ඉස්ලාමයේ අනිවාර්ය වගකීම් සහ විශ්වාසයන් (Mandatory Responsibilities and Beliefs in Islam)
ඉස්ලාම් දහමෙහි විශ්වාසය සම්බන්ද මුලික ප්රස්තුතයන් හයක් තිබේ. ඒවා සම්බන්දයෙන් අල් කුරානය සහ නබිතුමාගේ හදිස් වලින් පැහැදිලිකිරීම් සිදු කොට ඇත. පහත දැක්වෙන්නේ එම කරුණු හය වේ.
- අල්ලාහ් කෙරෙහි විශ්වාස කිරීම
- දේවදුතයින් ගැන විශ්වාස කිරීම
- අල්-කුරානයට පෙර පහළ වූ ආගම් ගැන විශ්වාස කිරීම
- දහම් දෙසීමට පැමිණි නබිවරුන් ගැන විශ්වාස කිරීම
- විනිශ්චය දිනය ගැන විශ්වාස කිරීම.
- දෙවියන්ගේ කැමැත්ත අනුව හොද-නරක සිදුවන බව විශ්වාස කිරීම
අල්ලාහ් ගැන විශ්වාස කිරීම:
අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නැති බව ඉස්ලාමයේ මුලික විශ්වාසය වේ. අල්ලාහ් සම්බන්දයෙන් ඉතා සංශිප්තව මෙසේ අර්ථ දක්වා තිබේ. "පවසනු! අල්ලාහ් (කිසිමදෙයකට සම නොවන) එක්කෙනෙකි. අල්ලාහ් ස්වයංපෝෂිතයා ය. ඔහු (කිසිවෙකුව) ප්‍රසුත කලේ නැත, කිසිවෙකුගෙන් ඔහු ප්‍රසුත වුයේද නැත. තවද ඔහුට සමාන කිසිවෙකුත් නැත" (කුරානය 112:1-4). මෙම අර්ථ දැක්වීම අනුව ඔහුට සමාන වෙනත් කිසිම දෙවි කෙනෙකු නැත. ජේසු තුමා හෝ වෙනත් සාස්තෘ වරයෙක් දෙවියන්ගේ තත්වයට පත් විය නොහැක්කේ ඔවුන්ට ඉපදීමක් සහ මරණයක් තිබෙන නිසාය. තවද ඔවුන්ට සමාන තවත් බොහෝ අය සිටින්නේය. ඔවුන් අවශ්‍යතායන් ඇත්තෝය. එහෙත් අල්ලාහ් හට එවැනි කිසිම අවශ්‍යතාවයක් නැත. ඔහු මවන්නා මිස මැවීමක් නොවේ.
දේවදුතයින් ගැන විශ්වාස කිරීම:
දේවදුතයින් ආලෝකයෙන් මවන ලද ජීවී කොට්ටාසයකි. මිනිසාට මෙන් දෙවදුතයින්ට ස්වයං තීන්දු තීරණ ගැනීමේ හැකියාව නැත. ඔවුන්ගේ එකම කාර්යය දෙවියන් පවරා ඇති රාජකාරීන් ඉටුකිරීම පමණි. විශේෂ රාජකාරීන් පවරා ඇති දේවදුතයින් ද සිටින්නේය. ජිබ්රිල් දේවදුතයා ඉන් එක්කෙනෙකි. ඔහු අල්ලාහ් ලබා දෙන පණිවිඩ නබිවරුන් වෙත ගෙනවිත් දෙන්නේය. ඇතැම් දෙවදුතයින් මිනිසුන්ගේ ආරක්ෂාවට සිටින්නේය. ඇතැම් දේවදුතයින් මිනිසා කරන සෑම දෙයක්ම සටහන් කරන්නේය. එම සටහන විනිශ්චය දිනයේදී ඒ ඒ පුද්ගලයාට නැවත ලබා දීමට නියමිතය. මිනිසුන්ගේ ජිවිත කාලය අවසාන වන විට ඔවුන්ගේ ප්‍රාණය අත්පත් කර ගැනීම සඳහා ද දේවදුතයින් පත්කර තිබේ. දෙවදුතයින් සෑම මොහොතේදීම අල්ලාහ්ව ප්‍රසංසා කරමින්ද ඔහුගේ ගුණ වර්ණනා කරමින්ද ඔහුගේ නියෝග ඉටු කරමින් ද සිටින්නෝය. ඔවුන්ට ඉපදීමක් සහ මරණයක් තිබේ.
අල් කුරානය පහළ වීමට පෙර පැවති ආගම් පුස්තක ගැන විශ්වාස කිරීම:
අල් කුරානය පහළ වීමට පෙර අල්ලාහ්ගෙන් වෙනත් ආගම් පුස්තක පැමිණ තිබේ. ඒවායින් හතරක නම් කුරානයේ සඳහන් කොට ඇත. මුස්ලිම්වරුන් එම ආගම් ගැන විශ්වාස කල යුතුය.
