ජ්‍යෝතිෂ්‍ය පිලිබඳ ඉස්ලාමිය මතය (Islamic view on astrology)


ජ්‍යෝතිෂ්‍ය පිලිබඳ විශ්වාසය ඉස්ලාම් දහමින් මිත්‍යා විශ්වාසයක් ලෙස බැහැර කරන්නේය. ඒ අනුව හඳහන් බැලීම, නැකැත් බැලීම, සාස්තර බැලීම වැනි මිත්‍යා විශ්වාසයන් ඉස්ලාම් දහම තුල දැකිය නොහැකිය. 

මුස්ලිම්වරයෙකු අල්ලාහ් දෙවිඳුන් කෙරෙහි පමණක් පුර්ණ විශ්වාසය තැබීම අනිවාර්ය වේ. ඒ අනුව කෙනෙකුට සිදුවන යහපත හෝ අයහපත අල්ලාහ්ගේ කැමැත්තට අනුව සිදුවන බව විශ්වාස කිරීම ඉස්ලාමීය විශ්වාසයේ ප්‍රධාන මුලධර්මයකි. ග්‍රහ වස්තුවලින්ගේ බලපෑම නිසා කෙනෙකුට හොඳක් හෝ නරකක් සිදුවන බව විශ්වාස කිරීම ඉස්ලාමිය ඉගැන්වීමට සපුරා පටහැනි වේ.

ජ්‍යෝතිෂ්‍යවේදය බිහි වන්නේ කුරානය පහළ වීමට බොහෝ කාලයකට පෙරය. එනම් ක්‍රි.පු. 2000 දී පමණ ය. තවද එහි උපත සිදු වන්නේද අරාබියාව තුල නොවේ. මුල් අවදියේදී එය ඉන්දියානුවන්, චීන්නුන්, සහ මායා වරුන් අතර ප්‍රචලිතව තිබුනත් පසු කාලයේදී මෙසපොතේමියාව, ග්‍රීසිය රෝමය වැනි රටවල් වලට පැතිර ගියේය. 

ජ්‍යෝතිෂ්‍යවේදය ප්‍රතික්ෂේප කරන්නේ ඉස්ලාම් දහමින් පමණක් නොව එය නවීන විද්‍යාවෙන්ද ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඒ අනුව නවීන විද්‍යාවේ දියුණුව නිසා ජ්‍යෝතිශ්ශාස්ත්‍රය විශාල පසුබෑමකට ලක් විය. මෙම ප්‍රතික්ෂේප වීමට ප්‍රධාන හේතුව ග්‍රහවස්තුන්ගේ පිහිටීම නිසා මිනිසාගේ දෛවය වෙනස් වන බව කීමට තරම් විද්‍යාත්මක සාදක නොමැති වීමය. 

ඉස්ලාමිය විශ්වාසයට අනුව විශ්වය සහ එහි ඇති සියලුම දේවල් මවා පාලනය කරන්නේ අල්ලාහ් ය. කෙනෙකුගේ දෛවය තීරණය කරනු ලබන්නේද අල්ලාහ්ය. ඒ අනුව කෙනෙකුගේ උපත හෝ විපත මෙන්ම හොඳ හෝ නරක කලින් නියම කල පරිදි සිදු වන බව ඉස්ලාමිය විශ්වාසය වේ. අනෙක් අතට ග්‍රහ වස්තු පවා අල්ලාහ් නියමය කොට ඇති පරිදි අභ්‍යවකාශය තුල ගමන් කරමින් තිබේ. ඒවා මිනිසාගේ දෛවය වෙනස් කිරීම සඳහා කිසිසේත්ම බලපාන්නේ නැත.

නබිතුමාගේ පුත් ඉබ්‍රාහිම් තුමා මිය ගිය අවස්ථාවේදී සුර්යග්‍රහණයක් සිදු විය. එම සිදුවීම පාදක කර ගනිමින් ඇතැම් සහාබා වරුන් තම නොදැනුවත් කම නිසා විශ්වාස කලේ නබිතුමාගේ දරුවාගේ වියෝව නිසා සුර්යග්‍රහණය සිදු වූ බවයි. එහෙත්  නබිතුමා වහාම එම වැරදි මතය නිවැරදි කරමින් පවසා සිටියේ කිසිවෙකුගේ ඉපදීම නිසා හෝ වියෝව නිසා හෝ සුර්යග්‍රහණයක් හෝ චන්ද්‍රග්‍රහණයක් සිදු නොවන බවයි.

ජ්‍යෝතිශ්‍යවේදීන් සිදු කරන්නේ අනුමාන කිරීමකි. ඒවා සත්‍ය හෝ අසත්‍ය වීමේ සම්භාව්‍යතව 50% ක් වේ. උදාහරණයක් හැටියට කාසියක් උඩ දැමුවිට එහි හිස පැත්ත උඩට සිටීමේ  සම්භාව්‍යතව 50% ක් වේ. එම සංසිද්ධියම ජ්‍යෝතිශ්‍යවේදීන් පවසන දේවල් වලටත් සත්‍යයකි. මේ නිසා යම් විදියකින් ජ්‍යෝතිශ්‍යවේදීන් පැවසූ කරුණක් සිදු වූ විට මිනිසුන් සිතන්නේ ජ්‍යෝතිශ්‍යවේදය සත්‍ය බවයි. යම් විදියකින් ඔවුන් පවසන දෙයක් සිදු නොවුයේ නම් ඒවා වසා ගැනීමට කලින්ම සැලසුම් යොදා තිබේ. 

ඇත්ත වශයෙන්ම ජ්‍යෝතිශ්‍යවේදීන්ට අනාගතය නිවැරදිව පැවසිය හැකි නම් ඔවුන්ට කිසිම අකර තැබ්බක් සිදු නොවිය යුතුය. ඒ අනුව ඔවුන් ජිවිතයේ සාර්ථකම පිරිස විය යුතුය. එහෙත් එවැනි දෙයක් යතාර්ථ වාදීව දැකිය නොහැක.

නබිතුමාගේ හදිසයක දැක්වෙන අන්දමට යම්කිසි මුස්ලිම්වරයෙක් ජ්‍යෝතිශ්ශාස්ත්‍රවේදියෙකු හමුවීමට ගොස් ඔහු පවසන දේ විශ්වාස කලත් නොකලත් ඔහුගේ සලාතය දින හතළිහකට ප්‍රතික්‍ෂේප වේ (සහිහ් මුස්ලිම් 5440). අනෙක් අතට යම් මුස්ලිම්වරයෙකු ජ්‍යෝතිශ්ශාස්ත්‍රවේදියෙකු වෙත ගොස් ඔහු පවසන දේ විශ්වාස කලේ නම් ඔහු ඉස්ලාම් දහම හැර ගිය අයෙකු බවට පත් වේ (අබු දාවුද් 3895). 

By Fasy Ajward.B.Sc(PhysicsSpecial)Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

කුරානයට එල්ල කරනු ලබන චෝදනා (Accusations against the Quran)

කුරානයට අනුව ලෞකික ජීවිතයේ යතාර්ථය කුමක්ද? (What is the reality of worldly life according to the Quran?)

ඉස්ලාමීය ව්‍යාපාරික ආචාර ධර්ම (Islamic Business Ethics)