මුස්ලිම්වරුන්ට යෝගී අභ්‍යාස සිදු කල හැකිද? (Is it permissible for a Muslim to practice yoga?)


යෝගී යනු එකලස් වීම යනුවෙන් අර්ථ දක්වා ඇතත් ප්‍රමුඛ යෝගී සාස්තෘවරුන්ට අනුව එහි අර්ථය දෙවියන් සමග සන්ධානගත වීමය. ඒ අනුව යෝගී ව්‍යායාමයක් පමණක් නොව භාවනා ක්‍රමයක් ද වේ. එහෙත් ඉස්ලාම් යනු අල්ලාහ්ගෙන් පහළ වූ අංග සම්පුර්ණ ආගමකි. එබැවින් ඉස්ලාම් දහම තුල අලුතින් යෝගී ව්‍යායාම හඳුන්වා දීමට අවශ්‍යතාවයක් නැත. ඉස්ලාම් දහමෙහි ඇති විශේෂත්වය වන්නේ එය නබිතුමා ජිවතුන් අතර සිටියදීම සම්පුර්ණ කර තිබීමය. ඒ අනුව එම දහම තුල අලුත් ඇදහිලි කිසිවක් ඇතුලත් කළ නොහැකි ය. යම් විදියකින් ඉස්ලාම් දහම තුලට අලුතින් යමක් ඇතලත් වුයේ නම් එය නිෂ්ප්‍රභා කළ යුතු බව නබි තුමා පවසා ඇත. 

යෝගී ව්‍යායාම ක්‍රම බොහෝ ඇත. මින් ප්‍රමුක ස්ථානයක් ගන්නේ සුර්ය නමස්කාරය යි. මෙය ශරීරයේ කොටස් අටක් උපයෝගී කරමින් සිදු කරන්නේය. ඒවා නිරුවතින් සිදුකිරීම වඩාත් උචිත බව පැවසේ. විශේෂයෙන්ම ලය, පසුපස සහ කලව එයට අයත් ය. එය ඉර පායන අවස්ථාවේදී ද ඉර බහින අවස්ථාවේදීද ඒ දෙස බලමින් සුර්යා කෙරෙහි සිත යොමු කරමින් කරන භාවනාවකි. එසේ තිබියදී නොමග ගිය සූෆිවරුන් විසින් සුර්යා වෙනුවට තමන් නමදින සාස්තෘවරුන්ගේ රුපය තමන් ඉදිරියේ තබාගෙන එම වන්දනය සිදු කලත් එය ඉස්ලාමීය මුලික ඉගැන්වීම් අනුව පිළිම වන්දනයට සමාන කල හැකිය.

මුස්ලිම්වරයෙකු දිනපතා සිදු කරනු ලබන්නාවූ පාස්වෙලා සලාතය යෝගී වලට වඩා වැදගත් වේ. එමගින් ඔහු අල්ලාහ්ට වඩාත් සමීප වන අතරම එය ශාරීරික ව්‍යායාමයක් සහ මනසට සුවයක් අත්කර දෙන්නේය. එහෙත් යෝගී භාවනා ක්‍රම මිට සියවස් ගණනාවකට පෙර මුස්ලිම් නොවන අය ළඟ පැවති එකකි. විශේෂයෙන්ම එය හින්දු, බෞද්ධ, ජෛන සහ වෙනත් ආගම්වල සිත දියුණු කිරීමේ ක්‍රමයක් ලෙස සලකනු ලැබේ. 

යෝගී, දහම නැතහොත් දර්ශනය ආශ්‍රිත දෙයක් වන අතර ඒවා සම්බන්ද විස්තර පෞරාණික බෞද්ධ පොත පතෙහි සඳහන් වේ. බෞද්ධයින් භාවනාවේ යෙදෙන්නේ නිර්වාණය අත්කර ගැනීමට සහ රහත් වීමේ අපේක්‍ෂාවෙනි. මේ හේතුවෙන් බෞද්ධයින් අතර එය භාවනාවක් ලෙසත් ජෛන ආගම අදහන අය අතර එය ධ්‍යානය ලෙසත් සලකනු ලැබේ. ථෙරවාදී බෞද්ධයින් අතර සිහිකල්පනාව දියුණු කිරීමට පමණක් ක්‍රම පනහක් ද සිත එකඟකර ගැනීම සඳහා ක්‍රම හතලිකක් ද ඇති බව පැවසේ. කෙසේ වෙතත් ඉස්ලාම් දහමටත් යෝගී භාවනා ක්‍රම වලටත් කිසිම සම්බන්දයක් නැත.

නබිතුමාගේ අභාවයෙන් පසු නොමග ගිය සූෆිවරුන් විසින් මෙම සංකල්පය ඉස්ලාම් දහම තුලට ගෙනවිත් තිබේ. එමගින් සාමාන්‍ය ජනතාවගේ තර්කානුකූල බුද්ධිය මොට කර ඇත. සුෆි නිකාය අනුව මිනිසාගේ අවසාන ඉලක්කය අල්ලාහ් සමග එකතුවීමය. මන්සුර් අල් හලාජ් මමයි සත්‍යය යනුවෙන් පැවසුවේ ඔහු අල්ලාහ් සමග එකතු වීමෙන් බව පැවසේ. එසේම බාzසේය්ද්-උල් බිස්තාමි මමයි සර්වබලධාරියායනුවෙන් පවසා ඇත. (Tadhkaratul-Auliya by Dr. Bankey Behari 1961 edition) මෙවැනි ඉගැන්වීම ඉස්ලාම් දහමේ මූලික හරයට සම්පුර්නයෙන්ම පටහැනි ය. මේ හේතුවෙන් සමකාලින ඉස්ලාමිය විද්වතුන් පවසන්නේ යෝගී ක්‍රම කොන්දේසි විරහිතව තහනම් බවයි.

ඉහත දක්වන ලද කරුණු අනුව මුස්ලිම්වරයෙකුට අල් කුරානයෙන් සහ නබිතුමාගේ හදිස් වලින් පෙන්වා දී ඇති ඉස්ලාම් දහම යෝගී වලට වඩා හොඳටම ප්‍රමාණවත් ය. 

By Fasy Ajward.B.Sc(PhysicsSpecial)Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

අල්ලාහ් කවුද? (Who is Allah?)

අලුත් අවුරුදු සැමරීම ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? (What does Islam say about celebrating New Years?)

ඉස්ලාම් දහම තුල ඉවසීම වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ඇයි? (Why is patience highly valued in Islam?)