ඉස්ලාම් දහමින් ඌරු මස් තහනම් කිරීමට හේතුව (Why pork is prohibited in Islam)



බොහෝ මාංශ වර්ග ඉස්ලාම් දහමින් තහනම් කොට තිබේ. ඒවා අතරින් ඌරු මස් විශේෂ තැනක් ගන්නේය. ඊට ප්‍රධාන හේතුව ඌරා මල මුත්‍රා, කුණු කසල සහ අසුචි මත යැපීම යි. තවද ඌරු මස් සහ එහි මේදය මගින් වෙනත් මාංශ වර්ග වලට වඩා වෙගයනේ විෂ ද්‍රව්‍ය අවශෝෂණය කර ගන්නේය. එම නිසා එම මාංශ අනෙක් මාංශ වලට වඩා 30 ගුණයකින් විෂ සහිතය.

ඌරු මස්වල ඇති විසබීජ නිසා ඒවා පරිබෝජනය කල අයට ඉතා භයානක රෝග වැළඳෙන්නේ ය. උගෙන් ඇතිවන ඇතැම් පණු රෝග හේතුවෙන් මොලේ උන වැළඳීමට ඉඩ කඩ බෙහෙවින්ම වැඩිය. තවද ඌරු මස්වල ඇති මේදය හේතුවෙන් හෘදාබාද ඇතිවීමේ අවදානම ඉතා අධිකය. එසේම ඌරු මස් නිසා බඩවැල්වල, ගුදමාර්ගයේ, පුරස්ථි ග්‍රන්ථයේ සහ රුධිරයේ පිළිකා ඇතිවීමට තිබෙන අවදානම ඉතා ඉහල මට්ටමක පවතින්නේය. තවද ඌරාගෙ මාංශවලින් සහ මේදයෙන් ඇතිවන තරබාරුකම නිසා ඇතිවන ලෙඩ රෝග සුවපත් කිරීම ඉතා අසීරු බව සඳහන් වේ. ඇයිද යත් එහි තිබෙන කොලොස්ටරෝල් හේතුවෙන් වෙනත් මෙදයන්ට වඩා වැඩියෙන් රුධිර නාලවල අවහිරතා ඇති වන නිසාය.

ඌරු මස් නිසා වැළඳෙන පනුහොරි සහ උදරයේ ඇතිවන පිළිකා සුවකළ නොහැකිය. තවද එම මස් කෑමෙන් පෙනහළුවල බෝවිය හැකි පටිපනුවා ආශ්‍රිත රෝග මෙන්ම එම මාංශ වල ඇති ශුද්‍ර ජීවීන් හේතුවෙන් වෙනත් ආසාදනයන් ඇතිවන්නේය. එහි භයානකම වන්නේ මීටර 2-3 පමණ දිගැති පටිපනුවන් බෝවිම ය. මෙම පනුවන්ගේ බිත්තර මිනිස් මොලයට ඇතුල්වීමෙන් හිස්ටිරියාව සහ උමතුව ඇතිවිය හැකිය. නවීන විද්‍යාවේ දියුණුවත් සමග ඌරු මස් අනුභව කිරීමෙන් වැළඳෙන රෝග කුමක්දැයි සොයාගෙන ඇතත් කුරානය පහළ වූ හත්වන සිය වසේදී ඒවා ගැන දැනගැනීමට හැකි වෙනත් ක්‍රමයක් තිබුනේ නැත. අල් කුරානයේ ඌරු මස් ඇතුළු තහනම් මාංශ ගැන මෙසේ සඳහන් කොට ඇත.

"ඔහු ඔබට තහනම් කල දේවල් වන්නේ (ඉබේම) මළ දේ, රුධිරය, ඌරුමස්, අල්ලාහ් නොවන්නන් වෙනුවෙන් කැප කරනු ලැබ ඝාතනය කරනු ලැබූ දේවල් ය. කෙසේ වෙතත් යම් තදබල අවශ්‍යතයක් මත පව් කරන චේතනාවක් නොමැතිව සහ සීමාව නොඉක්මවා යමින් (අනුභව) කිරීම වරදක් නොවේ" (කුරානය 2:173).

අල් කුරානයේ තවත් තැනක මිනිස් පරිබෝජනයට නුසුදුසු මාංශ ගැන මෙසේ සඳහන් කොට තිබේ.

"ඉබේම මළ දෑ, රුධිරය, ඌරුමස්, අල්ලාහ් නොවන්නන් වෙනුවෙන් ඝාතනය කරනු ලැබූ සතුන් යනාදිය නුඹලාට තහනම් කර ඇත. තවද බෙල්ල මිරිකනු ලැබීමෙන් මළ දෑ, පහර කෑමෙන් මළ දෑ, උස්තැනක සිට වැටීමෙන් මළ දෑ, අඟින් අනිනු ලැබීමෙන් මළ දෑ, කැලෑ සතුන් සපාකෑමෙන් මළ දෑ යනාදියද (තහනම් කර ඇත. මේවායින් පණපිටින් තිබෙනු දැක) ක්‍රමානුකුලව නුඹලා ඝාතනය කල දෑ හැර (අන් දෑ තහනම් කර ඇත). තවද, (පුජා කිරීම සඳහා) සිටවනු ලැබූ දේ මත ඝාතනය කරනු ලැබූ දෑ, නුඹලා ඊතල විදීමෙන් නිමිති බැලීමද (තහනම් කරනු ලැබ ඇත). මේවා පාපයන් වේ.....කවරෙකු හෝ පාපය කිරීමේ අදහසක් නොමැතිව, බඩගින්න හේතුවෙන් (තහනම් කරනු ලැබූ දෑ අනුභව කිරීමට) බල කරනු ලබුවේනම් (ඔහු කෙරෙහි වරද නැත). මක්නිසාද යත්, නියතව අල්ලාහ් අධිකව ක්‍ෂමා කරන්නාද අසම දයාවන්තයාද වන නිසාය" (කුරානය 5:3).

මෙම කරුණු වලින් පෙනී යන්නේ ඉස්ලාම් දහමින් මිනිස් ජීවිතය ගැන වැඩි අවධානයක් යොමු කොට ඇති බවයි. ඉස්ලාම් දහමින් අනුමත දේවල්  අරාබි බසින් හලාල් ලෙස නම් කොට ඇත. එහෙත් ඒවා ගැන නොදත් අය හලාල් සම්බන්දයෙන් අනිසි බියක් ඇති කර ගෙන තිබේ.


By Fasy Ajward. B.Sc(Special)Hons
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.


https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)