විශ්වය ඉබේ බිහිවිය හැකිද? (Does the universe became spontaneously?)
විශ්වය තුල මිනිසා විසින් නිර්මාණය කල දේවල් මෙන්ම මිනිසා විසින් නිර්මාණය නොකළ දේවල් තිබේ. එහෙත් මිනිසා විසින් නිර්මාණය නොකළ දේවල් මිනිස් නිර්මාණවලට වඩා සිය දහස් වාරයකින් සංකීර්ණ ය. එසේ තිබියදී ඇතැමුන්ගේ මතය වන්නේ ඒවා ඉබේ ඇතිවී තිබෙන බවයි. උදාහරණයක් ලෙස පරමාණුවක් ගැන සලකා බලමු. එය මිනිස් ක්‍රියාකාරකම් වලින් ස්වායත්තව නිර්මාණය වූ දෙයකි. එසේම එය මිනිස් නිර්මාණවලට වඩා ඉතා සංකීර්ණ ය. පරමාණුව ගැන ලියවුනු පොත් පත් සිය දහස් ගණනක් දැකිය හැකිය. එම පොත්වලින්ද පරමාණුව ගැන සම්පුර්ණයෙන් අධ්‍යයනය කොට හමාර නැත. එසේ නම් පරමාණුවලින් සැදුම් ලත් සිය ගණනක් වූ මුලද්‍රව්‍ය සහ විශ්වය ඉබේ නිර්මාණය විය හැකිද? මේ හේතුවෙන් විශ්වයේ ආරම්භය ගැන විස්තර කිරීමේදී ප්‍රධාන තැනක් ගත යුත්තේ මෑවුම්වාදය යි. එම වාදය පිළිගන්නා අය බිලියන හතර ඉක්මවන්නේය.
විශ්වයේ බිහිවීම සම්භන්දයෙන් බොහෝ විද්‍යාත්මක මත ඵල කර තිබේ. කෙසේ වෙතත් විද්‍යාඥයින් ඵල කොට ඇති කිසිම මතයකින් විශ්වයේ ආරම්භය ගැන සම්පුර්ණයෙන්ම විස්තර කල නොහැකිය. තවද විශ්වයේ බිහිවීම සම්භන්දයෙන් විද්‍යාඥයින් ඵල කොට තිබෙන කිසිම මතයක් ඔප්පු කළ නොහැකිය. එම මතයන් සියල්ලම දැනුම මත පදනම් වූ විශ්වාසයන් පමණි. එබැවින් ඒවා පිළිගැනීම අනිවාර්ය නොවේ. ඇයිද යත් සුප්‍රකට විද්‍යාඥයින් පවා ඔවුන්ගේ මතයන් නිතර නිතර වෙනස් කරන්නේය. ඒ අනුව විද්‍යාඥයින්ට පවා විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් ස්ථිර මතයක් නැත. උදාහරණයක් වශයෙන් සුප්‍රකට විද්‍යාඥයෙකු වන ස්ටෙෆාන් හොකින් මහතා 1988 දී පලකරන ලද "A brief History of Time from Big Bang to Black Hole" යන කෘතියේ පවසා තිබුනේ විශ්වය සර්වබලදාරි දෙවිකෙනෙකුගේ මැවීමක් බවයි. එහෙත් දැන් ඔහු වෙනස් මතයක් දරන්නේය. ස්ටෙෆාන් හොකින් සහ ලිඔනාඩ් ම්ලොඩිනොව් යන දෙදෙනා විසින් පල කොට ඇති නවතම කෘතිය වන "The Grand Design" මගින් පෙන්වා දෙන්නේ භෞතික විද්‍යාව සහ පාරභෞතික විද්‍යාව යන දෙක ඒකාබද්ධ කල යුතු බවයි.
ලොව ඇති ආගමික ග්‍රන්ථ අතරින් අල්-කුරානයට සුවිශේෂී තැනක් ලැබෙන්නේ විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් බොහෝ වැදගත් කරුණු එහි සඳහන් වන නිසාය. එසේම කුරානයේ ඇති සිය ගණනක් වන විද්‍යාත්මක කරුණු වලින් එකක් හෝ වැරදි බවට සොයා ගෙන නොතිබීම නිසා එහි ඇති කරුණු අපට පිළිගැනීමට හැකිය.
විශ්වයේ ඇති භෞතික වස්තුන් සහ ඒවා ක්‍රියා කරන ආකාරයන් ගැන හැදැරීමේදී ඒවා යම් කිසි නීති වලට යටත්ව ක්‍රියා කරන බව දැකිය හැකිය. එසේ නම් එම නීති ඇති කලේ කව්රුන් විසින්ද? මහා පිපිරුමකින් විශ්වය බිහි වුයේ නම් කිසිසේත්ම පිළිවෙලකට ක්‍රියා කරන විශ්වයක් බලාපොරොත්තු විය නොහැකිය. උදාහරණයක් වශයෙන් විශ්වය පුරා ට්‍රිලියන ගණනින් වන තාරකා ඒවාට නියමිත රාජකාරීන් සිදු කරමින් ඒවාට නියමිත කක්ෂවල ගමන් කරන්නේය. එම තාරකා සියල්ලෙන්ම එකම ආකාරයක න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සිදු වෙමින් ආලෝකය ලබා දෙන්නේය. මේවා යම් කෙනෙකුගේ සැලැස්මක් විය යුතුය.
