Posts

ඉස්ලාම් භීතිකාව (Islamophobia)

Image
ඉස්ලාම් භීතිකාව යනු සාධාරණ හේතුවක් නොමැතිව ඉස්ලාම් දහම කෙරෙහි දක්වනු ලබන බිය සහ පිළිකුල වේ. ලෝකයේ බොහෝ ආගම් තිබියදී ඉස්ලාම් ආගම ගැන පමණක් භීතිකාවක් මවාගෙන තිබෙන්නේ ඉන් බොහෝ අයට වැරදි කිරීමට තිබෙන අවස්ථා ඇහිරී යන නිසාය. මේ හේතුවෙන් ඇතැම් අය තම පෞද්ගලික වාසි සඳහා ඉස්ලාම් භීතිකාවක් නිර්මාණය කරන්නේය. ඒ අනුව දේශපාලකයින් තම ගොඩ වැඩිකර ගැනීම සඳහාද ව්‍යාපාරිකයින් ඔවුන්ගේ සාමාජික පිරිස වැඩිකර ගැනීම සඳහාද ඉස්ලාම් භීතිකාව කරලියට ගෙන එන්නේය.  කුරානයයෙන් ලබා දී ඇති මිනිස් අයිතිවාසිකම් ඇතැම් අයට අවාසි වන නිසා එදා සිටි ජනතාව නබිතුමාට විරෝදය පා තිබේ. උදාහරනයක් ලෙස නබිතුමා උපදින විට කාන්තාවන්ට මිනිස් අයිතිවාසිකම් තිබුනේ නැත. එහෙත් කුරානයෙන් ඔවුන්ට පිරිමින්ට මෙන් සම අයිතිවාසිකම් ලබා දුන්නේය. එය කුරෙයිෂ් වරුන්ගේ අප්‍රසාදයට හේතුවක් විය. තවද ඉස්ලාමයට පෙර ධනවතුන් විසින් දුගී ජනතාව පාගාගෙන ජිවත් විය. එහෙත් කුරානයෙන් සැමට එක සමාන අයිතිවාසිකම ලබා දුන්නේය. එය කුරෙයිෂ් වරුන්ගේ අප්‍රසාදයට හේතුවක් විය. තවද කුරානයෙන් පොලිය තහනම් කොට ඇත. එය පොළී මුදලාලිලාගේ අප්‍රසාදයට හේතුවක් විය. එසේම ඉස්ලම දහමින් මත්පැන් ...

මිනිසාව නිර්මාණය කිරීමේ අරමුණ කුමක්ද? (What is the purpose of creating man?)

Image
යම් කිසි උපකරණයක් නිෂ්පාදනය කිරීමේ අරමුණ දන්නේ එහි නිෂ්පාදකයාට ය. එසේම මිනිසාව මැවීමේ අරමුණ  දන්නේ ඔහුගේ මැවුම් කරුටය. තවද යම් උපකරණයක් නිසි ලෙස ක්‍රියා කිරීමට නම් ඒ සමග එන අත්පොත පිළිපැදිය යුතුය. මේ ආකාරයටම මිනිස් ජීවිතය ජය ගැනීමට නම් දෙවියන් ලබා දී ඇති මාර්ගෝපදේශය පිළිපැදිය යුතුය. කෙසේ වෙතත් යම් උපකරනයකින් එහි අරමුණ කිසිසේත්ම ඉටු නොවේ නම් එය නැවත ප්‍රතිචක්‍රීකරණය කරනු ලැබේ. එසේම මිනිසාව මැවූ අරමුණ ඉටු නොවන්නේ නම් නිරයට දමන්නේය.  මිනිසාට යහ මග පෙන්වීම සඳහා දහම් පණිවිඩ රැගත් බොහෝ නබිවරුන් මෙලොවට පැමිණ තිබේ. ආදම්, නුහ්, හුද්, ඉද්රිස්, ඉබ්‍රාහිම්, ඉස්මායිල්, ඉස්හාක්, මුසා, ඊසා, මුහම්මද් (ඔවුන් සියල්ලෝම කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) යන අය එසේ පැමිණි ඇතැම් නබිවරුන් ය. මුහම්මද් නබිතුමාට පහළ වූ අල් කුරානයත් සමග දෙවියන් පහළ කරන ලද දහම් පණිවිඩය සම්පුර්ණ වන්නේය.  අල් කුරානයේ මිනිසාව මැවූ හේතුව මෙසේ සඳහන් වේ.  "ජින්වරුන්ව සහ මිනිසුන්ව මාව නැමදීමට මිස මැව්වේ නැත"  (කුරානය 51:56). තවද මරණයෙන් පසු මිනිසාව ප්‍රශ්න කිරීම සඳහා නැවතත් දෙවියන් වෙතම කැඳවන බව කියැවේ.  "නුඹ...

