ආගමික සහජීවනයට සීමාවන් තිබේද? (Are there limits to religious coexistence?)
ආගමක් තවත් ආගමකින් වෙනස් වන ප්‍රධාන හේතු කරනා දෙකක් නම් ඒවායේ තිබෙන විශ්වාසයන් සහ ක්‍රියාවන් ය. උදාහරණයක් ලෙස ඉස්ලාම් දහම ඒක දේව විශ්වාසය මත පිහිටා තිබේ. එහෙත් බොහෝ ආගම් ඉන් බැහැර වන්නේය. තවද ඉස්ලාම් දහමින් ආගමික වත් පිළිවෙත් කරන අකාරය උගන්වා තිබේ. එබැවින් ඒවා වෙනස් කල නොහැකිය. උදාහරණයක් ලෙස දෙවියන්ට වැඳිම, විවාහය, ඇඳුම් අඳින ආකාරය පෙන්වා දිය හැකිය. කෙසේ වෙතත් ආගම් අතර ඇතැම් පොදු ලක්ෂණද නැතුවා නොවේ. ඒ අනුව වෙනස් ආගම් අතර සහජීවනය ඇති කිරීම සඳහා ඒවා ප්‍රයෝජනයට ගත හැකිය. උදාහරණයක් ලෙස අසල්වැසි ප්‍රේමය, වැඩිහිටියන්ට සැලකීම, අගම්තුක සත්කාරය වැනි දේවල් පෙන්වා දිය හැකිය. මේ නිසා ආගමික සහජීවනය සඳහා අප තෝරා ගත යුත්තේ මෙම පොදු ලක්ෂණයන් පමණි. මෙය අවබෝධ කරගන්නේ නම් ආගමිකයින් අතර අනවශ්‍ය ප්‍රශ්න ඇති නොවනු ඇත. මේ සඳහා ආගමික නායකයින්ගේ සහය ඉතා වැදගත් ය. එසේම ආගමික නායකයින් ඔවුන්ට පැවරී තිබෙන කාර්ය භාරය නිසි ලෙස ක්‍රියාවට නංවන්නේ නම් බොහෝ ප්‍රශ්න පහසුවෙන් විසඳිය හැකිය. මේ සඳහා ආගමික නායකයින් තම තමන්ගේ ආගම් වල ඇති ලිඛිත කරුණු පදනම් කරගෙන කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වේ. ඒ බව එක් ආගමික සමුළුවකට පැමිණ සිටි සංස්කෘතික සබාපතිවරයෙකු විසින් පෙන්වා දී තිබුනේය. (Man Hee Lee, Chairman of Heavenly Culture, World Peace, Restoration of Light (HWPL), reports BSS).
ආගමේ නාමයෙන් මිනිසුන් ලවා පෞද්ගලික අවශ්‍යතාවන් ඉටු කරගැනීම නිසා දහමට මෙන්ම පොදු ජනයාට විශාල හානියක් සිදු වන්නේය. එසේ තිබියදී අද ඇතැම් පුජක තුමන්ලා ආගමේ නාමයෙන් පෙනී සිටිමින් ආගම් අතර බේද ඇති කිරීමට උත්සාහ කරති. එය සමාජයට කරන විශාල හානියක් වේ. එවැනි ක්‍රියාවන් නිසා එම පුජක තුමන්ලා පමණක් නොව ඔවුන්ගේ අනුගාමිකයින්ද නොමග යන්නේය.
එක් එක් ආගමක් සඳහා ඊට අදාළ ඉගැන්වීම් සහ සංස්කෘතීන් තිබේ. ඒවාට ගරු කිරීම මිනිසාට පැවරෙන වගකීමකි. පාසල් අවදියේදීම ඒවා ගැන දැනුවත් වීම ඉතා වැදගත් කරුණකි. ආගමික සංහිඳියාව ඇති කිරීමෙහිලා ගුරුවරුන්ට මෙන්ම ආගමික නායකයින්ට විශාල කාර්ය භාරයක් පැවරී තිබේ. එහෙත් ඇතැම් ගුරුවරුන් ඒවා ගැන තැකීමක් නොකිරීම කනගාටුවට කරුණකි.
ආගම් වල සීමාවන් ගැන දැනගෙන කටයුතු කිරීම සම්බන්දයෙන් කුරානය මෙසේ පවසා ඇත. "නුඹලාට නුඹලාගේ ධර්මය, මට මාගේ ධර්මය" (කුරානය 109:6). තවද කුරානයේ තවත් තැනක මෙසේ පවසා තිබේ. "නුඹලා නැමදුම් කරන දෑට මම නැමදුම් නොකරන්නෙමි. තවද මා නැමදුම් කරන්නාව නුඹලා නමදින්නෝ ද නොවෙති" (කුරානය 109:2-3). මෙය හොඳින් වටහා ගන්නේ නම් කිසිම කෙනෙක් තවත් කෙනෙකුගේ ආගමට අගව්රව වන ආකාරයට ක්‍රියා නොකරනු ඇත. එසේ තිබියදී ආගමික සංහිඳියාවට විශාල හානියක් වන්නේ ඇතැමුන් විසින් මුස්ලිම්වරුන්ගේ ආගමික වත් පිළිවෙත් විවේචනය කිරීමට යාමයි. උදාහරනයක් ලෙස ඇතැම් අය මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම විවේචනය කිරීම පෙන්වා දිය හැකිය. තවත් විටක මුස්ලිම්වරුන්ගේ අහාර ක්‍රමය ගැන ඕනෑවට වඩා සෙවීමට යන්නේය. මේ නිසා එක්තරා අවදියකදී මුස්ලිම් කාන්තාවකට තම දහමින් පෙන්වා දී ඇති ඇඳුමකින් සැරසී නිවසින් පිටත් වීම පවා ගැටළුවක් වී තිබුනේය.
ඉස්ලාමීය ඉගැන්වීම අනුව අල්ලාහ්ට හැර වෙනත් කිසිවෙකුට හිස නමා ආචාර කරන්නේ නැත. මෙය ඉස්ලාම් නොවන අය තේරුම් ගන්නේ නම් ආගමික සංහිඳියාවට විශාල රුකුලක් වනු ඇත. විශේෂයෙන්ම පාසල් යන සිදුන් විසින් මෙම ප්‍රශ්නයට මුහුණ දෙන්නේය. මේ නිසා ගුරුවරුන් ඒ ගැන දැනුවත් වීම ඉතා වැදගත් ය.
රටක දියුණුව රඳා පවතින්නේ එකිනෙකා අතර පවතින සහයෝගය මතය. එය ඇතිකළ හැක්කේ ජාතින් අතර සමගිය සහ සහජීවනය ඇති කිරීම තුලින් පමණි. මේ නිසා ඇතැම් උදවිය තමන්ගේ පෞද්ගලික වාසි වෙනුවෙන් ජනතාව අතර ඇති සංහිඳියාව විනාශ කිරීමට කරන උත්සාහයන් හොඳින් තේරුම් ගෙන ඒවා පරාජය කිරීමට ක්‍රියා කිරීම ඉතා වැදගත් පියවරක් වන්නේය.
By Fasy Ajward. B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
http://truepath1.blogspot.com/
Comments
Post a Comment