අල් කුර්ආනයේ අභ්‍යවකාශ ගමන් පිළිබඳ අනාවැකිය (Prophecy of Space Travel in the Quran)


අල්-කුරානය මිනිසාටත් දෙවියන්ටත් අතර සම්භන්ධය ගොඩනැගීම සඳහා පහල ලරන ලද මර්ගෝපදෙශයකි. එහෙත් මිනිසාගේ චින්තනය අවධි කිරීම සඳහා බොහෝ විද්‍යාත්මක කරුණු එහි අන්තර්ගත කොට ඇත. ඒවා හැදැරීමෙන් කුරානය මිනිස් නිර්මාණයක් නොවන බව පහසුවෙන්ම තේරුම් ගැනීමට හැකි වන්නේය. මෙහිදී සලකා බලනු ලබන්නේ අභ්‍යාවකාශ තරණය පිළිබඳව කුරානයෙන් සිදු කොට තිබෙන ඉඟිය ගැනයි. 

මුල්ම අභ්‍යාවකාශ තරණය සිදුකලේ වර්ෂ 1957 ඔක්තෝබර 4 වැනිදාය. එය රුසියාවෙන් පිටත්කළ මිනිසෙක් රහිත ස්පුට්නික් 1 යානයයි. ඉන්පසු 1958 වසරේ දී ඇමරිකාවේ නාසා (NASA) ආයතනය පිහිටුවා අභ්‍යාවකාශ තරණය ආරම්භ කොට ඇත. එහෙත් හත්වන සියවසේ විසු මිනිසා අභ්‍යාවකාශ තරණය ගැන කථාකිරීමට තියා ඒ ගැන සිතා බැලීමටවත් හැකි තත්වයක සිටියේ නැත. ඊට හේතුව එම යුගයේදී ගමන් බිමන් සිදු කලේ සතුන්ගේ උදව්වෙන් වන නිසාය. එවන් යුගයකදී  අල්-කුරානය අභ්‍යාවකාශ තරණය පිලිබදව මෙවන් ප්‍රකාශයක් සිදු කොට ඇත.

يمَعْشَرَ الْجِنِّ وَالإِنسِ إِنِ اسْتَطَعْتُمْ أَن تَنفُذُواْ مِنْ أَقْطَـرِ السَّمَـوَتِ وَالاٌّرْضِ فَانفُذُواْ لاَ تَنفُذُونَ إِلاَّ بِسُلْطَـنٍ

“ජින්, මනු සමුහයිනි! නුඹලා අහස් හා භූමියෙහි සීමාවන් තරණය කිරීමට ශක්තිය ලබන්නේ නම් නුඹලා තරණය කරන්න. අධික ශක්තියෙන් [إِلاَّ بِسُلْطَـنٍ] හැර නුඹලා තරණය නොකරන්නේහුය”(අල්කුරානය 55:33).

ඉහත දැක්වෙන [إِلاَّ بِسُلْطَـنٍ] යන්නෙහි අර්ථය වනුයේ බලය, ශක්තිය, බලපවත්වනවා යන්නයි. ඉමාම් රාzසි සඳහන් කරන ආකාරයට එහි තේරුම උපරිම බලය යන්නයි. එසේම එහි දැක්වෙන (أَن تَنفُذُو) යන්නෙන් අදහස් කරනු ලබන්නේ පසාරුකරගෙන යෑම (penetrate), ඇතුලට යෑම යන අරුත්ය. ඒ අනුව මෙම වාක්‍ය තුලින් පැහැදිලි වන්නේ අභ්‍යාවකාශ තරණය ගැනයි.

අභාවකාශ තරණය කිරීමේදී වස්තුවකට පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් මිදීමට විශාල අරම්භයක වේගයක් අවශ්‍ය වන්නේය. එය අවම වශයෙන් පැයට සැතපුම් 25,000 ක් විය යුතුය. මේ සඳහා එම වස්තුව මත දැවැන්ත බලයක් යෙදීමට සිදු වේ. එය රාත්තල් 29,000,000 (මිලියන 29ක්) බව ගණන් බලා තිබේ. එවැනි බලයක් නොමැතිව අභාවකාශ තරණය සිදු කල නොහැකිය. මෙවැනි දෙයක් 7 වන සිය වසේදී පහළ වූ අල් කුරානයේ සඳහන් වීමෙන් පෙනී යන්නේ කුරානය නබි තුමාගේ දැනුමෙන් පැවසූ දෙයක් නොවන බවයි. 

By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path



Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)