ඉස්ලාමයේ හලාල් සහ හරාම් සංකල්පය (Halal and Haram concept in Islam)

Image
ෂරියා නීතියෙන් අවසර ලබා දී තිබෙන සියලුම දේවල් හලාල් ලෙසද ඊට විරුද්ධ දේවල් හරාම් ලෙසද සලකනු ලැබේ. මිනිස් පරිබෝජනයට සුදුසු දේවල් සම්බන්දයෙන් අල් කුරානය මෙසේ පවසයි.  "මිනිසුනි! මිහිපිට ඇති අනුමත කරනු ලැබූ පිරිසිදු දේවල් පමණක් අනුභව කරනු, සාතන්ගේ අඩිපාර පිලි නොපදිනු. නියත වශයෙන්ම ඔහු නුඹලාගේ ප්‍රකට සතුරෙකු වේ" (කුරානය 2:168). තවද මිනිස් පරිබෝජනයට සුදුසු නොවන දේවල් සම්බන්දයෙන් කුරානය මෙසේ පවසා ඇත.  "ඉබේම මළ දෑ, රුධිරය, සුකර මාංශ, අල්ලාහ් නොවන්නන් වෙනුවෙන් ඝාතනය කරනු ලැබූ සතුන් ආදිය නුඹලාට තහනම් කර ඇත. තවද බෙල්ල මිරිකනු ලැබීමෙන් මළ දෑ, පහර කෑමෙන් මළ දෑ, උස්තැනක සිට වැටීමෙන් මළ දෑ, අං වලින් අනිනු ලැබීමෙන් මළ දෑ, වනසතුන් සපා කෑමෙන් මළ දෑ යනාදියද (තහනම් කර ඇත) " (කුරානය 5:3). මින් අදහස් කරනු ලබන්නේ සෞඛ්‍ය සම්පන්න ජිවිතයකට මග පෙන්වීම වේ.  ඉබේ මල සත්වයින්ගේ ශරීරයේ ඇති රුධිරය මෙන්ම එම මාංශ අහාරය පිණිස සුදුසු නොවන්නේ එහි තිබිය හැකි විෂබීජ නිසාය. එසේම සුකර මාංශ වල ඇති පට් පටිපනුවන් නිසා නොයෙකුත් භයානක ලෙඩ රෝග වැළඳිය හැකිය. තවද එහි ඇති මේදය නිසා රුධිර නාල වල අවහිරතා ඇති විය හැ...

ඉස්ලාම්, ආදම් තුමා පටන් මුහම්මද්(ﷺ) තුමා දක්වා (Islam, from Adam to Muhammad (ﷺ))

