ඉස්ලාම් දහම වේගයෙන් ව්‍යාප්තවීමේ රහස කුමක්ද? (What is the secret of fast spread of Islam?)


ඉස්ලාම් දහමේ ව්‍යාප්තිය වැළැක්වීමට මොන උත්සාහයන් ගනු ලැබුවත්  ලෝකයේ ඇති සෙසු ආගම් සමග සැසඳීමේදී ඉතා වේගයෙන් ලෝකය පුරා පැතිර යමින් තිබෙන එකම දහම ඉස්ලාම් ය. ඉස්ලාම් දහම හැර වෙන කිසිම ආගමක් ඉතා කෙටි කාලයක් තුලදී විශාල භූගෝලීය කලාපයක් තුල පැතිර ගියේ නැත. මෙම ව්‍යාප්තියට ප්‍රධාන හේතුව එහි ඇති නිරවුල් භාවයයි. ඇතැම් අය පවසන අන්දමට ඉස්ලාම් දහම කඩුවෙන් ව්‍යාප්ත වුයේ නැත. ඇයිද යත් ඉස්ලාම් දහම තුල කිසිවෙකුට බල කිරීමක් නොමැති නිසාය. 

ඉස්ලාම් දහමේ විශේෂත්වය වන්නේ එය ඕනෑම මනසකට පිළිගත හැකි අයුරින් ගොඩ නැගී තිබීමය. ඒ අනුව අපට පහත දැක්වෙන කරුණු එහි දැකිය හැකිය. 
  •        දෙවියන් පිලිබඳ නිවැරදි අර්ථදැක්වීමක් සිදු කොට තිබීම
  • ·    එම දහම ඉතා ප්‍රයෝගික එකක් වීම
  • ·     එම දහමේ උස්පහත් බේදයක් නොතිබීම
  • ·     එම දහම තුල මිත්‍යා විශ්වාසයන්ට කිසිම ඉඩක් නොතිබීම
  • ·     ඉස්ලාම් දහමින් මිට පෙර පැවති ආගම් ගැන ඉතා නිවැරදිව කරුණු කියා දී තිබීම
  • ·     මරණයෙන් පසු සිදුවන දේවල් ඉතා පැහැදිලිව කියා දී තිබීම මින් සමහරකි.
ඉතත දැක්වෙන කරුණු නිසා ඉස්ලාම් දහම ගැන මනා අවබෝදයක් ඇති කිසිවෙකු ඉන් ඉවත්වන්නේ නැත. එහෙත් නාම මාත්‍රික මුස්ලිම්වරයෙක් පමණක් දහම අත්හැර යාමට ඉඩ ඇත. නබිතුමාගේ කාලයේ ජිවත් වූ නිග්‍රෝ ජාතික බිලාල් රලි තුමා ඇතුළු තවත් බොහෝ නබි මිත්‍ර සහාබාවරුන්ට ඉස්ලාම් දහම වැළඳ ගැනීමේ හේතුවෙන් ඉතා කෲර වදහිංසා වලට මුහුණ දීමට සිදුවී ඇත. එහෙත් ඒවා කිසිවක් නිසා ඔවුහු ඉස්ලාම් දහම අත්හැරියේ නැත. 

අද බොහෝ අය ලෞකික දේවල් නිසා සිය දහම වෙනස්කර ගනිති. එහෙත් දහම ගැන නිවැරදි අවබෝදයක් ඇති කිසිම මුස්ලිම්වරයෙක් ලෞකික දේවල් වෙනුවෙන් දහම අත්හරින්නේ නැති බව පැහැදිලිව පෙනෙන කරුණකි.

අවසාන වශයෙන් මෙම උදාහරණය සඳහන් කරන්ට කැමැත්තෙමි. එක් සුකිරි වෙළෙන්දෙක්, “මා විකුනන්නේ සුකිරිය. එය මිහිරිය, පැණි රසය. එහෙත් මාගේ ව්‍යාපාරය දිනෙන් දින අඩුවීගෙන යන්නේය. එහෙත් මා අසල ඇති අනෙක් වෙළෙන්දා විකුනන්නේ විනාකිරිය. එය ඉතා කටුකය, සැරය එහෙත් ඔහුගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වන්නේය” ඊට හේතුව කුමක්දැයි විමසා ඇත. එවිට, “ඔබ සුකිරි විකුනන්නේ ඇඹුල් මුහුණෙන් වුවත් අනෙක් වෙළෙන්ඳා විනාකිරි විකුනන්නේ සිනා මුසු මුහුණින් වීම ඊට හේතුව” යැයි පිළිතුරු දී ඇත.

අද බොහෝ අයට සිදුව ඇත්තේද ඉහත සඳහන් කළ ආකාරයේ  අකරතැබ්බකි. ඔවුන්ට තම දහම ආරක්ෂාකර ගැනීමට අවශ්‍යව ඇත. නමුත් ඔවුන් දහම වෙනුවෙන් සිදු කරන දේවල් නිසා ඔවුන්ගේ අරමුණ ඉටු වීම වෙනුවට මිනිසුන් දහමින් ඈත් වීමට හේතුවක් කරගෙන ඇත. 

By Fasy Ajward.
B.Sc(special)Hons,


Ex: Research officer at former Scientific and Industrial Research Institute. 
Twitter:-thetrue_path



Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)