ජ්‍යෝතිෂ්‍ය පිලිබඳ ඉස්ලාමිය මතය (Islamic view on astrology)

ජ්‍යෝතිෂ්‍ය පිලිබඳ විශ්වාසය ඉස්ලාම් දහමින් මිත්‍යා විශ්වාසයක් ලෙස බැහැර කරන්නේය. ඒ අනුව හඳහන් බැලීම, නැකැත් බැලීම, සාස්තර බැලීම වැනි මිත්‍යා විශ්වාසයන් ඉස්ලාම් දහම තුල දැකිය නොහැකිය. මුස්ලිම්වරයෙකු අල්ලාහ් දෙවිඳුන් කෙරෙහි පමණක් පුර්ණ විශ්වාසය තැබීම අනිවාර්ය වේ. ඒ අනුව කෙනෙකුට සිදුවන යහපත හෝ අයහපත අල්ලාහ්ගේ කැමැත්තට අනුව සිදුවන බව විශ්වාස කිරීම ඉස්ලාමීය විශ්වාසයේ ප්‍රධාන මුලධර්මයකි. ග්‍රහ වස්තුවලින්ගේ බලපෑම නිසා කෙනෙකුට හොඳක් හෝ නරකක් සිදුවන බව විශ්වාස කිරීම ඉස්ලාමිය ඉගැන්වීමට සපුරා පටහැනි වේ. ජ්‍යෝතිෂ්‍යවේදය බිහි වන්නේ කුරානය පහළ වීමට බොහෝ කාලයකට පෙරය. එනම් ක්‍රි.පු. 2000 දී පමණ ය. තවද එහි උපත සිදු වන්නේද අරාබියාව තුල නොවේ. මුල් අවදියේදී එය ඉන්දියානුවන්, චීන්නුන්, සහ මායා වරුන් අතර ප්‍රචලිතව තිබුනත් පසු කාලයේදී මෙසපොතේමියාව, ග්‍රීසිය රෝමය වැනි රටවල් වලට පැතිර ගියේය. ජ්‍යෝතිෂ්‍යවේදය ප්‍රතික්ෂේප කරන්නේ ඉස්ලාම් දහමින් පමණක් නොව එය නවීන විද්‍යාවෙන්ද ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඒ අනුව නවීන විද්‍යාවේ දියුණුව නිසා ජ්‍යෝතිශ්ශාස්ත්‍රය විශාල පසුබෑමකට ලක් විය. මෙම ප්‍රතික්...