Image
ඉස්ලාම් ආගම ආරම්භ වන්නේ ආදම් තුමාට පහළ වූ අනපනත් වලින් ය. එය නිමා දකින්නේ මුහම්මද් නබි තුමා හට පහළ වූ කුරනයත් සමග ය. මෙම නබිවරුන් දෙදෙනා අතර කාල පරිජ්ජෙදය තුලදී සිය දහසකට වඩා වෙනත් නබිවරුන් මෙලොවට පැමිණියෝය. මේ සෑම නබිවරයෙකුම දේශනා කලේ අල්ලාහ් දෙවිඳුන්ගෙන් පහළ වූ ඉස්ලාම් දහමයි. එසේ තිබියදී මිනිසා විසින්ද ඇතැම් දර්ශන ඉදිරිපත් කොට ඒවා ඔවුන්ගේ ආගම ලෙස පිළිගෙන තිබේ. එහෙත් එවැනි දහමක් පිලිපැදීමෙන් මිනිසාට මිනිසාගේ මැවුම්කරු වන අල්ලාහ් වෙත ලඟා විය නොහැක. මිනිසාව මැවූ අල්ලාහ් දෙවිඳුන් මිනිසාගේ සෑම උවමනාවක්ම ඉටු කරන අතර මිනිසාට යහ මග පෙන්වීම සඳහා ඉස්ලාම් දහම තෝරාගෙන තිබේ. තවද එම දහම දේශනා කිරීම සඳහා ඔහුගේ විශේෂ ධර්ම දුතයින් වන නබිවරුන්ව පත් කළේය. ඔවුන් හරහා යුගයටත් දේශයටත් සරිලන පරිදි දහම් මග පෙන්වා දෙන ලදී. මේ හේතුවෙන් නබිවරයාගෙන් නබිවරයාට දහමේ නීති වෙනස් විය. උදාහරණයක් ලෙස උපවාස කිරීමේ ක්‍රම මෙන්ම සකාත් ගෙවීමේ ප්‍රමාණයන් නබිවරයාගෙන් නබිවරයාට වෙනස් වේ. කෙසේ වෙතත් ආගමේ ප්‍රධාන හරය වන අකිදා හෙවත් විශ්වාසයන් සෑම විටම නොවෙනස්ව පවතී.  .  එක් නබිවරයෙකුට පහළ වූ දහම් පණිවිඩය වලංගු වන්නේ ත...

මියගිය හදවත් වල අධ්‍යාත්මික බංකොලොත්භාවය (Spiritual bankruptcy of dead hearts)

Image
මිනිස් හදවත භෞතික මෙන්ම චිත්තවේගීය ඉන්ද්‍රියක් ලෙස සැලකිය හැකිය. එය මිනිස් සෙනෙහසේ ආසනය  ද වේ.  එමගින් මිනිසාගේ මනස, ශරීරය හා ආත්මය සම්බන්ධ කරන්නේය. අල් කුරානයට අනුව මිනිස් හදවත ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරන්නේය. ඇතැම් ඉස්ලාමිය විද්වතුන් එය ආත්මය ලෙසද  නම් කොට ඇත. ඒ අනුව හදවත අන්ද වීම මිනිසාගේ අධ්‍යාත්මික ජීවිතය විනාශයට පත් වීමට හේතුවකි. මිනිසාගේ ඇස් දෙකම අන්ද වුවත් හදවත අල්ලාහ් කෙරෙහි විශ්වාසය තුලින් ජීවමාන වේ නම් ජීවිතය ජය ගැනීමට හැකි වන්නේය.  ඇයිද යත් අධ්‍යාත්මික හදවත අන්ද වූ කෙනෙකුට කොපමණ උපදෙස් දෙනු ලැබුවත් ඉන් ප්‍රයෝජනයක් අත් නොවන නිසාය. හදවත අන්ද වීමට ප්‍රධාන වශයෙන් බල පාන්නේ මිනිසා කරන අකුසල් ක්‍රියාවන් වේ.  මිනිස් ආත්මය අශ්වාරෝහකයෙකුට උපමා කළ හැකිය. ඒ අනුව  අශ්වාරෝහකයා ශක්තිමත් වන තරම අනුව අශ්වාරෝහකයාට  අශ්වයා හැසිරවිය හැකි වන්නේය.  ඒ අකාරයටම  ආත්මය ශක්තිමත් වන තරම අනුව  මිනිසාට නිවැරදි මාර්ගයේ ගමන් කිරීමට හැකි වන්නේය. එසේ තිබියදී  අද බොහෝ අය...

ජ්‍යෝතිෂ්‍ය පිලිබඳ ඉස්ලාමිය මතය (Islamic view on astrology)

