයි නොසිතන තරම් ය. 

කාලයේ ඇති වැදගත්කම කම නිසාම ඒ මත දිව්රා අල් කුරානයේ මෙසේ පවසා ඇත. “කාලය කෙරෙහි දිවුරා පවසමි! නියතව මිනිසා පාඩුවෙහිම සිටියි. (නමුත්) කවරහු (අල්ලාහ්ව) විශ්වාස කරන්නෝද, යහකම් කරන්නෝද, සත්‍යය මගින් එකිනෙකාට උපදෙස් කර ගන්නෝද, එකිනෙකා අතර ඉවසීම කෙරෙහි උපදෙස් කරගන්නෝද යන අය හැරය”. මෙම කුර්ආන් පරිජ්ජේදයෙන් පෙන්වා දෙන්නේ කණ්ඩායම් සතරක් හැර අන් සියලු දෙනාම පරාජිතයින් බවයි. 

මෙම කුර්ආන් පරිජ්ජෙදයේ මුලින්ම පෙන්වා දී තිබෙන්නේ දෙවියන් පිලිබඳ විශ්වාසය ගැනය. එහෙත් බොහෝ අයට දෙවියන් යන්නෙහි නිර්වචනය පවා දන්නේ නැත. එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන් සාස්තෘ වරුන්ටත් තම අතින් නෙලාගත් පිළිම වලටත් සුර්යාටත් වෙනත් දේවල් වලටත් වඳිති. එහෙත් ඔවුන් වඳින එම දේවල් වලින් විශ්වය මැව්වේ නැත. මිනිසාව මැව්වේද නැත. එසේත් නැතිනම් වෙන කිසිම දෙයක් මැව්වේ ද නැත. මේ නිසා ඒවාට වැඳීම පාඩුවක්ම වේ.

එම කුර්ආන් පරිජ්ජේදයේ දෙවන වැකියෙන් පවසන්නේ යහකම් කිරීම ගැනය. යහකම් යනු දෙවියන් නියම කල දේවල් ය. ඒවා කුමක් දැයි දෙවියන්ගේ නියෝජිතවරුන් වන නබිවරුන් විසින් පෙන්වා දී තිබේ. එසේ තිබියදී තමන් කැමති දේවල් කුසල් යැයි සිතාගෙන කලේ නම් ඒවාට කුලිය දෙන්නේ කව්රුන් විසින්ද?

එම කුර්ආන් පරිජ්ජේදයේ තුන්වන වැකියෙන් පවසන්නේ එකිනෙකා අතර උපදෙස් කර ගැනීම සම්බන්දව වේ. මෙම උපදෙස් වලින් බොහෝ අයට සත්‍යය කුමක්දැයි තේරුම් කර දීමට හැකි ය. කෙසේ වෙතත් එවැනි අවස්ථාවලදී සිදු විය හැකි මත ගැටුම් වලදී ඉවසීම ගැන අවසාන වශයෙන් සඳහන් කොට තිබේ. 

බොහෝ අය ජිවත් වන්නේ මෙළොවට පමණි. එබැවින් තමන් හම්බ කරන දේවල් වලින් කිසිවෙකුට දෙන්නේ නැත. මරණයට පසු ඒවා ගෙන යන්නේද නැත. එවැනි අයට මරණය ලඟා වූ පසු මෙසේ පවසන බව කුරානය පෙන්වා දෙන්නේය. "නුඹලාගෙන් කෙනෙකුට මරණය පැමිණීමට පෙර නුඹලාට අප ලබා ලබා දී ඇති දේවල් වලින් නුඹලා (යහකම්හි) වියදම් කරනු. (නැති නම් මැරෙන මොහොතේදී) 'මාගේ සමිඳුනි! නුඹ මට සුළු මොහොතකට අවස්ථාව ලබා දෙන්නේ නම් මා මාගේ ධනයෙන් සදකා දී ධර්මිෂ්ටයෙක් වන්නෙමි'යි (පවසනු ඇත). (එහෙත්) කිසිවෙකුගේ නිශ්චිත කාලය පැමිණියේ නම්, අල්ලාහ් එය මොහොතක් හෝ ප්‍රමාද කරන්නේ නැත. තවද, නුඹලා කරන දේවල් ගැන අල්ලාහ් හොඳින් දන්නේය" (කුරානය 63:10-11).

ඔලිම්පික් තරඟයකට සහභාගී වන කෙනෙකුට මිලි තත්පරයක වටිනාකම හොඳින් දන්නේය. එසේම මාර්ග අනතුරකින් දිවි ගලවා ගත් කෙනෙකුට ඔහු බේරුණු එම මොහොතෙහි වටිනාකම දන්නේය. මේ අකාරයටම මරණයට පත්වූ කෙනෙක් ලෞකික ජ්විතයේදී නාස්ති කල සුළු මොහොතේ වටිනාකම දකිනු ඇත. එහෙත් මරණයට පත්වූ පසු ආපසු හැරීමක් නැත. මේ හේතුවෙන් නබි තුමා මෙසේ පැවසුවේය. “කාරණා පහකට පෙර කාරණා පහකින් ප්‍රයෝජන ගන්න: ඔබ වයසට යාමට පෙර ඔබේ තරුණ කාලය; ඔබ අසනීප වීමට පෙර ඔබේ සෞඛ්‍යය; ඔබ දුප්පත් වීමට පෙර ඔබේ ධනය; ඔබ වෙනත් දෙයකට යෙදීමට පෙර ඔබේ නිදහස් කාලය සහ ඔබේ මරණයට පෙර ඔබේ ජීවිතය” (මුස්නද් අහමද්).

නබි වදනක සඳහන් වන ආකාරයට මරණයෙන් පසු මිනිසාගේ තරුණ කාලය මෙන්ම වැඩිහිටි ජීවිතය ගැන වෙන වෙනම  ප්‍රශ්න කිරීමට නියමිත ය. තවද එක් එක්කෙනාට ලබා දී ඇති දායාදයන් ගැන ද ප්‍රශ්න කරනු ඇත. මෙම කුර්ආන් වැකියෙන් එය දැක ගත හැකි වේ. "නියතව නුඹලාට දෙනු ලැබූ දායාදයන් ගැන එම දිනයේදී ප්‍රශ්න කරනු ඇත" (කුරානය 102:8).

මිනිසා ලෝකයේ සිටින අනෙක් ජීවින්ගෙන් වෙනස්ය. ඒ අනුව මිනිසාට ආගමක් පහළ කොට ඇත. එම ආගම ප්‍රයෝගිකව පෙන්වීම සඳහා දෙවියන්ගේ විශේෂ දුතයින් වන නබිවරුන්ව සෑම දේශයකටම යවා තිබේ. අවසාන වශයෙන් පැමිණි මුහම්මද් නබිතුමාව මුළු ලෝකයා වෙනුවෙන් පත්කොට තිබේ. එසේ තිබියදී මිනිසා තමන්ට ලැබී ඇති එකම ජීවිතය නිසි කළමනාකරණයකින් තොරව ගෙවා දමන්නේ නම් එහි පාඩුව ඔහුටම වේ. 

By Fasy Ajward. B.Sc(Physics.Special)Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

කුරානයට එල්ල කරනු ලබන චෝදනා (Accusations against the Quran)

කුරානයට අනුව ලෞකික ජීවිතයේ යතාර්ථය කුමක්ද? (What is the reality of worldly life according to the Quran?)

ඉස්ලාමීය ව්‍යාපාරික ආචාර ධර්ම (Islamic Business Ethics)