ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)


පන්තියක කොතරම් දක්ෂ සිසුන් සිටියත් ගුරුවරයා විසින් විභාගයක් පවත්වා මිස එම සිසුන් ඉහල පන්තියට සමත් කරන්නේ නැත. එසේම කොතරම් හොඳ මිනිසුන් සිටියත් ස්වර්ගය ලැබෙන්නේ ලෞකික ජිවිතයේදී ඔවුන් මුහුණ දෙන පරික්ෂාවන්ට ප්‍රතිචාර දක්වන අකාරය සැලකිල්ලට ගැනීමෙන් ය. එම කරුණ අල් කුරානයේ මෙලෙස  විස්තර කොට තිබේ. "නියත වශයෙන්ම අපි බියෙන්ද, කුසගින්නේන්ද, සම්පත් මෙන්ම ජිවිත හා පලදාවේ ඇතිවන අලාභ තුලින්ද නුඹලාව පරික්ෂා කරන්නෙමු" (කුරානය 2:155). මෙම පරීක්ෂාවන් කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වේ. අල්ලාහ්ට වඩාත් සමීප නබිවරුන් පවා නොයෙකුත් පරීක්ෂාවන්ට මුහුණ දී තිබේ. ඔවුන් මුහුණ දුන් පරීක්ෂාවන් සාමාන්‍ය ජනතාව මුහුණ දෙන පරීක්ෂාවන්ට වඩා දරුණුය. එහෙත් මතු ජීවිතයේදී ඔවුන්ට ලැබෙන කුලිය ද අති විශාලය. 

නබිවරුන්ගෙන් පසු වැඩියෙන්ම පරීක්ෂාවන්ට මුහුණ දී තිබෙන්නේ අල්ලාහ්ට වඩාත් සමීප උදවිය වේ. මේ හේතුවෙන් නබිතුමාගේ අනුගාමිකයින් සියලු දෙනාම ඉස්ලාම් දහම වැළඳ ගැනීමේ එකම හේතුව නිසා කුරෙයිෂ් වරුන්ගේ අතින් නොයෙකුත් අන්දමේ වද හිංසාවලට මුහුණ දුන්නෝය. උදාහරණයක් ලෙස උමෙයියාගේ වහලෙකුව සිටි බිලාල් රලි තුමාව ඔහුගේ හාම්පුතා විසින් කාන්තාරයේ ගිනියම් වූ වැල්ලේ නිදා ගැනීමට සලස්වා පපුව මත විශාල ගලක් තබා ඉස්ලාම් දහම අත්හරින ලෙස නියෝග කොට ඇත.  එහෙත් බිලාල් රලි තුමා ඔහුගේ දේව විශ්වාසය අත්නොහැරි අතර අල්ලාහ්ගේ ඒකීයත්වය නැවත නැවත උච්චාරණය කළේය. එසේම යාසීර් රලි තුමා ඉස්ලාමය වැළඳ ගැනීම හේතුවෙන් කුරෛෂ්වරු ඔහුගේ කකුල් දෙකෙහි ඔටුවන් දෙදෙනෙකු බැඳ ප්‍රතිවිරුද්ධ දිශාවන්ට එළවා ඔහුව දෙකට ඉරා ඝාතනය කළේය. ඉන් නොනැවතුණු කුරෛෂ්වරු කබ්බාබ් රලි තුමාව ගිනි අඟුරු මත නිදා ගැනීමට සලස්වා තිබේ. කෙසේ වෙතත් එහි අවසාන ප්‍රතිපලය වුයේ කිසිම ලේ වැගිරීමකින් තොරව මක්කා නගරය නබිතුමාගේ අනසකට යටත් වීමයි. 

මෙම කරුණු වලින් පෙනී යන්නේ කෙනෙක් අල්ලාහ්ව විශ්වාස කල පමණින් ජිවිතයේ මුහුණ දෙන පරික්ෂාවන්ගෙන් බේරී සිටිය නොහැකි බවයි. මේ නිසා කුමන තරාතිරමක සිටියත් පරීක්ෂාවන්ට මුහුණ දීමට සිදු වන්නේය. එහෙත් මතු ජීවිතයේදී එහි කුලිය පුර්ණ වශයෙන් ලැබීමට නියමිතය. 

