ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම් (The Rights of Woman in Islam)


කාන්තා අයිතීන් වෙනුවෙන් වැඩියෙන්ම පෙනී සිටි ආගමක් ඇතොත් එය ඉස්ලාම් ආගමයි. එහෙහ් ජනමාධ්‍ය වලින් ඉදිරිපත් කරන්නේ එහි ප්‍රතිවිරුද්ධ අදහසය. මේ නිසා පොදු ජනතාවට ඇත්තේ ඉස්ලාම් ආගම ගැන වැරදි අවබෝදයකි. ඇත්ත වශයෙන්ම් එය ඉතා කනගාටුදාහය කරුණකි. 

මුහම්මද් නබි තුමාගේ සම්ප්‍රාප්තියට පෙර කාන්තා අයිතිවාසිකම් කිසිවක් තිබුනේ නැත. එය කොතරම් බරපතල තත්වයක පැවතියේදැයි කිවහොත් කාන්තාවන්ට මනුෂ්‍ය ආත්මයක් තිබෙන බව පවා පිළිගනු ලැබුවේ නැත. මෙම තත්වය අරාබියාවේ පමණක් නොව යුයෝපිය රටවල්වලද දැක ගත හැකිව තිබුනේය.  ඒ හැරුණු විට ගැහැණු දරුවෙක් බිහි කිරීම ඉස්ලාමයට පෙර සැලකුවේ අවමානයක් හැටියට ය. මේ නිසා එම යුගයේදී ගැහැණු දරුවන්ව පන පිටින් වළලනු ලැබුවේය. තවද එදා කාන්තාවන්ව වහල් වෙළඳාමේ විකුණනු ලැබුවේය. මෙම තත්වය වෙනස්කොට කාන්තාවන්ට ගෞරවයෙන් ජිවත් විය හැකි වාතාවරණයක් ඇති කලේ කුරානය පහළ වීමෙන් පසුය. ඉස්ලාම් දහමින් කාන්තාව කොතරම් දුරට ගෞරවයට පාත්‍ර කොට ඇතැයි කිවහොත් කුරානයේ එක් පරිජ්ජේදයක් "අන් නිසා" හෙවත්  "කාන්තාව" ලෙස නම් කොට තිබේ.

කුරානය පහළ වීමට පෙර කාන්තාවන් හට දේපල උරුමය තිබුනේ නැත. එය ඇමරිකාව ඇතුළු යුරෝපිය රටවල් වලත් දක්නට ලැබුණු තත්වයකි. එම තත්වය ඇමරිකාව ඇතුළු යුරෝපිය රටවල් වල වෙනස් කරනු ලැබුවේ විශාල අරගල කිරීමෙන් පසු නඩු මගට බැස 7 වන සිය වසේදී ය. එහෙත් ඒ වන විට කුරානයෙන් කාන්තාවන් සඳහා බොහෝ අයිතිවාසිකම් ලබා දී අවසානය. 

ඇතැම් අය පෙන්වීමට උත්සාහ කරන්නේ මුස්ලිම් කාන්තාවන්ගේ ෆර්දාව නිසා ඔවුන්ගේ අයිතිවාසිකම් සිමා වන බවයි. එහෙත් ඇත්ත වශයෙන්ම සිදු වන්නේ ෆර්දාව නිසා කාන්තාවන්ට ගෞරවයක් සහ ආරක්ෂාවක් ලැබීමය. ඇත්ත වශයෙන්ම මුස්ලිම් කාන්තාවන්ට අලංකාර ඇඳුම් ඇඳීමට කිසිම තහනමක් නැත. එහෙත් එය වැරදි තැන් වල ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර නොදෙන්නේ ඔවුන්ගේම ආරක්ෂාව සඳහා ය.

