දෙවියන් පිලිබඳ නිර්වචනය කුමක්ද? (What is the definition of God?)
ලෝකයේ ඇති සියලුම ආගම්වල දෙවියන් ගැන සඳහන් කොට ඇත. එහෙත් කුරානය හැර වෙන කිසිම ආගමක දෙවියන් ගැන අර්ථ දක්වා නැත. මේ නිසා සුළු පිරිසක් හැරුණු විට බොහෝ අය සත්‍යය දෙවියන් වෙනුවට වෙනත් ආදේශ වලට නැමදුම් කරන්නේය. එහි ප්‍රතිපලයක් ලෙස ඇතැම් උදවිය මවකගේ කුසින් උපන් මිනිස් වෙසින් සිටින අයට නැමදුම් කරන්නේය. තවත් සමහරු තම අතින්ම නිර්මාණය කළ දේව රුප වලට නැමදුම් කරන්නේය. තවත් සමහරු පිළිම වලට නැමදුම් කරන්නේය. ඇතැමුන් සුර්යයාට නැමදුම් කරන්නේය. ඇතැමුන් විශාල වෘක්ෂයන්ට නැමදුම් කරන්නේය. මේ ආකාරයට තෝරාගත් සෑම දෙයක්ම දෙවියන් විය හැකිද? ඕනෑම දෙයකට අර්ථ දැක්වීමක් තිබේ. දෙයක් නිවැරදිව හඳුනාගත හැක්කේ එම අර්ථ දැක්වීම අනුවය. උදාහරණයක් ලෙස පෑනකට පෑනක් යැයි කියනු ලබන්නේ ඊට අදාළ ලක්ෂණ එහි තිබුනොත් පමණි. මේ නිසා පොතක් දෙස බලා පැනක් යැයි නොකියන්නේත්, පෑනක් දෙස බලා පොතක් යැයි නොකියන්නේත් ඒවායේ ඇති වෙනස් වූ ලක්ෂණ නිසාය. එසේම, යම් කෙනෙකුට දෙවියන් යැයි ආමන්ත්‍රණය කිරීමට නම්, ඔහු තුළ දෙවියන්ගේ ලක්ෂණ තිබිය යුතුය. එසේ නොමැතිනම්, ඔබ ඔහුට කොපමණ වාරයක් දෙවියන් යැයි ආමන්ත්‍රණය කලද, ඔහු කිසි විටෙකත් දෙවිකෙනෙක් නොවනු ඇත. මිනිසා මොන ...
Comments
Post a Comment