විශ්වය පුරා බොහෝ රහස් තිබේ. උදාහරණක් ලෙස ජලය මිදෙන උෂ්ණත්වය හෝ එය වාෂ්ප වන උෂ්ණත්වය සම්මත තත්වයන් යටතේ ඕනෑම තැනක එකම අගය ගන්නේය. තවද ආලෝකයේ වේගය විශ්වය තුල ඕනෑම තැනකදී නියත අගයක් ගන්නේය. තවද පරමානුවේ මුලික අංශුන් වන ප්‍රෝටෝන ඉලෙක්ට්‍රොන සහ අනෙකුත් කුඩා අංශුවල ස්කන්දයන් විශ්වයේ ඕනෑම ස්ථානයක සමාන අගයන් ගන්නේය. ඒවා කිසිවක් අහඹු සිදුවීම් විය නොහැකිය. ඒ අනුව අපට නිගමනය කල හැකි වන්නේ විශ්වය එක් නිර්මාතෘ වරයෙකු විසින් නිර්මාණය කොට ඇති බවයි. එම කරුණ සුප්‍රකට ඇමරිකානු විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්ටෙෆාන් හෝකින් මහතා විසින්ද පවසා තිබේ.
පෘථිවිය ගැන සැලකීමේදී දෙවියන් එය ජිවින්ට හිතකර අන්දමින් ස්ථාන ගත කොට ඇති බව පෙනී යන්නේය. පෘථිවියේ සිට සුර්යයාට ඇති දුර සුළු ප්‍රමාණයකින් හෝ වෙනස් වුයේ නම් පෘථිවියේ සිටින ජීවින් විනාශයට පත් වනු ඇත. තවද සුර්යාගෙන් පෘථිවිය දෙසට පැමිණෙන ඉතා හානිකර විකිරණශීලි කිරණ වැළැක්වීම සඳහා ඉහල වායුගෝලයේ ඕසෝන ස්තරයක් මවා නොතිබුනේ නම් පෘථිවියේ ඇති ජීවින් විනාශයට පත් වීමට තිබුනේය. එසේ නම් ඔසෝන ස්ථරය ඉබේ ඇති විය හැකිද? මෙම කරුණු වලින් පෙනී යන්නේ විශ්වය අහඹු සිදුවීමක් නොවන බවයි.
පෘථිවියේ සිටින ජීවීන්ගේ පැවැත්ම සඳහා බොහෝ චක්‍රයන් ක්‍රියා කරන්නේය. ඒවා අතරින් ශාක වලින් විශාල කාර්ය භාරයක් ඉටු වන්නේය. ඒ අනුව ශාක දිවා කාලයේදී ඔක්සිජන් වායුව මුදා හරින අතර රාත්‍රී කාලයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව මුදා හරින්නේය. මෙවැනි ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් ඉබේ සිදු විය හැකිද?
පෘථිවියේ සිටින ජීවීන්ගේ පැවැත්ම සඳහා බොහෝ චක්‍රයන් ක්‍රියා කරන්නේය. ඒවා අතරින් ශාක වලින් විශාල කාර්ය භාරයක් ඉටු වන්නේය. ඒ අනුව ශාක දිවා කාලයේදී ඔක්සිජන් වායුව මුදා හරින අතර රාත්‍රී කාලයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව මුදා හරින්නේය. මෙවැනි ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් ඉබේ සිදු විය හැකිද?
ජීවීන්ගේ පැවැත්ම සඳහා දේශගුණික වෙනස්කම් වලින් විශාල කාර්ය භාරයක් සිදු වේ. එම දේශගුණික වෙනස් කම් ඇති වන්නේ පෘථිවියේ කක්ෂය අංශක 23 ක ආනතියකින් ඇලයට පිහිටීම නිසාය. එවැනි සැලසුමක් ඉබේ ඇති විය හැකිද? එපමනක් නොව ජීවීන්ගේ ආහාර අවශ්‍යතා බෙහෙවින් වෙනස්ය. එහෙත් කිසිම ජීවියෙකු කුස ගින්නේ මිය යන්නේ නැත. මේ සඳහා අහාර දාමයන් සකස් කොට තිබේ. ඒවා ඉබේ ඇති විය නොහැකිය. මේ සෑම දෙයකින්ම පෙනී යන්නේ විශ්වය බුද්ධිමත් මැවුම් කරුවෙකුගේ ක්‍රියාවක් බවයි.
විශ්වය මැවූ දෙවියන් විශ්වය පුරා ඔහුගේ පැවැත්ම සනාථ කිරීමට ප්‍රමාණවත් කරුණු ස්ථාපිත කොට තිබේ. එහෙත් අවාසනාවකට මෙන් අදේවවාදීන් ඒවා දකින්නේ නැත. අල් කුරානයට අනුව මිනිසාව මවා තිබෙන්නේ යම් කිසි අරමුණක් වෙනුවෙන් ය. ඒ අනුව ක්‍රියා කල අය මරණයෙන් පසු ජීවිතය ජය ගනු ඇත.
By Fasy Ajward. B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
lovely contents <3
ReplyDeleteජසාකල්ලා කයිර් බ්‍රදර්
Deletehttps://islamboru.wordpress.com/2016/06/19/ෆාසිගේ-ගුඩු-තර්ක-1/
Delete