මිනිස් කළල විකසනය පිළිබඳ අල් කුර්ආනය (The Quran on Human Embryonic Development)

(   

මිනිස් කළලයේ විවිධ අවස්ථාවන් පිළිබඳව අල් කුරානයේ විස්තර කොට ඇත. ඉන් එක් වැකියක පරිවර්තනය පහත දක්වා ඇත.

"ඉන් පසු ඔහුව (ආදම්ගේ ප්‍රජාව) 'නුත්ෆා' (ශුක්‍රානු-ඩිම්බ එකතුව) ආරක්‍ෂිත තැනක තැන්පත් කෙළෙමු. පසුව එම 'නුත්ෆා' අවස්ථාව කැටියක් (අලකා) බවට පත් කෙළෙමු, එම කැටියෙන් අස්ථින් ඇති කළෙමු, ඉන් පසුව එම අස්ථින් මස්වලින් අවරනය කෙළෙමු; ඉන්පසු ඔහුව වෙනත් මැවීමක් බවට පත් කෙළෙමු" (කුරානය 23: 13-14).

කුරානය පහළ වන යුගයේදී සරල කාචයක් පවා තිබුනේ නැත. එසේ නම් අල් කුරානයෙන් මෙවැනි දෙයක් පැවසිය හැකි වුයේ කෙසේද? මෙම කරුණු විද්‍යාඥයින් විසින් අධ්‍යනය කරනු ලැබුවේ කුරානය පහළ වී වසර 1000 ක් පමණ ගෙවී ගිය පසුව ඉතා සංකීර්ණ අන්වීක්ෂ යොදා ගැනීමෙන් ය. ඒ අනුව මිනිසාගේ ශුක්‍රානු ගැන මුලින්ම අධික්ෂ්න්ය කරනු ලැබුවේ හැම් සහ ලිව්වෙන්හොක් යන දෙදෙනා විසින් වර්ෂ 1677 දීය.

මෙම කුර්ආන් වැකිය සම්බන්දයෙන් අදහස් දැක්වීම සඳහා ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ව්‍යුහ විද්‍යාව පිලිබඳ මහාචාර්ය කිත් එල් මුවර් (Keith L Moore) මහතා වෙත යොමු කර තිබේ. ඒ අනුව ඔහු මෙම කුර්ආන් වැකිය ගැන දීර්ඝ ලෙස අධ්‍යයනය කල අතර එහි සඳහන් අනු පිළිවෙල දැකීමෙන් අතිශයින්ම පුදුමයට පත් වුයේය. ඉන් පසු වර්ෂ 1981දී සවුදි අරාබියාවේ දමාම් නගරයේ පැවති විද්‍යා සම්මන්ත්‍රණයෙදී ඔහු පහත සඳහන් ප්‍රකාශය සිදු කොට තිබේ.

“මනුෂ්‍යයාගේ වර්ධනය පිළිබඳව අල්-කුරානයේ ඇති ප්‍රකාශනයන් ගැන විස්තර කිරීමට ලැබීම ගැන මා අතිශයෙන්ම සතුටට පත් වෙමි. ඇයිද යත් ඒවා අධ්‍යයනය කිරීමේදී මට පැහැදිලි වන එක් කරුණක් වන්නේ එම වදන් මුහම්මද් තුමාට දෙවියන්ගෙන් ලැබී තිබිය යුතු බවයි. මා එසේ පැවසීමට හේතුව එහි සඳහන් වන කරුණු මිට ශතවර්ෂ කීපයක් යන තුරුම සොයාගෙන නොතිබිමයි. මේ අනුව මට තහවුරු කළහැකි වැදගත් කරුණක් වන්නේ මුහම්මද් තුමාට එම වදන් දෙවියන්ගෙන් ලැබිය යුතු බවයි."

ඇත්ත වශයෙන්ම කුරානය මිනිසාට විද්‍යාව ඉගැන්වීම සඳහා පහළ නොවුනත් කුරානය තුල මෙවැනි දේවල් සඳහන් කොට තිබීමෙන් එය මිනිසාගේ දැනුමෙන් ඔබ්බට ගිය පණිවිඩයක් බව තේරුම් ගැනීමට හැකි වේ.

By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

මිනිස් ජීවිතය කෙළවර වන්නේ කොතැනින්ද? (Where does human life end?)

දෙවියන් පිලිබඳ නිර්වචනය කුමක්ද? (What is the definition of God?)

අල්ලාහ් කවුද? (Who is Allah?)