Image
ජ්‍යෝතිෂ්‍ය පිලිබඳ විශ්වාසය ඉස්ලාම් දහමින් මිත්‍යා විශ්වාසයක් ලෙස බැහැර කරන්නේය. ඒ අනුව හඳහන් බැලීම, නැකැත් බැලීම, සාස්තර බැලීම වැනි මිත්‍යා විශ්වාසයන් ඉස්ලාම් දහම තුල දැකිය නොහැකිය.  මුස්ලිම්වරයෙකු අල්ලාහ් දෙවිඳුන් කෙරෙහි පමණක් පුර්ණ විශ්වාසය තැබීම අනිවාර්ය වේ. ඒ අනුව කෙනෙකුට සිදුවන යහපත හෝ අයහපත අල්ලාහ්ගේ කැමැත්තට අනුව සිදුවන බව විශ්වාස කිරීම ඉස්ලාමීය විශ්වාසයේ ප්‍රධාන මුලධර්මයකි. ග්‍රහ වස්තුවලින්ගේ බලපෑම නිසා කෙනෙකුට හොඳක් හෝ නරකක් සිදුවන බව විශ්වාස කිරීම ඉස්ලාමිය ඉගැන්වීමට සපුරා පටහැනි වේ. ජ්‍යෝතිෂ්‍යවේදය බිහි වන්නේ කුරානය පහළ වීමට බොහෝ කාලයකට පෙරය. එනම් ක්‍රි.පු. 2000 දී පමණ ය. තවද එහි උපත සිදු වන්නේද අරාබියාව තුල නොවේ. මුල් අවදියේදී එය ඉන්දියානුවන්, චීන්නුන්, සහ මායා වරුන් අතර ප්‍රචලිතව තිබුනත් පසු කාලයේදී මෙසපොතේමියාව, ග්‍රීසිය රෝමය වැනි රටවල් වලට පැතිර ගියේය.  ජ්‍යෝතිෂ්‍යවේදය ප්‍රතික්ෂේප කරන්නේ ඉස්ලාම් දහමින් පමණක් නොව එය නවීන විද්‍යාවෙන්ද ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඒ අනුව නවීන විද්‍යාවේ දියුණුව නිසා ජ්‍යෝතිශ්ශාස්ත්‍රය විශාල පසුබෑමකට ලක් විය. මෙම ප්‍රතික්...

ඉස්ලාමයේ අනිවාර්ය වගකීම් සහ විශ්වාසයන් (Mandatory Responsibilities and Beliefs in Islam)

Image
ඉස්ලාම් දහමෙහි විශ්වාසය සම්බන්ද මුලික ප්‍රස්තුතයන් හයක් තිබේ. ඒවා සම්බන්දයෙන් අල් කුරානය සහ නබිතුමාගේ හදිස් වලින් පැහැදිලිකිරීම් සිදු කොට ඇත. පහත දැක්වෙන්නේ එම කරුණු හය වේ.  අල්ලාහ් කෙරෙහි විශ්වාස කිරීම දේවදුතයින් ගැන විශ්වාස කිරීම අල්-කුරානයට පෙර පහළ වූ ආගම් ගැන විශ්වාස කිරීම  දහම් දෙසීමට පැමිණි නබිවරුන් ගැන විශ්වාස කිරීම විනිශ්චය දිනය ගැන විශ්වාස කිරීම.  දෙවියන්ගේ කැමැත්ත අනුව හොද-නරක සිදුවන බව විශ්වාස කිරීම අල්ලාහ් ගැන විශ්වාස කිරීම: අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නැති බව ඉස්ලාමයේ මුලික විශ්වාසය වේ. අල්ලාහ් සම්බන්දයෙන් ඉතා සංශිප්තව මෙසේ අර්ථ දක්වා තිබේ. "පවසනු! අල්ලාහ් (කිසිමදෙයකට සම නොවන) එක්කෙනෙකි. අල්ලාහ් ස්වයංපෝෂිතයා ය. ඔහු (කිසිවෙකුව) ප්‍රසුත කලේ නැත, කිසිවෙකුගෙන් ඔහු ප්‍රසුත වුයේද නැත. තවද ඔහුට සමාන කිසිවෙකුත් නැත" (කුරානය 112:1-4). මෙම අර්ථ දැක්වීම අනුව ඔහුට සමාන වෙනත් කිසිම දෙවි කෙනෙකු නැත. ජේසු තුමා හෝ වෙනත් සාස්තෘ වරයෙක් දෙවියන්ගේ තත්වයට පත් විය නොහැක්කේ ඔවුන්ට ඉපදීමක් සහ මරණයක් තිබෙන නිසාය. තවද ඔවුන්ට සමාන තවත් බොහෝ අය සිටින්...