රසුල් වරුන් ගැන විශ්වාස කිරීම:
ඉස්ලාම් දහම දේශනා කිරීම සඳහා මුහම්මද් නබිතුමාට පෙර පැමිණි නබිවරුන් සහ රසුල් වරුන් ගැන විශ්වාස කල යුතුය. ඔවුන්ගෙන් 25 දෙනෙකුගේ නම් පමණක් අල් කුරානයේ සඳහන් වේ.
අවසාන දිනය ගැන විශ්වාස කිරීම්:
මෙම ලෝකය යම් දවසක අවසාන වන බවත් අල්ලාහ් නියම කරන ලද දිනයකදී මිය ගිය සෑම ආත්මයක්ම නැවත නැගිටුවා විනිශ්චය කරන බවත් විශ්වාස කල යුතුය.
හොඳ නරක අල්ලාහ්ගේ කැමැත්ත අනුව සිදුවන බව විශ්වාස කිරීම:
හොඳ හෝ නරක අල්ලාහ්ගේ කැමැත්ත අනුව සිදුවන බව විශ්වාස කල යුතුය.
මෙතෙක් සඳහන් කලේ විශ්වාසය සම්බන්ද කරුණු වේ. ඒවා විශ්වාස කිරීමෙන් කෙනෙක් මුස්ලිම්වරයෙකු බවට පත් වේ. ඉන් පසු ඔහු පහත දැක්වෙන දේවල් ඉටු කල යුතුය.
- අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙක් නොමැති බවත් මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමා අල්ලාහ්ගේ වක්තෘවරයා බවත් පිළිගෙන ඊට සාක්ෂි දැරිය යුතුය.
- දෛනිකව සලාතය ඊට නියමිත වෙලාවලදී ඉටු කල යුතුය.
- ධනවතුන් විසින් වාර්ෂිකව තම දනය වෙනුවෙන් සzකාත් බද්ද ගෙවිය යුතුය.
- රමළාන් මාසය පුරා උපවාස කල යුතුය.
- සුදුසුකම් ඇති අය හජ් වන්දනය ඉටු කල යුතුය.
ෂහාදාව
අල්ලාහ්ගේ ඒකීයත්වය විශ්වාස කොට එය මුවින් ප්‍රකාශ කිරීම ෂහාදාව යැයි කියනු ලැබේ. ෂහාදා කලිමාව පවසා ඉස්ලාම් දහමට ඇතුළුවූ කෙනෙක් අල්ලාහ්ට සමානයන් තැබීමෙන් සම්පුර්ණයෙන්ම වැළකී සිටිය යුතුය. තවද ඔහු අල්ලාහ්ට පමණක් නැමදුම් කල යුතුය. ඔහුගෙන් පමණක් ප්‍රර්ථනා කල යුතුය. බාරයන් ඔප්පු කිරීම සහ පඬුරු දැමීම අල්ලාහ් වෙනුවෙන් පමණක් කල යුතුය.
සලාතය
සෑම මුස්ලිම්වරයෙකුම අනිවාර්යයෙන්ම සලාතය ඉටු කල යුතුය. ඉස්ලාමයටත් ඉස්ලාම් නොවන කෙනෙකුටත් අතර වෙනස සලාතය බව නබිතුමා පවසා ඇත. සිටගෙන නැමදීමට නොහැකි කෙනෙක් වාඩිවී එය ඉටු කල යුතුය. එසේත් කල නොහැකි නම් හාන්සිවී එය ඉටු කල යුතුය. එසේත් කල නොහැකි නම් සිතින් හෝ සලාතය ඉටු කල යුතුය.
zසකාත්
සෑම ධනවතෙකුම තමන් ඉතිරිකොට ඇති ධනය වෙනුවෙන් එහි අවම සීමාව වන නිසාබ් ප්‍රමාණයට ඉක්ම වූ පසු zසකාත් ගෙවිය යුතුය. රන්, රිදී, මුදල්, ව්‍යාපාර වස්තු, සිව්පා සතුන්, ධාන්‍ය වරග සඳහා සකාත් ගෙවීම අනිවාර්ය වේ.
උපවාසය
සෑම වැඩිහිටි මුස්ලිම්වරයෙකු විසින්ම වසරකට වරක් රාමලාන් මාසයේදී පුරා මාසයක් උපවාස කල යුතු ය.

හජ්
මෙම වන්දනය ඉටු කිරීම සඳහා සුදුසුකම් ලබන සෑම මුස්ලිම්වරයෙකු විසින්ම එය ඉටු කල යුතුය.
මෙහි සඳහන් කලේ මුස්ලිම්වරයෙකු විසින් අවම වශයෙන් ඉටු කල යුතු අනිවාර්ය කරුණු පමණි.
By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Comments
Post a Comment