ඉස්ලාම් නොවන ඇතැම් අය සිතන්නේ මුස්ලිම් කාන්තාවන්ව විවාහ කර දීමේදී ඔවුන්ගේ කැමැත්ත නොගෙන දෙමව්පියන්ගේ අවශ්‍යතාවයට එය සිදු කරන බවයි. එහෙත් එහි සත්‍යතාවයක් නැත. කුරානයට අනුව කාන්තාවක් විවාහ කර දීමේදී ඇයගේ අනුමැතිය ගෙන තිබය යුතුය. එහෙත් කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විවාහයේදී භාර කරුවන්ගේ අවසරය තිබිය යුතුය.. එවැනි ක්‍රමයක් නොතිබුනේ නම් කාන්තාවන් පුරුෂයින්ගේ රැවටීම් වලට ගොදුරු විය හැකිය. මුස්ලිම් නොවන සමාජ වල බහුල වශයෙන් කාන්තාවන් පුරුෂයින්ගේ රැවටීම් වලට හසු වනු දැක ගත හැකිය.

මුස්ලිම් නොවන සමාජවල දැවැද්ද හේතුවෙන් බොහෝ කාන්තාවන් විවාහ වීමට නොහැකිව කල් මරන්නේය. තවත් විටෙක දෑවැදි ප්‍රශ්නය නිසාම ප්‍රශ්චාත් විවාහ ගැටළු පැන ගනින්නේය. එහි ප්‍රතිපලයන් ලෙස දික්කසාදයන් පවා සිදු වේ. මෙවැනි තත්වයන් වැළැක්වීම සඳහා ඉස්ලාම් දහමින් පිරිමින් ගන්නා දෑවැද්ද වෙනුවට මනාලිය වෙනුවෙන් දෑවැද්ද නොහොත් 'මහර්' (මනාලයා විසින් මනාලියට ගෙවිය යුතු දීමනාව) ගෙවීම අනිවාර්ය කොට ඇත. එවැනි නියෝගයක් කුරානයේ හැර වෙන කිසිම දහමක දැකිය නොහැක. 

මුස්ලිම් නොවන සමාජවල දික්කසාද වීම ඉතා දුෂ්කර කාර්‍යයකි. මේ නිසා මුස්ලිම් නොවන කාන්තාවක් දික්කසාද වීමට විශාල මුදලක් වැය කරමින් දීර්ඝ කාලයක් බලා සිටිය යුතුය. එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන්ට නැවත විවාහ වීමට අවශ්‍ය නම් සෑහෙන කාලයක් බලා සිටීමට සිදුවේ. එහෙත් ඉස්ලාම් දහම තුල මෙම තත්වය දැකිය නොහැක. 

මෙම කරුණු වලට අමතරව මුස්ලිම් කාන්තාවක් සඳහා අධ්‍යාපන අයිතිය, රැකියාවක් කිරීමේ අයිතිය, තීරණ ගැනීමේ අයිතිය ඇතුළු බොහෝ මානව අයිතීන් ලබා දී තිබේ. ඇත්ත වශයෙන්ම කිවහොත් මුස්ලිම් නොවන කාන්තාවකට වඩා වැඩි ආරක්ෂාවක් සහ මානව අයිතීන් මුස්ලිම් කාන්තාවකට ලබා දී තිබේ. කෙසේ වෙතත් මුස්ලිම් කාන්තාවකට අඩ නිරුවතින් පාර තොටේ ගමන් කිරීමට හෝ වෙළඳ දැන්වීම් සඳහා අඩ නිරුවත් කාන්තා රුප යොදා ගැනීමට හෝ අවසර ලැබෙන්නේ නැත. එය ඉස්ලාම් දහමින් පමණක් නොව ශිෂ්ඨ සම්පන්න ඕනෑම කෙනෙක් අනුමත කරනු ඇත.

By Fasy Ajward B.Sc(PhysicsSpecial)Hons,Japura,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.
Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

අල්ලාහ් කවුද? (Who is Allah?)

අලුත් අවුරුදු සැමරීම ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? (What does Islam say about celebrating New Years?)

ඉස්ලාම් දහම තුල ඉවසීම වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ඇයි? (Why is patience highly valued in Islam?)