මෙලොව ඇති කිසිම දෙයක් ස්වර්ගය සමග සංසන්දනය කල නොහැකිය. මේ නිසා කිසිම කෙනෙකුට ස්වර්ගය ගැන සිතා බැලීමටවත් නොහැකිය. එසේ තිබියදී කිසිම උත්සාහයකින් තොරව ස්වර්ගය ලැබෙනවා යැයි සිතීම මුලාවකි. 

ස්වර්ගයේ ජිවිතයට කෙළවරක් නැත. ස්වර්ගවාසින් සිතන පතන සියලුම දේවල් ඔවුන්ට ලැබෙන්නේය. එහි සිටින කිසිවෙකුට ලෙඩ දුක් ඇතිවන්නේ නැත. එසේම ඔවුන් වයසට යන්නේ ද නැත. ඒ අනුව සියලුම දෙනා සෑමදාම තාරුණ්‍යයේ කල් ගත කරනු ඇත. අනෙක් අතට නිරා වැසියන් ද නැවත මරණයට පත් වන්නේ නැත. ඒ අනුව ඔවුන් සදාකල් නිරයේම සිටිනු ඇත. කෙසේ වෙතත් අල්ලාහ්ව විශ්වාස කල කෙනෙක් ඔවුන්ගේ වැරදි හේතුවෙන් නිරයට ගියේ නම් යම් දවසක ස්වර්ගය ලැබීමට නියමිතය.

බොහෝ අය මෙලොව ජීවිතයේදී වැරදි කරන්නේ අපාය ගැන නොදැන නොවේ. ඔවුන් සිතන්නේ ස්වර්ගය සහ නිරය මිත්‍යාවක් බවයි. කෙසේ වෙතත් මරණයෙන් පසු ඔවුන් සිදු කල වරදේ බැරෑරුම් කම වැටහෙනු ඇත. ලෞකික ජීවිතය කෙලි සෙල්ලමේ ගත කලත් මරණයෙන් පසු සත්‍යය දකිනු ඇත. ඉන් පසු කිසිවෙකුට ආපසු මෙලොවට පැමිණීමට වරම් ලැබෙන්නේ නැත. 

ස්වර්ගය මෙන් නොව නිරයේ කිසිම සිසිලක් නැත. එහි වැසියන්ට තිපාසය සඳහා පානය කිරීමට ලැබෙන්නේ ලෝදිය මෙන් රත්වූ දියරයන්ය. කෑමට ලැබෙන්නේ zසක්කුම් නමැති කටු සහිත ගෙඩි වර්ගයකි. ඒවායේ කිසිම පෝෂණ ගුණයක් නැත. නිරා වැසියන්ගේ සම පිලිස්සී යන සෑම විටම ඔවුන්ට නැවතත් අලුත් සමක් ලැබෙන්නේය. මේ නිසා ඔවුන් නිරන්තරයෙන්ම වේදනාව විඳිමින් සිටිනු ඇත. 

මිනිසාගේ ආරම්භයේ සිටම නිවැරදි මාර්ගය පෙන්වා දීම සඳහා දහම් පණිවිඩ පහල කොට තිබේ. තවද ඒවා ප්‍රචාරය කිරීම වෙනුවෙන් සිය දහසකට වඩා නබිවරුන් ද පැමිණ තිබේ. මුල්ම නබිවරයා ආදම් තුමය. අවසාන නබිවරයා මුහම්මද් නබි තුමා  ය. මේ සෑම නබිවරයෙකුම දහම ප්‍රචාරය කිරීම සඳහා විශාල වෙහෙසක් ගෙන තිබේ. 

අද අප අතර කිසිම වෙනසකට ලක් නොවී ඉතිරිව ඇති එකම දේව ග්‍රන්ථය අල් කුරානයයි. අනෙක් සියලුම දහම් පණිවිඩ නොයෙකුත් පරිවර්තන වලට සහ වෙනස්කම් වලට ලක්වී තිබේ. මේ නිසා මතු ජීවිතය ජය ගැනීම සඳහා පිළිපැදිය යුතු වන්නේ අල් කුරානය සහ මුහම්මද් නබි තුමාගේ ජිවිත ආදර්ශයයි. 

By Fasy Ajward.B.Sc(PhysicsSpecial)Hons,Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.














Comments

Popular posts from this blog

අල්ලාහ් කවුද? (Who is Allah?)

අලුත් අවුරුදු සැමරීම ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? (What does Islam say about celebrating New Years?)

ඉස්ලාම් දහම තුල ඉවසීම වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ඇයි? (Why is patience highly valued in Islam?)