මිනිසාව නිර්මාණය කිරීමේ අරමුණ කුමක්ද? (What is the purpose of creating man?)
යම් කිසි උපකරණයක් නිෂ්පාදනය කිරීමේ අරමුණ දන්නේ එහි නිෂ්පාදකයාට ය. එසේම මිනිසාව මැවීමේ අරමුණ දන්නේ ඔහුගේ මැවුම් කරුටය. තවද යම් උපකරණයක් නිසි ලෙස ක්‍රියා කිරීමට නම් ඒ සමග එන අත්පොත පිළිපැදිය යුතුය. මේ ආකාරයටම මිනිස් ජීවිතය ජය ගැනීමට නම් දෙවියන් ලබා දී ඇති මාර්ගෝපදේශය පිළිපැදිය යුතුය. කෙසේ වෙතත් යම් උපකරනයකින් එහි අරමුණ කිසිසේත්ම ඉටු නොවේ නම් එය නැවත ප්‍රතිචක්‍රීකරණය කරනු ලැබේ. එසේම මිනිසාව මැවූ අරමුණ ඉටු නොවන්නේ නම් නිරයට දමන්නේය.
මිනිසාට යහ මග පෙන්වීම සඳහා දහම් පණිවිඩ රැගත් බොහෝ නබිවරුන් මෙලොවට පැමිණ තිබේ. ආදම්, නුහ්, හුද්, ඉද්රිස්, ඉබ්රාහිම්, ඉස්මායිල්, ඉස්හාක්, මුසා, ඊසා, මුහම්මද් (ඔවුන් සියල්ලෝම කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) යන අය එසේ පැමිණි ඇතැම් නබිවරුන් ය. මුහම්මද් නබිතුමාට පහළ වූ අල් කුරානයත් සමග දෙවියන් පහළ කරන ලද දහම් පණිවිඩය සම්පුර්ණ වන්නේය.
අල් කුරානයේ මිනිසාව මැවූ හේතුව මෙසේ සඳහන් වේ. "ජින්වරුන්ව සහ මිනිසුන්ව මාව නැමදීමට මිස මැව්වේ නැත" (කුරානය 51:56). තවද මරණයෙන් පසු මිනිසාව ප්‍රශ්න කිරීම සඳහා නැවතත් දෙවියන් වෙතම කැඳවන බව කියැවේ. "නුඹලා සිතාගෙන ඉන්නේ අපි නුඹලාව නිකමට මැව් බවත්, නුඹලාව නැවත අප හමුවට කැඳවනු නොලබන බවත්ද?" (කුරානය 23:15).
මිනිසාව ශ්‍රේෂ්ට අරමුණක් සඳහා මවා ඇතත් බොහෝ අය ජිවත් වන්නේ ලෞකික අරමුණු වෙනුවෙන් ය. එය අල් කුරානයේ මෙලෙස විස්තර කොට ඇත. "මෙලෝ ජීවිතය කෙසේද යත් විනොදයක්ද, නිෂ්පල දෙයක්ද, අලංකාරයක්ද, එකිනෙකා අතර අහංකාරකම පෙන්වීමක්ද, සම්පත් සහ දරුවන්ව අධික කර ගැනීමක්ද බව දැන ගන්න. වරුසාව මිට උදාහණය වේ. (ඉන්) ඇතිවන බෝග ගොවියන්ව සතුටට පත් කරයි. පසුව එය වියලිගොස් කහ පැහැයට පත්වීම ඔබ දකින්නේහිය. ඉන්පසු ඒවා රොඩු බවට පත් වේ. (එසේම වැරදි කරුවන්ට) එලොවදී බලවත් වේදනා ඇත. (සැදැහැවතුන්ට) අල්ලාහ්ගේ ක්ෂමාව සහ තෘප්තිය ඇත. ඇත්තෙන්ම මෙලෝ ජීවිතය ව්‍යාජ සැපතක් මිස වෙන කිසිවක් නොවේ" (කුරානය 57:12).
විද්‍යාවේ දියුණුවත් සමග මිනිසා දහමින් ඈත් වීමේ ප්රවනතාවයක් දක්නට තිබේ. එහෙත් විද්‍යාව ගැන නිසි අවබෝදයක් ඇති කෙනෙකු දහම හැර යන්නේ නැත. ඇයිද යත් විශ්වය බිහි වීමට නම් ඥානාන්විත දෙවි කෙනෙකු සිටිය යුතු බව ඇතැම් විද්‍යාඥයින් පවා පිළිගන්නා නිසාය.
මිනිස් ජිවිතයේ සැබෑ අරමුණ දැන ගැනීමට නම් නිවැරදි දහමක් අවශ්‍යය. ඒ හැර විද්‍යාව නිසා මරණයෙන් පසු ජීවිතය ජය ගැනීමට නොහැකිය. කෙනෙකුගේ මරණයට පෙර ජිවිතයේ නිවැරදි අරමුණ දැනගැනීම නිමක් නැති ජිවිතය ජය ගැනීමට හේතුවකි.
By Fasy Ajward B.Sc(Sp.Phy) Hons.Japura,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.
Twiter:- thetrue_path
Comments
Post a Comment