වෙළදාම පිලිබඳ ඉස්ලාමීය ආචාර ධර්ම (Business ethics in Islam)
ඉස්ලාම් අංග සම්පුර්ණ ජිවන ක්‍රමයක් පෙන්වා දී තිබේ. ඊට වෙලන්දාමත් අයත් වේ. එබැවින් මුස්ලිම්වරයෙකු කරන අවංක වෙළඳාම අල්ලාහ්ට ලඟා විය හැකි මාර්ගයකි. අල් කුරානය වෙළඳාම සම්බන්දයෙන් මෙසේ අවවාද කොට තිබේ. "විශ්වාසවන්තයිනි! නුඹලා අතර තෘත්තිමත් භාවය මත කෙරෙන වෙළඳාම හැර, නුඹලාගේ වස්තු නුඹලා අතර වැරදි විදියට අනුභව නොකරනු" (කුරානය 4:29). වෙනත් කුර්ආන් වැකියක මෙසේ දැක්වේ. "සීමාව ඉක්මවාද, අසාධාරණ ලෙසද කවරෙක් මෙය කරයිද ඔහුව අපි නිරයෙහි ඇතුළු කරන්නෙමු" (කුරානය 430). මේ හැරුණු විට කිරුම් මිනුම් සම්බන්දයෙන්ද කුර්ආන් වැකි පහළ වී තිබේ. මේ හේතුවෙන් යුක්තිය, අවංකභාවය, මහජන සුබසාධනය ඉස්ලාමීය ව්‍යාපාරික ආචාර ධර්ම අතර වේ.
ඉස්ලාම් දහම අනුව වෙළඳාම් කිරීමේදී පහත දැක්වෙන ආචාරධර්ම පිළිපැදිය යුතුය.
- රැවටීම හෝ මුලාකිරිම නොකළ යුතුය.
- භාණ්ඩයක් විකිණීමේදී අධික ලෙස දිව්රුම් නොකළ යුතුය. අධික ලෙස දිව්රා වෙළඳාම් කිරීමෙන් එහි ආශීර්වාදය (blessings) නැතිවී යන බව නබිතුමා පවසා ඇත (සහිහ් මුස්ලිම්)
- අවසාන තීරණයට එළඹීම සඳහා දෙපාර්ශවයේම කැමැත්ත තිබිය යුතුය
- නිවැරදි කිරුම් සහ මිනුම් සිදු කළ යුතුය
- වෙළඳාම් කිරීමේදී ඒකාධිකාරයක් පවත්වා නොගත යුතුය
- නිදහස් ව්‍යවසායක් තිබිය යුතුය. එනම් කිසිම භාණ්ඩයකට අත්‍යවශ්‍ය හේතුවකට මිස මිල පාලනය නොකළ යුතුය
- මිළ ඉහල දැමීමේ අදහසින් භාණ්ඩ සගවා තැබීම නොකළ යුතුය
- ඉස්ලාම් දහමින් තහනම් කළ භාණ්ඩ අලෙවි නොකළ යුතුය
එක් අවස්ථාවකදී නබිතුමා වෙළඳාම සඳහා තබා තිබුණු තිරිඟු භාජනයකට අත දැමුවේය. එවිට ඔහු දුටුවේ උඩින් ඇති තිරිඟු වියලි ස්වභායක් උසුලන බවත් පහලින් ඇති තිරිඟු තෙත් බවත් ය. එම වෙළෙන්දාගෙන් ඊට හේතු විමසු විට ඔහු දන්වා සිට ඇත්තේ පොද වැස්සක් වැටීම නිසා එසේ සිදු වූ බවයි. එවිට නබිතුමා. එය පාරිබෝගිකයාට දැක ගත හැකි වන පරිදි තබන ලෙස අවවාද කළේය. මේ හේතුවෙන් ජනතාව රවටා වෙළඳාම් කිරීම ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැත. ඒ අනුව යම් භාණ්ඩයක සත්‍යය නිෂ්පාදිත රට වෙනුවට ව්‍යාජ රටවල්වල නම් ඉදිරිපත් කිරීම හෝ තත්වයෙන් බාල භාණ්ඩ උසස් භාණ්ඩ ලෙස ඉදිරිපත් කිරීම වරදකි. පලතුරු විකිණීමේදී විවිධ රසායනික ද්‍රව්‍ය යොදා ඉදවීම මගින් පාරිබෝගිකයාට වංචා කිරීම වරදකි.
