සලාතුන් නාරියා ඉස්ලාමය අනුමත කරනවාද? (Does Salatun Naria approve of Islam?)


ෂරියා නීතියට අනුව ඕනෑම දෙයක් කුසල් ක්‍රියාවක් බවට පත් වන්නේ ඒ සඳහා කුරානයෙන් හෝ හදිස් වලින් මුලාශ්‍ර සොයා ගත හැකි නම් ය. එසේ නොවන කිසිම දෙයක් දහමේ අංගයක් ලෙස පිලිගන්න්නේ නැත. එසේ තිබියදී "සලාතුන් නාරියා" ආරම්භ වන්නේ නබිතුමාගේ අභාවයෙන් සියවස් ගණනාවකට පසුවය. මේ හේතුවෙන් එයට කුරානයෙන් හෝ හදීස් ඇසුරෙන් හෝ මුලාශ්‍ර සොයා ගැනීමට කිසිම හැකියාවක් ලැබෙන්නේ නැත. නබිතුමාගේ හදිසයක සඳහන් වන අන්දමට දහමට අලුතින් එක්කරන ලද දේවල් බැහැර කල යුතු ය. තවත් හදිසයක සඳහන් වන්නේ දහමට අලුතින් එකතු කරන සියලුම ඇදහිලි නොමග ගිය දේවල් බවත් නොමග ගිය සියලුම දේවල් නිරයට බවත් ය. නබිතුමාගේ අභාවයෙන් පසු ගොතන ලද මෙම සලාතුන් නාරියා කාන්තාවන් එකතුවී පරායණය කරනු ලබන්නේය. එහෙත් ඉස්ලාම් දහමින් පෙන්වා දී ඇති බොහෝ දේවල් තිබියදී ඒවා ඉටු නොකර මෙවැනි අලුත් ඇදහිලි දහමේ අංගයක් ලෙස පිළිගෙන ඒවා සිදු කිරීම බලවත් වරදක් වේ. 

සලාතුන් නාරියා වෙනුවට නබිතුමා වෙනුවෙන් පැවසිය යුතු සලවාත් කුමක්දැයි ෂරියාවෙන් පෙන්වා දී තිබේ. විශේෂයෙන්ම සලාතුල් ඉබ්රාහිමියා සලාතය ඉටු කිරීමේදී පරායනය කරන්නේය. ඒ අනුව අවශ්‍ය කෙනෙකුට එම සලවාතය තනිවම ඕනෑතරම් පරායණය කල හැකිය. එය කුසල් ලැබෙන ක්‍රියාවකි.  

යම් කුසල් ක්‍රියාවක් කල යුතු වාර ගණන නියම කරන්නේ අල්ලාහ් ය. එය ඔහුගේ දුතයාගේ මාර්ගයෙන් පෙන්වා දී තිබේ. උදාහරණයක් ලෙස අනිවාර්‍ය සලාතය අවසාන කල පසු කරනු ලබන සික්ර් මොනවාද ඒවා කොපමණ වාර ගණනක් කල යුතුද යන්න නබි තුමා පෙන්වා දී තිබේ. එසේ තිබියදී සලාතුන් නාරියාව 4444 වාරයක් පරායණය කරන්නේ කාගේ නියමයක් අනුවද? එපමනක් නොව මෙම සලවාතය පරායණය කිරීමෙන් කරදර දුරු වන බව පවසන්නේ කෙසේද? අල් කුරානයට අනුව කෙනෙකුගේ කරදර දුරු කල හැක්කේ අල්ලාහ්ට පමණි. 

සලාතුන් නාරියාහි සිංහල පරිවර්තනය: “යා අල්ලාහ්, ඔබගේ පරිපුර්ණ ශාන්තිය සහ පුර්ණ සාමය අපගේ නායක මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් වෙත යවනු මැනව, එතුමාගේ ආශිර්වාදයෙන් සියලුම බාධකයන් තුරන් වෙය්, කරදර තුරන්වෙය්, අවශ්‍යතාවයන් ඉටුවෙය්, බලාපොරොත්තු ඉටුවෙය් එසේම හොද අවසානය ලබාදෙය්, තවද එතුමාගේ උතුම් වතෙහි මහිමයෙන් වලාකුළු ඇතිවෙය්. සියලු හුස්මටත් බැල්මටත් එතුමාගේ පවුලේ අයට සහ සහාබා වරුන්ටත් (ශාන්තිය සහ සාමය එවනු මැනව)” මෙහි දැක්වෙන පරිදි නබිතුමාව අල්ලාහ්ගේ තැනට ඔසවා තබා ඇත. එය බලවත් වරදක් වන්නේය. 

මෙහි දක්වා ඇති කරුණු අනුව සලතුන් නාරියා නොමග ගිය දෙයක් ය. අල්ලාහ්ට බිය වන මුස්ලිම්වරුන් ඉන් වැලකී සිටිය යුතුය.

By Fasy Ajward, B.Sc(Sp) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

අලුත් අවුරුදු සැමරීම ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? (What does Islam say about celebrating New Years?)

මිනිසාව මවා ඇත්තේ කුමක් සඳහා ද? (What was man created for?)

අල්ලාහ් කවුද? (Who is Allah?)