වෙළඳ ඒකාධිකාරයක් පැවැත්වීම ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැත. එවැනි ක්‍රියාවන් නිසා ඇතැම් භාන්ඩ විකිණීම තනි වෙළඳුන් අතට පත් වන්නේය. එවිට එහි මිල පාලනය ඔහුගේ මනාපය පරිදි සිදු කල හැකි වන්නේය. නැතහොත් භාණ්ඩවල ව්‍යාජ හිඟයක් ඇති කොට මිල ඉහල නැංවිය හැකිය. එවැනි දේවල් නොකලත් ඔහුගේ එකාධිකාර්ය නිසා පාරිබෝගිකයා අනිවාර්යයෙන්ම ඔහු වෙත යා යුතු වන්නේය. එය අනෙක් වෙළඳුන්ට පහරකි.
වෙළඳාම වැඩිකර ගැනීම සඳහා පාරිබෝගිකයාට ලොතරැයි පත් හඳුන්වා දීම ඇතැම් වෙළඳුන් විසින් සිදු කලත් එය වරදක් බව ඉස්ලාමිය විද්වතුන්ගේ අදහස වේ. එවැනි ක්‍රම නිසා පරිබෝගිකයා තම ඉලක්කය අත්කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය නොවන භාණ්ඩ පවා මිලදී ගන්නේය.
විකුණන ලද භාණ්ඩයක් පරිබෝගිකයා විසින් යම් සාධාරණ හේතුවක් නිසා නැවත ගෙනවිත් දුන් විට එය භාර ගැනීම උසස් ක්‍රියාවක් වේ. එය නබි තුමා අගය කොට ඇත.
මෙම කුර්ආන් වැකිය අනුව වෙළඳාම පොලියට සමාන කල නොහැකිය. "වෙළදාම පොලිය මෙන්ම වන්නේයැයි ඔවුහු පැවසුහ. එහෙත් අල්ලාහ් පොලිය තහනම්කොට වෙළදාම අනුමත කර ඇත” (කුරානය 2:275). කෙසේ වෙතත් භාණ්ඩ මිලදී ගැනීමේදීද ඒවා විකිනිමේදීද පොලිය සම්බන්ද නොකල යුතුය.
තමන් සන්තකයේ නොමැති භාණ්ඩ වෙළඳාම් කිරීම සම්බන්දයන් නබි තුමා මෙසේ පවසා ඇත. "ඉබ්නු හිසාම් (රලි) තුමා නබිතුමාගෙන් මෙසේ ඇසුවේය. නබිතුමාණෙනි! ජනතාව මා සන්තකයේ නොමැති දේවල් මිලදී ගැනීම සඳහා පැමිණෙන්නේය. එබැවින් මා වෙළඳ පොලින් ඒවා මිලදී ගන්නද? එවිට නබිතුමා පවසා සිටියේ 'ඔබ සන්තකයේ නොමැති දේවල් විකුනන්න එපා' යනුවෙනි"
වෙළඳාම හේතුවෙන් සලාතය අතපසු කිරීම වරදකි. එබැවින් කිසිම හේතුවක් නිසාවත් සලාතය ඊට නියමිත වෙලාව අවසන් වන තුරු ප්‍රමාද නොකළ යුතුය. ජුම්මා සලාතය සම්බන්දයෙන් මෙම කුර්ආන් වැකිය පහළ කොට තිබේ. “විස්වාසවන්තයෙනි! ජුම්මා දිනයේදී සලාතය සදහා ආරාධනය ලැබුණු විට වෙළදාම අත්හැර අල්ලාහ්ව zසික්ර් (නැමදුම්) කිරීම සදහා වහා පිටත්ව යනු. ඔබ දන්නෙහි නම් මෙය ඔබට වඩාත් ප්රයෝජනවත්ය” (කුරානය 62:9).
මුස්ලිම්වරයෙකුගේ බලාපොරොත්තුව විය යුත්තේ මතු ජිවිතය ජය ගැනීමයි. මේ නිසා කුමන හෝ අකාරයකින් වස්තුව පොදිගැසිම අරමුණ නොවිය යුතුය.
By Fasy Ajward.B.Sc(PhysicsSpecial)Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path
Comments
Post a Comment